[08]

123 11 1
                                    

Next morning

පහුවදා උදේ මුලින්ම ඇහැරුනේ ටේහ්‍යුන්.
තමන්ගෙ ඇඟ වටේටම අත් කකුල් ඔක්කොම දාගෙන සනීපෙට නිදන් ඉන්න ජන්ග්කුක්ව දැකලා ටේහ්‍යුන්ගෙ මුහුණට හිනාවක් ආවෙ නිරායාසයෙන්.

ටික වෙලාවකින් ජන්ග්කුක් නින්දෙන්ම එහෙට මෙහෙට ඇඹරෙන දිහා ටේහ්‍යුන් බලන් හිටියෙ එයාගෙ කටින් හිනාව එලියට පනින්න නොදී.
ජන්ග්කුක්ගෙ මූනෙ සැරින් සැරේ වෙනස් වෙන ඉරියව් දිහා වශී වෙලා බලන් හිටපු ටේහ්‍යුන් එකපාරටම විසි වෙලා ගිහින් ඇඳෙන් බිමට වැටුනෙ උනේ මොකද්ද කියලා ටේහ්‍යුන්ට හිතා ගන්න බැරුව යද්දී.

ඒත් එක්කම ජන්ග්කුක්ට ඇහැරුනා.
ඇසුත් පොඩි කර කර ඇඳේ හෙඩ් බෝඩ් එකට හේත්තු වෙලා එහා පැත්ත බැලුවෙ ටේහ්‍යුන් කොහේ ගියාද කියලා බලන්න.
ටේහ්‍යුන් ඇඳේ නෑ කියලා මොලේට ප්‍රොසෙස් වෙච්ච ගමන් ජන්ග්කුක් ඉද්දා ගැහුවා වගේ ඇදෙන් නැගිට්ටා

කොන්දත් අල්ලන් බිම ඉඳගෙන ඉන්න ටේහ්‍යුන්ව ජන්ග්කුක් දැක්කෙ එතකොට.

"ඔහ් ටේටේ මොකෝ ඔය බිමට වෙලා කරන්නෙ?"
ජන්ග්කුක් ඇහුවෙ ඇසුත් ලොකු කරන්.

"ඇයි ඔයා මට පයින් ගැහුවෙ ආ.. ආසාවට බිම වාඩි වෙලා ඉන්නවා නෙමෙයි මේ!! "
ගත් කටටම ටේහ්‍යුන් එහෙම කියලා මූණ ඇඹුල් කර ගත්තා.

"මම!? ඔයාට පයින් ගැහුවා?
අහ්ම් පොඩ්ඩක් ඉන්න, මම දැකපු හීනෙ හිටපු යමපල්ලා ඔයාද එතකොට??
මම ඌට නම් දුන්නා ආයෙ නැති වෙන්න. ආපහු අපාය පැත්ත පලාතෙ එන එකක් නෑ හහා..."
ජන්ග්කුක් එයාගෙ වීරක්‍රියාව ගැන පැහැදිලි කරන දිහා ටේහ්‍යුන් බිම ඉඳන් බලන් හිටියෙ හිනාව කාගෙන නපුරු මූණක් ආරූඪ කරගනිමින්.

"හිනා වෙවී ඉන්නෙ නැතුව මට උදව් කරන්න නැගිටින්න. ආව්ව්ව් මගෙ කොන්ද ඇත්තටම හුඟක් රිදෙනවා ජන්ගුකී.."
ටේහ්‍යුන්ගෙ ඇද වෙලා තියෙන මූණ දැකලා ජන්ග්කුක්ට පස්සෙ දුක හිතුනා.
ටේහ්‍යුන්ව ඇඟට වාරු කරන් ඇඳෙන් හාන්සි කරලා ජන්ග්කුක් අනිත් අතට දිව්වෙ ක්ලොසට් එක පැත්තට.

ඔක්කොම අවුස්සලා දාලා අන්තිමට එයාට ඕන දේ හොයාගෙන ආපහු දිව්වෙ ටේහ්‍යුන් ලඟට.

You've reached the end of published parts.

⏰ Last updated: May 21 ⏰

Add this story to your Library to get notified about new parts!

Dynasty [| Taekook |] (On Hold)Where stories live. Discover now