Chapter 15

121 16 0
                                    

____________________________________________________________

To my readers,

විශේෂ දෙයක් කියන්න තියෙනවා...ඒ තමයි Chapter 11 තියෙන ජොන්ගෙයි අර මනුස්සයගෙයි සිද්ධිය....ඒකේ දෙබස් ටිකක් වෙනස් කරන්න උනා...මොකද මට ඒ දෙන්නගේ සිද්ධිය පොඩ්ඩක් පැටලුනා...ඔයාලා පොඩ්ඩක් ඒක ආයිත් කියවලා තේරුම් ගන්න..ඒක ආයිත් කියෙව්වේ නැත්තන් Chapter 15 තියෙන සිද්ධිය එක්ක ඒක පොඩ්ඩක් මඤ්ඤං වගේ වෙයි...ඔක්කොම සිද්ධි හරියට connect වෙලා තියෙන්න ඕන නිසා මම ඒක වෙනස් කරා.මේක කරේ 2023.09.03..ඒ නිසා අලුතින් කියවන අයට ප්‍රශ්නයක් නැහැ.මේ note එක දැම්මේ 09.03 වෙනිදට ඉස්සෙල්ලා chapters ටික කියවපු අයට.ඒක නිසා අනිවා chapter 11 තියෙන ඒ සිද්ධිය කියවලා එන්න.........

____________________________________________________________

ටේහ්‍යොන්ග් ජංකුක්ව bench එක ලඟට අරන් ඇවිත් එතනින් ඉන්දවලා ජංකුක්ගේ අත උඩින් කෑම පෙට්ටිය තිබ්බා.ජංකුක් ඒක ඇරලා බලලා,

"කිම්චි.....?"

"හ්ම්...කාලා බලන්නකෝ..."

ටේහ්‍යොන්ග් කෑම පෙට්ටියට අත දික් කරලා එහෙම කිව්වම ජංකුක් එකක් කටේ දාගත්තා.රස වැඩි නිසාමද කොහෙද ජංකුක්ගේ ඇස් දෙකත් ලොකු උනා.

"ම්ම්ම්ම්ම්......වාව්...මාර රසයිනේ....අපේ තාත්තා එක දවසක් කඩේකින් ගෙනාපු කිම්චි කෑවට පස්සේ මෙච්චර රස එකක් කෑවමයි..මගේ තරහත් නිමිලා ගියා.."

"හ්ම්ම්..ඒකනේ...ආහ්..ජංකුක්ගේ අම්මා ඕවා හදන්නේ නැද්ද .?"

ජංකුක් තව කෑල්ලක් කටේ දා ගන්න ගමන් ටේහ්‍යොන්ග් දිහා බලලා,

"ම්ම්..හදනවා හදනවා....මං එච්චර කිම්චි කන්න ආස කෙනෙක් නෙමේ..ඒත් මේවා..ම්ම්..ඇත්තටම කිව්වොත් අපෙ අම්මගේ කිම්චි වලට වඩා මේවා නම් පට්ට රසයි..."

ජංකුක් එහෙම කිව්වම හිනා උන ටේහ්‍යොන්ග් ජංකුක් ලඟින් ඉඳගත්‍තා.

"ඔය කිම්චි හැදුවේ මම..මං හදන නිසා වෙන්න ඇති ඕකේ එච්චර ලොකු රසක් මට එන්නේ නෑ.."

ටේහ්‍යොන්ග් කියපු දේට ඇස් දෙකත් ලොකු කරගත්ත ජංකුක් ටේහ්‍යොන්ගේ පැත්ත හැරිලා,

𝚈𝙾𝚄𝙽𝙶 𝙻𝙾𝚅𝙴 |.𝚃𝙰𝙴𝙺𝙾𝙾𝙺.|Where stories live. Discover now