💋 20 💋

295 37 37
                                    

" මම හිතුවේ නැහැ උඹ මාව හොයාගෙන එයි කියලා බං" ඔහු කිව්වෙ සමච්චලයට වගේ..

ඉරිදා රාත්‍රියක් වුණත් මුළු කොළඹම එදා නිහඬ බවක් මහෙන්සට දැනුනා.. පාක් ස්ට්‍රීට් එකේ රෙස්ටුරන්ට් එකක එළිමහනේ තබා තිබූ මේසයක අනෙක් පසින් අසුන්ගෙන සිටියේ ඔහු... ශිෂ්‍ය ජීවිතයේ පළමු වසරේ සිටම එකම කාමරයේ, එකම කණ්ඩායමේ සිටි ඔහුගේ මිතුරා...

" නෑවිත් කොහොම ද, උඹ කරපු උදව්වට" මහෙන්ස මේ තරම් සංයමයෙන් කතා කරයි කියලා ඔහු බලාපොරොත්තු වුණේ නැහැ.

" උදව්ව... උඹට ඒක උදව්වක් ද? උඹ ගොඩනගා ගත්ත හැමදේම ඉවරයි , රෙපියුටේෂන් එක හේදිලා, යන්තම් රෝල ගැටගහගන්න උඹට තියෙන්නෙ පඩිය විතරයි දැන්, ගෑණිත් නෑ, ඉස්සරහට පවුලත් නෑ "

" සමහර වෙලාවට නුසුදුසු දේවල් අත අරින්න ඕනෙ, ගොඩනගා ගත්ත හැමදේම විනාස වුණත්, රෙපියුටේෂන් හේදුනත්." මහෙන්ස කිව්වෙ ඔහු ඇනවුම් කළ කොක්ටේල් වීදුරුවෙන් උගුරක් තොලගා, තම හිසට ඉහලින් නිවි නිවී දැල්වෙන දහසක් විදුලි බුබුළු දිහා බලාගෙන.

" උඹ ඉතින් එහෙම කිව්වට, උඹ විඳවනවා ඇතිනේ... මට ආරංචි වුණා, එහෙ ගිහින් හැමෝටම බැන බැන ඉන්නවා කියලා" ඔහු කිව්වෙ ආයෙත් හිනා වෙවී.

හිනාව නොදුටුවා සේ මහෙන්ස වීදුරුව හිස් කළා.

" මට කියපං , ඇයි මටම එහෙම කළේ කියලා..." මහෙන්ස ඔහුගෙන් ඇහුවා...

" වෙන කෙනෙක්ට කරන්න තිබුණා, ඒත් ඒකිව බැන්දෙ උඹනෙ. අපි ඉස්කෝලේ යන කාලෙ යාලු වුණේ.. ඒකි ඒ හැමදේම උඹට හැංගුවා, උඹ හිතුවේ අපි යාලුවෝ කියලනෙ. අන්තිමට ඒකිගෙ ගෙදර එවුන්ට මගෙ කාස්ට් එක අවුල් වුණා, ඒ අතරෙ උඹේ ඇකඩමික් පර්ෆෝමන්ස් එන්න එන්නම හොඳ වුණා. ගෙදරට හොරෙන් මාව බඳින්න වුණත් කැමතියි කිව්ව එකී, උඹේ අහිංසක පෙම්වතී වුණා."

" ඉතින් ඇයි ඕක කලින් නොකිව්වෙ. අපි අතරෙ රහස් තිබුණෙ නෑනෙ බං කවදාවත් ම" මහෙන්ස ඔහුගෙ ඇස් දිහා බලාගෙන කිව්වා.

" උඹට මතක ඇතිනෙ මම උඹලා බඳින කාලෙ වෙද්දි සම්පූර්ණයෙන්ම උඹලා දෙන්නගෙන් ඈත් වුණා. ඒත් මම හිතා ගත්තා, මගෙ කාස්ට් එක නම් ප්‍රශ්නය , මම වැඩ කරලා පෙන්නනවා කියලා ඒකිගෙ ගොං අම්මණ්ඩි වැරදි බව පෙන්නන්න. අන්තිමට මම ඒක කළා. බලපං , මට ගෙවල් දෙකක් තියෙනවා , වාහන දෙකක් තියෙනවා , අවුඩිය ලබන මාසෙ එනවා. ඕනෙ තරම් සල්ලි තියෙනවා , private hospital එකකුත් හදාගෙන යනවා. උඹට මාව අල්ලන්නවත් බැහැ." ඔහු කිව්වෙ උඩඟුබව බේරෙන ඇස්වලින්.

❤ Burgundy  ❤ ReuploadingWhere stories live. Discover now