[07]

95 9 0
                                    

"ටේ ඔයා ජිමින් එක්ක උඩ තට්ටුවෙ  මාස්ටර් බෙඩ් රූම් එක ශෙයා කරගන්න. යුන්ජි ඔයාට පුලුවන් ඔන්න පහළ තියෙන ලොකුම රූම් එක තනියම  ගන්න. ජන්ගුකී ඔයාට උඩ රූම් එකක් තියෙනවා, නැත්නම් ඔයාට පුලුවන් මගෙ රූම් එක ශෙයා කරගන්න."
ජින් පිලිවෙලට සේරම කියාගෙන ගියා.

යුන්ජි ඇරෙන්න අනිත් ඔක්කොගෙම මූණු ඇද වෙලා ගියේ ජින්ගෙ තේරීම් වලට අකමැත්ත ඵල කරමින්.

විශේෂයෙන්ම ටේහ්‍යුන්, ජන්ග්කුක් දෙන්නට ඕන උනේ එක රූම් එකක ඉන්න.
ජිමිනුත් තනියම ඉන්න රූම් එකක් බලාපොරොත්තුවෙනුයි හිටියෙ.

"එහෙනම් හැමෝටම ගුඩ්නයිට්!
ඕගොල්ලො ඕන විදියකට නිදාගන්න එකයි ඇත්තෙ. මං යනවා බායි"
යුන්ජි හිනා වෙවී හැමෝගෙම ඇද වෙච්ච මූණු දිහා බලන් කියලා, උඩ පැන පැන ගියේ එයාගෙ රූම් එක හොයාගෙන.

"හ්‍යුන්ග්.. මං උඩ රූම් එකට යන්නම්.
ගුඩ් නයිට් ජිනී හ්‍යුන්ග්!"
ජන්ග්කුක් අකමැත්තෙන් උනත් උඩ රූම් එක තෝරගත්තා. ජිමින්, ටේහ්‍යුන් දිහා නොබලම ජන්ග්කුක් පඩිපෙළ නැගලා උඩට ගියා.
ඒ දිහා ටේහ්‍යුන් බලන් හිටියෙ පුදුම වෙලා වගේම දුකෙන්.

"ටේ, අපිත් දැන් යන්. උඩට ගිහින් මොනාහරි කරගමුකො ම්ම්ම්.."
මූණ බෙරි කරන් ඉන්න ටේහ්‍යුන්ට ඇඟිල්ලකින් ඇනපු ජිමින් ජින්ට නොදැනෙන්න රහසින් එහෙම කියලා ලා හිනාවක් දැම්මා.

ඔන්න එතකොට නම් ටේහ්‍යුන්ගෙ මූණ එලිය වැටුනා බලන් ඉන්දැද්දි.

"මොනවද ඔහෙලා දෙන්නා කුටු කුටු ගාන්නෙ ආ? දැන් ගිහින් නිදා ගත්තොත් නරකද!? හෙට උදේට අපි යන තැන ගැන ඩිසයිඩ් කරගමු.
ආ.. ටේහ්‍යුන්, රූම්ස් වෙනස් කරගන්න හිතන්නවත් එපා තේරුනාද? මගෙ පුංචි එකාට වද දීලා මට අහුවෙන්නත් එපා. ඒ කොල්ලා තාම පොඩී.." 
ජින් අන්තිම ටික කිව්වෙ සීරියස් මූඩ් එකක් මූණට ආරූඪ කරගනිමින්.

"යා.. හ්‍යුන්ග් මොනවද ඔය කියවන්නෙ? මං ජන්ග්කුකී ගැන එහෙම දේවල් හිතලා නෑ.."

ටේහ්‍යුන් ඉක්මනින් කියාගෙන ගියේ ජින්ගෙ මූනටමයි.

"හාරි හාරි ඉතින් ඕකට ඔච්චර නටන්න ඕනැයි! මං එහෙම කිව්වෙ ඉතින් වැඩිහිටියෙක් හැටියට. කලින්ම කියලා තියෙන එක කෝකටත් හොඳයිනෙ."

Dynasty [| Taekook |] (On Hold)Where stories live. Discover now