Chapter 10

136 23 0
                                    

හුවාන් ඇවිත් ජංකුක්ව ඇහැරවනකන් ජංකුක් හිටියේ හොඳ නින්දක.හුවාන් ජංකුක්ගේ කම්මුලට තට්ටු දෙක තුනක් දීලා ජංකුක්ව ඇහැරුවා.

"හ්..හ්ම්ම්ම්ම්ම්...ම්ම්ම්..ඇයි?...මොකද?"

ජංකුක් ඇස් දෙකත් පොඩි කරන ගමන් couch එකේ ඉඳ ගත්තා.

"උබේ අම්මා කියන්නේ ඇත්තද?උබ බය වෙලා ඇඬුවද?"

හුවාන් එහෙම අහද්දී මූන රතු කර ගත්ත ජංකුක්,

"පි....පිස්සුද?මම මොකටද බය වෙන්නෙ?"

"හහ්....මම උබේ හැසිරීමෙන් දන්නවා උබ කියන්නේ බොරු කියලා..අපරාදේ..මං ඇයි එවෙලේ හිටියේ නැත්තේ?"

හුවාන් වේගෙන් ඇස් පිල්ලන් ගගහා සිවිලිම දිහා බලන් එහෙම කිව්වම ජංකුක් හුවාන්ගේ ඔලුවට පාරක් දුන්නා.

"හැමදේම විහිලුවට ගන්න එපා බල්ලෝ...මම මේ serious කියන්නේ....මට එවෙලේ හිතා ගන්න බැරි උනා මට මොකද උනේ කියලා.ඒක හරි අමුතුයි."

ජංකුක් බිම බලාගෙන එහෙම කිව්වේ ඒක මතක් වෙද්දිත් අමුතු බයක් ජංකුක්ගේ හිතට ආපු නිසා.

"උබ ඉන්නේ නම් දාහකට ගහන්න වගේ..මං අදයි දන්නේ උබ යක්කුන්ටත් බයයි කියලා."

"මොකා?යක්කුන්ට?මම කවදාවත් උන්ව දැකලත් නෑ ඕයි!!අනිත් එක මොන රෙද්දකටද උන්ට බය වෙන්නේ...?විකාර."

"නෑ ආන්ටි කිව්වා උබ මොනවට හරි බය වෙලා කියලා..උබ ඉතින් තාත්තට ඇරෙන්න බය යක්කුන්ට වෙන්න ඇති කියලා මට හිතුනා..මං වැරදිද?"

"ඔව්....උබ වැරදියි...මං එවෙලේ බය උනේ යක්කුන්ට නෙමේ...උබට තේරෙන්නේ නෑ මං කියන දේ..මං ඒක තේරුම් කරන්න දන්නෙත් නෑ."

"ඔව් මට කොහොමත් උබ කියන කිසි දෙයක් තේරෙන්නේ නෑ..අනිත් එක ඕක දැන් අමතක කරපන්....හිතේ තියාගෙන ඉන්න එපා.."

හුවාන් එහෙම කියද්දී ජංකුක් එකපාරට බැලුවේ හුවාන් දිහා,හුවාන්ගේ ඇස් දිහා.

"මොකද උබ ඔහොම බලන්නේ?"

"නෑ උබලා ඔක්කොම කියන්නේ එකම දේ...."

"මොකද්ද ඒ උබ කිව්වේ?ඔක්කොම කිව්වේ?"

"නෑ නෑ....ඒක වැඩක් නෑ.....මට කියපන් දැන් අම්මා කෝ කියලා."

𝚈𝙾𝚄𝙽𝙶 𝙻𝙾𝚅𝙴 |.𝚃𝙰𝙴𝙺𝙾𝙾𝙺.|Where stories live. Discover now