[05]

93 8 0
                                    

වෙලාව රෑ 11ටත් කිට්ටුයි.

ජිමින් ගියාට පස්සෙ කුක් කෙලින්ම ගියේ එයාගෙ රූම් එකට.
ජන්ග්කුක්ගෙ ඇඟට තෙහෙට්ටු ගතියක් දැනුනා..
හොට් වෝටර් ශවර් එකක්ම දාගෙන එයා එහෙමම ඇඳට පැනලා නිදා ගත්තා..

පැය 8ක විතර නින්දකින් පස්සෙ ජන්ග්කුක්ට ඇහැරුනා..

ඇඳේ වාඩිවෙලා කුක් මොනාහරි මතක් කරන්න ට්‍රයි කලා.. ඊයෙ දවසෙ වෙච්ච ටේහ්‍යුන්  සම්බන්ධ  කිසි දෙයක් එයාට මතක නෑ..

"ආයිශ්... මම ෆේන්ට් වෙලානෙ හිටියෙ!!
ඉතින් කොහෙද මට මුකුත් මතක හිටින්නෙ...! යාආආහ් ජන්ග්කුක් තමුන්  වතුරට වැටුනු වෙලාවෙ ඔහේගෙ මොළෙත් වතුරෙම දියවෙලා ගිහින් ද කොහෙද.."

ජන්ග්කුක් කෑගහලා එයාගෙම ඔලුවට එකක් ගහගත්තා..

"ටේහ්‍යුන් හ්‍යුන් මාව උස්සගෙනද දන්නෙ නෑ හොස්පිට්ල් ආවෙ!!?  අනේ.... ඔම්මා.... මට ලැජ්ජාආයි...  මම කොහොමද  ස්තූති කරන්නවත් එයාගෙ මූණ ආපහු බලන්නෙ..??? 

ජන්ග්කුක්ට ලැජ්ජාවක් දැනුනා
මොකද ජන්ග්කුක් වැඩිය ටේහ්‍යුන්ව ආශ්‍රය කරලා නෑ.. හරියකට කතා කරලවත් නැති නිසා ඊයෙ වෙච්ච දේ මතක් වෙද්දී කුක්ට අපහසුවක් දැනුනා..
ඒත් පුංචි සතුටකුත් කුක්ට දැනුනා ටේහ්‍යුන් එයාව බේරගත්තා කියලා මතක් වෙද්දී..

"ඒත් එයා මාව හොස්පිට්ල් ඇඩ්මිට් කලාට පස්සෙ එක පාරක්වත් බලන්න ආවෙ නැත්තෙ ඇයි!? හ්ම්ම්ම්ම්...."

ජන්ග්කුක්ගෙ මූණ ආපහු වෙනස් උනේ චූටි දුකක් යන්තමට දැනෙද්දි.

" ආඅයිශ් මොනවද මන් මේ හිතන්නෙ..
මාව බේරගත්ත එකම කොච්චර ලොකු දෙයක්ද..!     විකාර හිතන්න එපා ජන්ග්කුක්......"

ජන්ග්කුක් එයාටම මුමුණ ගත්තා.

ඒත් ඇත්තටම ජන්ග්කුක් දැක්කෙ නැති උනාට හොස්පිට්ල් එකේ හිටපු මුළු වෙලාවෙම ටේහ්‍යුන් ජන්ග්කුක් දිහා බලාගෙනයි හිටියෙ. කුක් ගෙදර යනකන්ම ටේහ්‍යුන් හිටියෙ හොස්පිට්ල් එකේමයි.
ටේහ්‍යුන්ට ඕන උනා ජන්ග්කුක් බලන්න ඇතුලට යන්න. ඒත්  ආඩම්බර ටේහ්‍යුන් ඒකට එකපාරටම ඉඩ දුන්නෙ නෑ..
ටේහ්‍යුන් දොර ලඟින් ඉඳන් ජිමින්,ජන්ග්කුක් කතා කරපු හැම දෙයක්ම අහගෙනයි හිටියෙ..
ජන්ග්කුක්ගෙ බ්‍රේක් නැති කට කතා කරද්දි ටේහ්‍යුන් එලියට වෙලා හිනා වෙමින් ඒ ඔක්කොම අහන් හිටියා.

ටේහ්‍යුන්ගෙ හදවත කිව්වෙම ඇතුලට ගිහින් කතා කරන්න කියලා.. ඒත් ටේගෙ ආඩම්බර මොළේ ඒකට ඉඩ දුන්නෙ නැ..
ඉතින් කොහොමත් ජන්ග්කුක්ව ගෙදරට දාන්න ටේහ්‍යුන් යන්නෙ නැ..
හැබැයි එයා ජිමින් මාර්ගෙන් වෙන හැමදේම දැනගන්නයි ප්ලෑන් කලේ..

රෑ එළි වෙනකනුත් ටේහ්‍යුන් ෆොන් එක දිහා බලන් හිටියෙ කොයිවෙලේ හරි ජිමින් කතා කරනකන්..

කොහෙද.., එයාගෙ අතිජාත මිත්‍රයා ගෙදර ගිය ගමන් පස්සත් උඩ දාගෙන හොඳටම නිදි.
පව් අසරණ ටේහ්‍යුන් එළිවෙනකන්ම ඇහැරලා..

අන්තිමට උදේ 8ට විතර ජිමින්ගෙන් කෝල් එකක් එද්දි ටේහ්‍යුන්  යකාට ඇඳලා වගෙ.. ඇස් යන්තමට ගිලිලා, අව්ල් වෙච්ච කොන්ඩෙත් එක්ක ටේහ්‍යුන් වැනි වැනිම බැල්කනි එකට ගියා..

කෝල් එක ගත්තු ගමන් ටේහ්‍යුන් ජිමින්ට ලස්සනට ඇමතුවා..
සේරම විස්තර ටික දැනගත්තට පස්සෙ,
ජන්ග්කුක් හොඳින් කියලා කන්ෆර්ම් කර ගත්තට පස්සෙ
ටේහ්‍යුන් ෆෝන් එකත් ඇඳට විසික් කරලා වැනි වැනිම  වොශ් රූම් එකට ගියා..

ටේහ්‍යුන්, ජිමින්, ජන්ග්කුක් තුන්දෙනාම අද කැම්පස් නොයා ගෙවල් වල නවතින්න තීරණය කලා..












Vote, comment and plz share💜️
Sanie_02me

Dynasty [| Taekook |] (On Hold)Where stories live. Discover now