ගුඩ් මෝ(ර්)නින්ග් තේහි !! "
කැලේ මැද්දේ කට්ටිය එක්ක හිටපු ජින් ඈතින් එන තේහිව දැකලා එහෙම කිව්වා නෙමේ කොල්ලට කියවුනා.තාම මේට් කෙනෙක් නැතිවුනු ජින්ටත් දැනුනේ කොල්ලව තේහි දිහාවට ඇදිලා යන බවක්...
ජින්ගේ කටහඩ නිසා කතාවක හිටපු ජන්ගුක් වගේම යුන්ගි තේහි ඉන්න දිහාවක් හොයද්දියි දැක්කේ හතර වටේ ඉන්න හැම කොල්ලෙක්ගෙම අවධානේ මැද්දේ එයාලා ඉන්න තැනට ලන්වෙන කෙල්ලව.කෙල්ලනම් හිටියේ නීසූ එක්ක ලොකු කතාවක !!.."ගොඩ් මෝ(ර්)නින්ග් ඔප්පා !! "
හිස නමලා ජින්ටත් අනික් පැත්තට විශ් කරපු තේහි ජන්ගුක් දිහා නොබලා යුන්ගි දිහාවට හැරිලා පොඩි හිනාවක් එක්ක කොල්ලට හිස නමලා ආචාර කරලා එතනින් ටිකක් ඈතට ගියා."මූන්ලයිට් පැක් එකට ආව ඇටෑක් එකට පස්සේ අපි ගත්ත ආරක්ෂක විධීවිධාන හින්දා මාස එකහමාරකට පස්සෙයි අපි හැමෝම මෙහෙම එකට එකතු වුනේ !! "
ෆයිනස් ගස් වලින් වටවෙලා තිබුනු තැනක ගලක් උඩට නැගපු ජන්ගුක් එහෙම කියද්දි පැක් එකට අයිති ආරක්ෂක බීටාවරු ඇරෙන්න පන්සීයකට විතර ආසන්න පිරිස එයාලගේ ඇල්ෆගේ කතාවට සවනා දුන්නා..ඒ අතරේ ඉස්සරහම හිටගෙන හිටිය සූයා වගේම පැත්තකින් හිටන් හිටපු තේහිත් වුනා..
" කොහෙදිවත් හේතුවක් නැතුව වෘක ස්වරූපෙට හැරුනේ නැති නිසා මන් හිතනවා බ්ලූමූන් පැක් එකේ ඔයාලාට කම්මැලී ඇති කියලා !!
එහෙනම් අද දවස ඇගේ හිරි ඇරගෙන ආපහු පරිස්සමට මෙතනටම රැස් වෙමු !! "හිනාවෙලා එහෙම කියපු ජන්ගුක් ගලෙන් බිමට පනිද්දි හැමෝම හිමින් සැරේ තමන්ගේ වෘක ස්වරූපෙට හැරෙන්න පටන්ගත්තා.....
පිරිස අතර හිටපු තේහිත් වෘක ස්වරූපෙට හැරෙද්දි කෙල්ලගේ ඇගෙන් එලියක් විහිදුනේ හැමෝගෙම ඇස් කෙල්ල පැත්තට යොමු කරලා .
විහිදුනු සුදු පාට එලීයෙන් මොකුත් නොපෙනුනත් ටිකකින් අඩුවුනු ඒ එලිය අතරින් දිලිසෙන සුදුපාට වෘකධේනුවක් මතුවෙද්දි හැම වෘකයෙක්ම උඩුබුරන්න ගත්තේ එකම වෙලාවේ !!
ඒ උඩුබිරිල්ල මුලු කැලේ පුරාම දෝංකාර දුන්නා..තවමත් වෘක ස්වරූපෙට නොහැරුනු ජන්ගුක් තේහි දිහා බලන් හිටියේ හෙලවෙන්නෙවත් නැතුව !!
කොල්ලගේ ඇස් වල කලු බෝල රතුපාටින් දිලිසෙනවා !!
![](https://img.wattpad.com/cover/347260432-288-k67926.jpg)
YOU ARE READING
THE REAL ONE !! JJK (completed)
Werewolf"හහ්... ටේහියුන්ග් ගේ නංගි කිව්වම මන් හිතුවේ ඌ වගේම උඹ අවංක එකියක් වෙන්න ඇති කියලා! හහ් මට වැරදිලා!! තමුන් මහ නැහැදිච්ච, ජරා එකියක්!! ලැජ්ජ නැද්ද තමුසෙට!!! " ජංගුක්ගෙ නහර පිරුනු ලොකු අතක් නැවතුනේ තේහිගෙ කම්මුලක...