[02]

150 14 4
                                    

"ඕහ්.. මට නින්ද ගිහින්!! හ්‍යුන් ආවද දන්නෙත් නැ
මම වගේ මෝඩයෙක්.."

ජන්ග්කුක්ට සෝෆා එක උඩම නින්ද ගිහින්..
කලබලෙන් සෝෆා එකෙන් නැගිට්ට ජන්ග්කුක් ඩෝ එකත් ඇරගෙන ගාර්ඩ්න් එකත් පහු කරන් මේන් ගේට් එක ලඟටම දිව්වා.
ඒත් කිසිම වෙනසක් නැ...ජන්ග්කුක් බලාපොරොත්තු උනා වගේ ටේහ්‍යුන්ගෙ කාර් එක ගේට් එකෙන් එහා පැත්තෙ තිබ්බෙ නෑ
ජන්ග්කුක්ගෙ මූණ බලන් ඉද්දි මැලවිලා ගියා.

"හ්‍යුන් තාම නෑනෙ.. මගෙ හ්‍යුන්ගි මම නිසා හුඟක් මහන්සි වෙනවා "

ජන්ග්කුක් බර හුස්මක් අරන් පහතට දැම්මා.
ආපහු ගේ ඇතුලට ගිහින් ඩෝ එක වහගත්තු ජන්ග්කුක් වෙලාව බැලුවා.
වෙලාව පාන්දර 02.30යි.

මේ වෙලාවෙ ටේහ්‍යුන් හුඟක් බිසී වෙලා ඉන්නවා ඇති කියලා හිතලා ආයෙමත් ෆෝන් එක අතට අරන් ටේහ්‍යුන්ට මැසේජස් කිහිපයක්  විතරක් දැම්මා.

Tae Tae ❤️

                                        හ්‍යුන්ග් ඔයා තාමත් වැඩද?

                                        හ්‍යුන්ග් රෑට කෑම කෑවද?

                                         ඔහොම මහන්සි වෙන්න එපා හ්‍යුන්ග් ඔයා ලෙඩ වෙයි..

                                         එද්දි වේගෙන් ඩ්‍රයිව් කරන්න එපා ඔයා මහන්සියෙන්නෙ ඉන්නෙ..! 

                                          පරිස්සමට ගෙදර එන්න හ්‍යුන්ග්.. ❤️

ජන්ග්කුක් ටිකක් වෙලා ෆෝන් එක දිහා බලන් හිටියා.
ටේහ්‍යුන්ගෙන් රිප්ලයි එකක් බලාපොරොත්තුවෙන් ජන්ග්කුක් දිගටම ෆෝන් ස්ක්‍රීන් එක දිහා බලන් හිටියා..

ටේහ්‍යුන් අඩුම තරමෙ  මැසේජස් සීන් කරලවත් නෑ..
මේ වෙලාවෙ ටේහ්‍යුන්ට කොහෙද මේ දේවල් වලට සිහියක්..!

|ඔව්, ටේහ්‍යුන් දැන් සෑහෙන්න බිසී..
හැබැයි ජන්ග්කුකී හිතන දේට නෙවෙයි, වෙන දේකට..|

ටේහ්‍යුන් මුළු රැයක්ම යූන්ජි එක්ක එන්ජෝයි කරද්දි ,  ජන්කුකී මුළු රැයක්ම නිදිමරාගෙන එයාගෙ ටේහ්‍යුන් ගෙදර එනකන් මග බලන් හිටියා..

















Vote, comment and plz share💜
Sanie_02me
                  

Dynasty [| Taekook |] (On Hold)Where stories live. Discover now