ඇල්ෆා !! "
ලී වලින් තනලා තිබුනු පුංචි සැපපහසු ඔෆිස් රූම් එකට වෙලා ෆයිල් එකකට තමන්ගේ සම්පූර්න අවධානේ දීලා හිටපු ඇල්ෆා තමන්ගේ අවධානේ දොර දිහාවට යොමු කරේ එතනට ආව බීටා කෙනෙක්ගේ කටහඩ නිසා..
"ඇල්ෆා !! "
මූන් ලයිට් පැක් එකේ බීටා කෙනෙක් ඇල්ෆව හම්බවෙන්න ඕනේ කියනවා !!
පුලුවන් තරම් ඉක්මනට !!
ඒ බීටා ඉන්නේ හොදටම තුවාල වෙලා !!".එක පිට එක හුස්ම ගන්න ගමන් ආව බීටා කියලා දාද්දි ඒක අහපු ඇල්ෆා ජියෝන් අතේ තිබුනු ෆයිල් එකත් මේසේ උඩට විසිකරලා පුලුවන් තරම් ඉක්මනින් දුවගෙන යන්න ගියේ පැක් හවුස් එකේ මේන් ගේට් එක ලගට..
" ඇල්ෆා ජන්ගුක් !! "
මේ..මේක ඔබතුමා අතටම අපේ ඇල්ෆා දෙන්න කිව්වා !! "බිම වැටිලා හිටපු බීටා අමාරුවෙන් එහෙම කිව්වේ ජන්ගුක් එයා ලගට එනකොටමයි.
" මොකද මේ !!
මොකක්ද වුනේ !!
මූන්ලයිට් පැක් එකට කරදරයක්ද ?! "බීටා දික්කරපු ලේ තැවරිලා තිබුනු ලියමන අතට අතගත්තු ජන්ගුක් බිම දනගහගෙනම එහෙම ඇහුවා..
" අ...අ-පිට...ඇ !!"
අමාරුවෙන් වචන අහුලන් කතාකරන්න හදපු බීටා එතනම බිම වැටෙද්දි ජන්ගුක් කිව්වේ පුලුවන් තරම් ඉක්මනට එයාව පැක් හවුස් එකේ නර්සින් රූම් එකට අරන් යන්න කියලා...
ඒ කරලා තමන්ගේ අතේ තිබුනු ලේ ගෑවුනු ලියමන දිග ඇරපු ජන්ගුක් ඒකේ තිබුනු වෙව්ලලා ගියපු අපැහැදිලි අකුරු එකින් එක ගැටගහමින් ලියමන කියවන්න පටන් ගත්තා.._________________________________________
"ජියෝන් ජන්ගුක් වන මම කිම් තේහි වන මැයව දිවි හිමිතෙක් රැකගන්නට පොරොන්දු වෙනවා !! "
සාමාන්‍ය මෙරූන් කලර් ඔෆිස් කිට් එකකින් සැරසිලා හිටපු ජන්ගුක් තමන්ගේ ඉස්සරහ හිටගෙන ඉන්න එල්ඩර් කීවයින් පස්සේ එහෙම කිව්වේ ඕනවට එපාවට !!
"කිම් තේහි වන මම ජියෝන් ජන්ගුක් වන මොහුව දිවිහිමිතෙක් රැකගන්නට පොරොන්දු වෙනවා !! "
සුදු පාට බිමටම දික්වුනු ගවුමකින් සැරසිලා හිටපු තේහි නම් ඒ පොරොන්දුව දුන්නේ හදවතින්මයි.ඒ අතරේ තමන්ට එහාපැත්තේ හිටගෙන ඉන්න ජියෝන් ජන්ගුක් දිහාත් බැල්මක් පාන්න කෙල්ල අමතක කලේ නෑ.
YOU ARE READING
THE REAL ONE !! JJK (completed)
Werewolf"හහ්... ටේහියුන්ග් ගේ නංගි කිව්වම මන් හිතුවේ ඌ වගේම උඹ අවංක එකියක් වෙන්න ඇති කියලා! හහ් මට වැරදිලා!! තමුන් මහ නැහැදිච්ච, ජරා එකියක්!! ලැජ්ජ නැද්ද තමුසෙට!!! " ජංගුක්ගෙ නහර පිරුනු ලොකු අතක් නැවතුනේ තේහිගෙ කම්මුලක...