Chapter 04

289 42 0
                                    

ඒත් ජන්ගුක් !!
මම මේක ඇන්දනේ !! "

" ඒකට කමක් නෑ ඉක්මනට ගලවල දෙනවා !! "

ජන්ගුක් කෙල්ලට පිටුපාලා හිටගනිද්දි නීසූ ගෙනත් තිබුනු ගවුම ඇදගත්තු තේහි කොල්ලගේ පිටට තට්ටුවක් දාලා ෂර්ට් එක ජන්ගුක් දිහාවට දික්කරා..

_________________________________________

"යාලුවෝ නොහිටපු මට උබ තමයි හිටපු හොදම යාලුවා .."

කාමරේ ඇද උඩ ඉදගෙන තේහියුන් ජන්ගුක්ට ලියලා තිබුනු ලියමන ආපහු වතාවක් කියවපු ජන්ගුක් ගියේ එයාලගේ අතීතෙට !!
ඉස්සර දෙන්නම නර්සරි යන කාලේ ඉදන්ම රන්ඩු වුනු හැටි ,ගහ ගත්තු හැටි ඒ තමයි කොල්ලගේ ජීවිතේ ලස්සනම මතක !!
හැමදාම රන්ඩු පටන් ගත්තෙත් ජන්ගුක් ගහගන්න පටන්ගත්තෙත් ජන්ගුක් .තේහියුන් කරේ ඒ හැමදාම ජන්ගුක් එයාට ඕන දෙයක් කරනකන් ඔහේ බලන් හිටපු එක !!
තේහියුන්ට ඕනේ උනේ යාලුවෙන්න !!
ජන්ගුක්ට ඕනේ උනෙත් යාලුවෝ වෙන්න !!
ඒත් කොල්ලගේ ගෙදර කට්ටිය එහෙම වෙන්න තිබුනු එක නැතිකරලා දැම්මා..
එයාලා විශ්වාස කරා දැනට ඉන්න බලවත්ම පැක් එකක් වුනු මූන් ලයිට් පැක් එකේ ඇල්ෆා එක්ක ජන්ගුක් යාලුවුනොත් මූන්ලයිට් පැක් එකත් තමන්ගේ යටතට අරගෙන බලවත් වෙන්න තිබුනු අවස්තාව නැතිවෙනවා කියලා !!
ඒත් අන්තිමේදී තේහියුන්ගේ හිතේ ජන්ගුක් ගැන තිබ්බ යාලුකම නිසාම මූන්ලයිට් පැක් එකත් දැන් ජන්ගුක්ගේ යටතට පත්වෙලා..
සති කිහිපයකට කලින් සිද්ධ වුනු ප්‍රහාරයත් එක්ක පැක් එකේ ගොඩ දෙනෙක් ජීවිත වලින් සමුඅරන් තිබුනා..
ඉතුරු වුනු ටිකදෙනත් පැක් හවුස් එක අවට තිබුනු තමන්ගේ ගම්මානය හැරදාලා ගියේ ජන්ගුක් නිලවශයෙන් පැක් එකේ ඇල්ෆා වුනායින් පස්සෙයි !!
මූන්ලයිට් පැක් එකේ තිබුනු හැම දේපලකම අයිතිය දැන් ඇල්ෆා ජන්ගුක්ගේ අතේ !!

එකපාරටම බාත්රූම් එකේ දොර ඇරෙනවා ඇහෙද්දි කොල්ලා ඒ පැත්ත බැලුවේ පුදුමයෙන් !!
මොකද කොල්ලා දැනන් හිටියේ නෑ බාත්රූම් එකේ කවුරුත් හිටපු වගක් !!
කොල්ලගේ නාස්පුඩු අතරට සියුමැලි ජැස්මින් සුවදක් ආවත් එයා ඒක ගනනකට නොගත්තේ දවස් දෙකක ඉදන් කාමරේට එනකොටම දැනෙන ඒ සුවද සාමාන්‍ය දෙයක් වුනු නිසා..

THE REAL ONE !! JJK (completed) Where stories live. Discover now