Chapter 05

305 37 2
                                    

තේහිටත් ඕනේ වුනා නීසූ එක්ක කෑගහලා අඩන්න ඒත් හිත හයිය කරගත්තු කෙල්ල නීසූගේ අත්දෙක තවත් තදකරල අල්ලගත්තේ කෙල්ලට හයියක් වෙන්න.
ජන්ගුක් තමන්ගේ හස්බන්ඩ් වුනේ ඔප්පා කියපු නිසා වගේම පැක් එක ලබාගන්න ඕනේ නිසා කියන එක කෙල්ල තමන්ටම හොදටම මතක් කරලා දුන්නේ තේහියුන් එක්ක බලද්දි ජන්ගුක් කියන්නේ මොනවගේ සහෝදරයෙක්ද කියලා හිතන ගමන් !!
තමන්ගේ මේට් වුනු ඩේසී ඔන්නිව තේහියුන් තේහි ඉස්සරහ මග ඇරපු හැටි කෙල්ලට මතක් වුනා !!
තේහියුන් එහෙම කරේ තේහිට දුක හිතෙන බව දන්න නිසාමයි !!
ඩේසිත් ඒකට අකමැති වුනේ නෑ එයත් තේහියුන්ගේ චූටි සුරංගනාවීට ගොඩක් ආදරේ කරා !!
ඇති තරමට අඩපු නීසූ තේහිගේ අත්දෙක අතෑරලා කෙල්ලව බදාගනිද්දි කෙල්ලත් නීසූව ආපිටට බදාගත්තේ පිටටත් තාලේට තට්ටු දානගමන් !!

" ඇල්ෆා ඔයාට ආදරෙයි නීසු !!
එයාට සමහරවිට ඒක පෙන්නන්න තේරෙන්නේ නැතුව ඇති !!
අනික දැන් නීසූට මන් ඉන්නවනේ හොදද ?
ආයේ මොකුත් වෙන්න දෙන්නේ නැ මගේ කෙල්ලට !! "
තමන්ගේ තුරුලින් නීසූව අයින් කරපු තේහි එහෙම කියනකොට නීසූ කදුලු අතරින්ම කෙල්ලට හිනාවක් පෑවා..

"ඔන්නි අදවත් යමුද පහලට කන්න !! "
ඒ වෙනකොට හවස හය විතර වෙලා තිබුනු නිසා නීසූ එහෙම කිව්වේ මෙහෙට ඇවිත් දවස් තුනක් ගෙවුනත් තවම කෙල්ල පවුලේ කටිටය හැමෝම එකට කෑම ගන්න කෑම මේසේට නෑවිත් තිබුනු නිසා !!
මේ දවස් ටිකේම කෙල්ල කරේ නීසූ උඩට ගෙනත් දෙන දෙයක් කාලා හිටපු එක.

" මම එතනට අයිති නෑ නීසුයා !!
මම මෙතනට අයිතිත් නෑ !!
මම අයිති මූන්ලයිට් පැක් එකට !!
මම , ඔප්පා , මල්ලි එකට සෙල්ලම් කරපු , හිනාවුනු ,අඩපු ඒ පැක් හවුස් එකට !!
මාව ඔයාලගේ පැක් එකේ කට්ටිය දකින්නවත් වැඩිය කැමති නෑ !! "

තේහිගේ කතාවට කියන්න දෙයක් නීසූට ඉතුරු උනේ නෑ.කෙල්ලෝ දෙන්නම කරේ බැල්කනි වැටට බරවෙලා ඔහේ බලාගෙන හිටපු එක !!

ඒ අතරේ මේ හැමදේම අහන් හිටපු වොශ් එකක් දාගන්න රූම් එකට ආව ඇල්ෆා ජන්ගුක් එතනින් යන්න ගියේ තමන් ගැනම දැනුනු කලකිරීම දරාගන්න බැරුව !!

_________________________________________

"පහලට එන්න කෑම කන්න !! "

රූම් එකේ දොර ඇරලා ඇතුලට එබිලා වැඩ වයගක් කර කර හිටපු තේහිට එහෙම කියපු ජන්ගුක් ඒ ගමන්ම දොරත් වහගෙන එතනින් යන්න ගියේ කෙල්ල යනවද නැද්ද කියලා කල්පනා කරන අතරෙමයි !!
අන්තිමට හිත එකග කරගත්තු තේහි මිරර් එක ඉස්සරහට ගිහින් හිටගත්තේ තමන් දිහාම බලාගෙනමයි !!
ඇදගෙන හිටපු නීසුගේ ඕෆ් ෂෝල්ඩර් රෝස පාට ගවුමේ පොඩි උනු තැන් හරියට හදාගත්තු කෙල්ල යම්තරමකට දිග තමන්ගේ කලු පාට කොන්ඩෙට පොඩි කට්ටක් ගහගෙන පහල තට්ටුවට යන්න ගියා.
කෙල්ල යනකොටත් ජන්ගුක්ගේ පවුලේ කට්ටිය මේසෙන් ඉදගෙන තිබුනා !!

THE REAL ONE !! JJK (completed) Where stories live. Discover now