Chapter 3

253 41 2
                                    

ජංකුක් action movies වලට ආස නිසා රාමේන් එකත් අරන් TV room එකට ගියේ ජංකුක් ආසම movie එක (Assassin's Creed) බලන්න.ජංකුක් movie එක ප්ලේ කරලා ඉඳගද්දිම ගෙදරට කවුරු හරි ආවා කියලා තේරුණ නිසා රාමේන් එක තියලා ආවේ කවුද කියලා බලන්න ගියා.

"ආහ්..පුතා අද පරක්කු නිසා මං හිතුවේ ගෙදර එන්නේ නැති වෙයි කියලා.ඒත් call එකක්වත් ඇවිල්ලා තිබ්බේ නැති නිසා මං කෝකටත් කියලා කෑම හැදුවා"

ජංකුක්ගේ අයියා , එයාගෙ gf එක්ක ඇවිත් ඉන්නවා දැක්ක නාරි එහෙම කියනකොට ජංකුක් එතනට ආවා.

"හලෝ කොහොමද අක්කේ...."

"ආ මෙයා අද ගෙදර පරක්කු වෙලා ආවා කියලා ආරංචියක් ආවා.ඇත්තද?"

ජංකුක්ගේ අයියා ඒ කියන්නේ ජූ වොන් ජංකුක් දිහා බලලා එහෙම අහද්දී ජංකුක්ගේ හිනාව අතුරුදහන් උණා.

"අයියා කොහමද දන්නේ මම පරක්කු වෙලා ආවා කියලා.Sure තාත්තගෙන් දැනගන්න ඇත්තේ."

"ඔයා එහෙම හිතන්නකෝ.ඒක නෙමේ, කෝ අම්මේ තාත්තා."

"තාත්තා කාමරේ ඇති.තාත්තට මේ දවස්වල හරියට වැඩනේ.අනිත් එක අර මනුස්සයා තාම තාත්තට ණය සල්ලි දෙන්න බෑ කියනවලු.අනේ මන්දා....මට නම් තෙරෙන්නේ නෑ මෙයාගේ ගණුදෙනු"

"හරි හරි ඒවා පස්සෙ කතා කරමු.දැන් අයියයි අක්කයි එන්නකෝ ඇතුළට.අපි හිමීට කන ගමන් කතා කරමු"

ජංකුක් කියපු නිසා ජූ වොන් , ඊසුල් (ජූ වොන්ගේ gf) ජංකුක් එක්ක dining room එකට ගියා.

"ඉතින් කොහොමද ජංකුක්.ලඟදි නරක වැඩක් කරා කියලා අයියා මට කිව්වා"

"ආහ්හ්හ්....ම්ම්..මේ......ඒක මේ....කම්මැලි නිසා......"

"කම්මැලි නිසා?ඇයි කම්මැලි කමට කරන්න තියෙන්නේ ඕවා විතරද?"

ජූ වොන් ජංකුක් දිහා තරහෙන් බලන ගමන් එහෙම කියද්දී,

"හරි හරි ඉතින්.පොඩි වයසට ඔහොම තමයි.ඕක එච්චර ලොකු දෙයක් නෙමෙයිනෙ"

ඊසුල් ජංකුක්ගේ පිට ආදරෙන් අතගාන ගමන් ජූ වොන්ට එහෙම කිව්වා.

"කරත් එහෙම කරනවද?අපේ permission එකක් නැතුව?අනිත් එක කී දවසක්ද මෙයා මේ වැඩේ කරලා තියෙන්නේ.අර මනුස්සයට මේක අහු උනේ නැත්තන් මෙයා ඔයිටත් වඩා දේවල් කරලා...."

𝚈𝙾𝚄𝙽𝙶 𝙻𝙾𝚅𝙴 |.𝚃𝙰𝙴𝙺𝙾𝙾𝙺.|Where stories live. Discover now