💋 23 💋

369 44 73
                                    

" මගෙන් හරි කරදර නේද " හැඬීමෙන් හෙම්බත් වීම නිසාම හැඬීම නතර කළ සනුලි මහෙන්ස ගෙන් ඇහුවා.

" ඔයත් නැත්තම් මට කවුරු කරදර කරන්නද?" මහෙන්ස එසේ කියමින් ඔහුගෙ වාහනය නතර කළේ මහමග අයිනෙම තිබුණ ගේට්ටුවක් අසල.

" කොහෙද මේ?" සනුලි ඇහුවෙ පුදුමයෙන්.

" මේක තමා සර්ප්‍රයිස් එක. මම ඇනෙක්ස් එකක් හොයාගත්තා. ඔයාට පෙන්නන්න එක්කගෙන එන්න හිටියේ. ඒත් අද හිතුවෙ නැති දේවල් ගොඩක් වුණානෙ. ඒ නිසා මම ප්ලෑන් කළ විදියටම සර්ප්‍රයිස් එක කරගන්න බැරි වුණා. ඊයෙ රෑ තමා මගෙ බඩු ටික ඇදගත්තෙ " ඔහු එසේ කියමින් ගේට්ටුව විවෘත කරන්නට නික්ම ගියා.

අඳුර නිසාම වටපිටාවේ ඇති දේවල් ඇයට පෙනුනෙ නැහැ. වාහනය ගාල් කිරීමට තිබූ ස්ථානයේ වාහනය නතර කළ මහෙන්ස, ඇයට පිට වීමට වාහනයේ දොර විවෘත කළා.

තමන් මෙසේ වාහනයෙන් පිටවී ඔහුත් සමග ඇතුළු වන්නේ යළිත් කිසිම ආකාරයකින් පිටවන මගක් සොයාගත නොහැකි මහා වංකගිරියකට බව ඇය දැන සිටියා. ප්‍රහර්ෂ හමුවීමෙන් පසු හිතේ ඇතිවූ ව්‍යාකූල බවත් එක්ක ඇයට අවැසි වුණේ යම් අස්වැසිල්ලක්. ඒත් ඔහුගේ නවාතැනට පැය කීපයකට හෝ පය තැබීම... තවත් ශෝකාන්තයක ඇරඹුම බව ඇගේ හිත කිව්වා. මෙතෙක් සිදුවූ සිදුවීම් දෙස බලද්දි කිසිම සිදුවීමක් පෙර සිදුවීම් තරම් ශෝකාන්ත විය නොහැකි බව ඇය තමන්ටම කියාගත්තා.

" මොනවද ඔච්චර කල්පනා කරන්නෙ?"

" මොකුත් නෑ"

" එන්නකො, මම හවස් වරුවම මේක අස් කළා. ලොකුවට මොකුත් තිබුණෙ නෑ ඉතින්, ඇඳුම් ටිකයි, පොතුයි තමයි. "

" කොහොමද මේක හොයාගත්තෙ?"

" මගෙ යාලුවෙක් ගෙ මාමා කෙනෙක්ගෙ ගෙයක් මේක. එයාලා දැන් කොළඹ ඉන්නෙ. ඒ නිසා ගෙදර ග්‍රවුන්ඩ් ෆ්ලෝ එක මට දැනට පාවිච්චි කරන්න දුන්නා. ෆර්නිචර්ස් තිබුණ නිසා ලොකු කරදරයක් වුණේ නෑ." ඔහු එසේ කියමින් දොර විවෘත කළා.

සුදු පැහැ ආලේපිත බිත්ති, ඔහු දැල් වූ විදුලි ආලෝකයෙන් ආලෝකවත් වුණා. කුඩා අළු පැහැ සෝෆාවකුත්, කෑම මේසයක් සහ ලී පුටු හයකුත් විසිත්ත කාමරයේ තිබුණා. මේසය පිරෙන්නම තිබුණෙ ඔහුගේ පොත් පත් සහ ෆයිල් කවර, නමුත් ඒ සියල්ල පිළිවෙලට අසුරලා, ඒ මැද ලැප්ටොප් එකත්, ප්‍රින්ටරයත්, පෑන් රඳවනයකුත් තබා තිබුණා. කුඩා පැන්ට්‍රියක් තිබුණත් එය පාවිච්චි කළ බවට සාධක තිබුණේ නැහැ. එහෙත් ඒ මත තැබූ ප්ලාස්ටික් කූඩයක කොමඩු, කෙසෙල්, අලිගැටපේර තබා තිබුණා.

❤ Burgundy  ❤  [ Completed ]Hikayelerin yaşadığı yer. Şimdi keşfedin