Chapter 18

327 37 0
                                    


"ඕහ්! ඇල්ෆා ජංගුක් වයිෆ්ව බලන්න ඇවිත් වගේ!! බට් අයිම් රියලි සොරි එයා සමහරවිට දැනටමත් එයාගේ ආදරනිය මල්ලිත් එක්කම මේ ලෝකෙන් ගිහින් ඇති!! "

"කට වහ ගන්නවා ජින්හෝ!! තමුන්ගේ කෙරුවාවල් මන් හොඳටම දන්නවා! අනිත් එක ඔයාට වැරදිලා ඔය ඉන්නේ දෙන්නම හොඳට.. "

සමච්චලයට හිනාවෙන ගමන් ජංගුක් කිව්වේ ජින්හෝ, තේහිව වගේම වෘක ස්වරූපෙන් හිටපු ජිමින්ව දැකලා තිගැස්සෙද්දියි...
ඒත් ඒ බවක් නොපෙන්වන්න ජින්හෝ පරිස්සම් උනා....
ඒත් එක්කම බ්ලූමූන් පැක් හවුස් එක වට කරගෙන හිටපු රොගර්ස්ලා ජංගුක්ලා දිහාවට එන්න ගත්තේ බ්ලූමූන් එකේ වගේම මූන්ලයිට් පැක් එකේ වෘකයොත් දත් විලිස්සන ගමන් ඉස්සරහට එද්දි....
විනාඩි ගාණක් ඇදුනු සටන පුරාවට හැමෝම වෘක ස්වරූපයට හැරිලා හිටියත් ජංගුක් තේහි ලගින්ම හිටියේ කොල්ලට තේහිට කියන්න දෙයක් තිබුණු නිසා...

ජංගුක් තේහිට මොකක්දෝ කියන්න ගියත් එක්කම පිටි පස්සේන් ආපු රොගර් කෙනෙක් නිසා කොල්ලගේ අවදානේ ලැබුනේ ඒ අතට..
ඒ රොගර්ව ඉවරයක් කරලා,
තේහිව අරගෙන සටනින් ටිකක් ඈතට වෙන්න තිබුණු  ගහක් යටට ඇවිත් කෙල්ලට තමන් ඇඳන් උන්නූ ජැකට් එක,  ෂර්ට් එක වගේම  බෙල්ට් එකත් ගලවලා තේහිගේ අත් උඩින් තියපු ජංගුක් කෙල්ලගේ මූන දෙපැත්තෙන් තමන්ගේ ලොකු අත් තිබ්බේ කෙල්ලව ඒ ස්පර්ශයට ගැස්සෙද්දි....

"මන් එනකන් මෙතනටම වෙලා ඉන්න ඕන හරි ද!! කොහෙවත් යන්න එපා!! කවුරු හරි ආවොත් හයියෙන් මට කතා කරන්න හොඳද!!!"

එහෙම කියපු ජංගුක් කෙල්ල ලගින් ඈත් වෙලා ට්‍රවුසර් එක බිමට පාත් කරන ගමන්ම වෘක ස්වරූපයට හැරුනේ කෙල්ල බිම බලා ගනිද්දියි...








"අ.. අන්ද්වේ!!! යුංගි ඔප්පා!!"

ඇල්ෆා ගිහින් ටික වෙලාවකට පස්සෙ කොල්ලට ඇහුනේ තේහි කෑ ගහන සද්දෙ... කෙල්ලට කරදරයක් ඇතියි හිතපු ඇල්ෆා වගේම ජිමිනුත් හීයක වේගෙන් තේහි ලගට ගියත් එයාල දැක්කේ පණ අදින ගමන් ඉන්න ජින්හෝව වගේම එතනම බිම වැටිලා හිටපු යුංගිව....

ජංගුක්ගේ ඇඳුම් සේරම තුරුලු කරගෙන ටිකකට කලින් ජින්හෝ කියපු දේවල් එක්ක ටේහියුන්ගේ මතක වල හිරවෙලා හිටපු තේහි හරි සිහියට ආවේ කෙල්ලගේ කන ලගින් මොකක්දෝ යනවා දැනුනු නිසයි...

THE REAL ONE !! JJK (completed) Where stories live. Discover now