💋 04 💋

453 55 24
                                    

නොනවත්වා නැගෙන , කන් පුරවන යකඩ ගැටෙන හඬ එක්ක සනුලි අවදි වුණේ පොල්ගහවෙල ස්ටේෂන් එකට කිට්ටු වෙද්දි. හිරු අවදි වෙන්නත් කලින් ගමන් මළු දෙකත් අරගෙන ස්ටේෂන් එකට ආව ඇය, තමනගෙ සහෝදරයට සමුදුන්නෙ හැඬූ කඳුළින්. හිමිදිරි පාන්දර අඩ අඳුරෙ සහෝදර බැඳීම ඔහුගෙ ඇස් තෙත් කළ බව සනුලි දුටුවෙ නැහැ.

ස්ටේෂන් එකේ කඩිමුඩියේ සමුදෙන, සමුගන්න කීපදෙනෙක්ම සිටින බව වටපිට බැලූ සනුලි දුටුවා. ඒ අතරින් තමන් වගේ එක සමුගැනීමක් මකා ගන්න තව සමුගැනීමක් සටහන් කරන අය තවත් ඇත්දැයි ඇය කල්පනා කළා.
ඇත්තටම එය සමුගැනීමකට වඩා අත් හැරීමක්, වෙන්ව යාමක්, යථාර්ථය තේරුම් ගැනීමක්... ඒත් ඒ යථාර්ථය මේ තරම් භයානක අත්දැකීමක් නොලබා තේරුම් ගන්න තිබුණා නම්... මේ ගැන සිතූ සනුලි දිගු සුසුමක් පිට කළා...

" නංගි, ඔයා ශක්තිමත් . ඔයා මෙච්චර දෙයක් වෙලත් තව ටික දවසකින් ආයි අලුතින් පටන් ගන්නවා. මම හිතන්නෙ නෑ වෙන කිසිම කෙල්ලෙක් මෙච්චර වේගෙන් නෝමල් වෙන්න ට්‍රයි කරයි කියලාවත්" ඇසළ එහෙම කිව්වෙ සනුලි එක්ක කෝච්චියේ දොරටුව අසලය යන අතරෙ.

" මට වෙන ඔප්ෂන් එකක් නෑනෙ අයියා. මම විහින් කරගත්ත මෝඩ වැඩ" සනුලි එහෙම කිව්වෙ ටිකට් පතට අදාල පිවිසුම් දොරටුව සොයන අතරෙ.

" මගෙත් වැරැද්ද , ඔයාගෙ සතුට කියලා හිතලා මම කැමැත්ත දුන්නා. මට කවදාවත් මගෙ හෘද සාක්ෂියෙන් ගැලවෙන්න බැහැ" ඇසළ එහෙම කිව්වෙ ඒ භයානක දිනයෙ පටන් හැම දවසකම මේ සිද්ධියේ වගකීම තමන් ගෙ වරදින් සිදු වූවක් බව නැවත නැවත මෙනෙහි කළ නිසා.

" අයියා එහෙම හිතන්න එපා. ඔයා මගෙ නිදහස මට දුන්නා. එතනින් එහාට මොකද වෙන්නෙ කියන එක ඔයාවත් මමවත් දැනගෙන හිටියෙ නෑනෙ. " එහෙම කියන ගමන් සනුලි දුම්රිය මැදිරියට ගොඩ වුණා. ඇය පිටුපසින් අනෙක් බෑගය රැගෙන ආ ඇසළ එය ඉහල වූ රාක්කය මතට දැම්මා.

" පරිස්සමින් යන්න. රවිඳුට කෝල් එකක් දෙන්න තලාව ස්ටේෂන් එකේදි. ඌ ඔයාව ගන්න ඒවි."

" හරි, මම කෝල් කරන්නම්"

" එහෙනම් මම යනවා. මේ පාර ඔයා තනියෙන් , මේක අලුත් ගමනක්. පරිස්සමින් යන්න. කොහෙදි හරි සතුටු වෙන්න හේතුවක් ඔයාට ලැබෙන්න ඕනෙ චූටි" ඇසළ එහෙම කියලා වැඩි වෙලාවක් නොරැදිම මැදිරියෙන් බැසගත්තෙ නලා හඬ ඇසුන නිසා වගේම සනුලි ඉදිරියේ තමන්ගෙ දුක පෙන්නන්න බැරි නිසා...

❤ Burgundy  ❤  [ Completed ]Donde viven las historias. Descúbrelo ahora