[04]

105 10 3
                                    

ටේහ්‍යුන් ජන්ග්කුක්වත් අරන් වතුරෙන් උඩට ආවා.  ජන්ග්කුක්ට සිහිය තිබුනෙ නෑ.. ජිමින්ගෙ උදව්වෙන් ටේහ්‍යුන් එයාව  පරිස්සමට පූල් එකෙන් උඩට අරන් එතනම බිම හාන්සි කෙරෙව්වා.

ටේහ්‍යුන් එක දිගට ජන්ග්කුක්ගෙ නම කිය කිය කම්මුල් වලට තට්ටු කරනවා..
ටේහ්‍යුන් හුඟක් කලබලයි, මොකද්ද කරන්න ඕන කියලවත් ටේහ්‍යුන්ගෙ ඔලුවට එන්නෙ නෑ.. ටේගෙ කටහඬ පවා වෙව්ලනවා.

මේ සිද්ධිය දිහා වටවෙලා බලන් ඉන්න පිරිස ටේහ්‍යුන් දිහා බැලුවෙ පුදුම වුන ඇස් වලින්..
එයාලා පුදුම වෙන එක සාධාරණයි. මොකද,
කිම් ටේහ්‍යුන් මෙහෙම හැසිරෙන කෙනෙක් නෙවෙයි.!

ජන්ග්කුක්ගෙ හුස්ම වැටෙන වේගෙ ටික ටික අඩු වෙනවා කියලා ටේහ්‍යුන්ට තේරුනා.
එහෙමම ජන්ග්කුක්ව අත් අතරට ගත්තු ටේහ්‍යුන් පුලුවන් වේගෙන් කැම්පස් එකෙන් එලියට දුවලා එයාගෙ කාර් එක ලඟට ගියා.

ටේහ්‍යුන් කොච්චර කලබල වෙලාද කියනවනම්, එයාට අමතක උනා කැම්පස් එක ඇතුලෙ සික් රූම් එකක් තියනවා කියලත්!!

ජිමිනුත් ඒ පස්සෙන් දුවන් ඇවිත් ජන්ග්කුක්ව කාර් එකට දාගන්න උදව් කලා. 
ටේහ්‍යුන් හිටියෙ ජන්ග්කුක් එක්ක බැක් සීට් එකේ.
ටේහ්‍යුන්, ජන්ග්කුක්ව එයාගෙ ඇගට හේත්තු කරගත්තා..

"ජි..ජිමිනා ඉක්මනට යමුකෝ.. අනේ ඉක්මන් කරපන්..!!"

ජිමින් ඩ්‍රයිව් කරන අතරේ ටේහ්‍යුන් පාරින් පාර ඒ වචන ටික දහ වතාවකට වැඩිය කියන්න ඇති..

ජිමින්ට පුදුමයි,
ජිමින් ටේහ්‍යුන්ගෙන් මෙච්චර ලොකු වෙනසක් බලාපොරොත්තු උනෙ නෑ..

2 hours latter
At seoul national hospital

"ජින් හ්‍යුන්ග් එයාට දැන් ප්‍රශ්නයක් නෑ නේද ?

"නැහැ නැහැ දරුවෝ.. එයාට දැන් ලොකු ප්‍රශ්නයක් නෑ.   ඉක්මනට අරගෙන ආපු එක ලොකු දෙයක්..,  
හුස්ම ගන්න පහසුවටයි ඔක්සිජන් මාස්ක් එක දැම්මෙ..   ඉක්මනින් නෝමල් වෙයි. 

"හරි හ්‍යුන්ග්, තැන්ක් යූ ජන්ග්කුක්ව බැලුවට..

"යාආඅහ්.. ජිමිනා මම ඩොක්ටර් කෙනෙක්!! එසේ මෙසේ කෙනෙක් නෙවෙයි, ස්පෙශලීස්ට් කෙනෙක්..   තමුන් කොහොමද ඔහොම මට පිට කෙනෙකුට වගේ සලකන්නෙ ආආ....!?
ආයෙ ඔය වගේ දේවල් කිව්වොත්,  මම තමුන්ගෙ කිඩ්නීස් දෙකම ගලවලා හොඳ ගානකට විකුණනවා දැනගන්නවා.....  දැන් ගිහින් කන්න මොනවාහරි අරගෙන එනවා, තව ටිකකින් අර ළමයා ඇහැරුනාම එයාට ටික ටික කන්න දෙන්න. තේරුනා ද?                
මම යනවා අර අතන ඉන්න ලෙඩාව බලන්න..

Dynasty [| Taekook |] (On Hold)Where stories live. Discover now