Chapter 01

2 1 0
                                    

"ඉතින් ළමයි මන් හිතනව ඔයාල මේ චාන්ස් එක ගන්න මහන්සි වෙලා වැඩ කරයි කියලා... සුභ දවසක් හැමෝටම .. "

උදෑසන දේශනය අවසන් වූ වහාම විශ්වවිද්‍යාලයේ අභ්‍යවකාශ විද්‍යාව හදාරන අවසන් ශ්‍රේණියේ සිසුන් තුල මහත් උද්යෝගයක් දක්නට ලැබින.

" ඔයා දන්නවද සේහි මේ පාරත් අපේ බෝඩ් එකේ හොදම පස් දෙනා වෙන්නෙ අපි කියල මටනම් හොදටම ශුවර්... "

" ඒත් ටේ, මේ පාරනම් කියන තරම් ලේසි වෙන එකක් නෑ හැබැයි... ප්‍රොෆෙසර් කියපු විදිහට හැමෝටම ඕන දැන් එහෙට යන්න... "

" කමක් නෑ කුකී. මොනව උනත් මේ පාර කට්ටියගෙ සාපේක්ෂව ලකුණුනම් වැඩි වෙයි.. "

" කට්ටිය අහන්නකො, අපි ලිලීට මේක කියන්න ඕන.. අනික දැන් එයාට කොහොමද දන්නෑ...

"ඔව්... බලන්නකො මේකි ඕක කියුව ගමන් ඌරෙක් වගේ දඟලන්නෙ නැද්ද කියලා..... "

" කෝල් එකක් ගන්නකො කුකී එයාට "

📞... හෙලෝ ලිලී...

හෙලෝ කුකී... මොකෝ මේ එකපාරට මාව මතක් වෙලා ?....

අනෙ අනේ මේ අපිට තමුසෙව අමතක වෙන්නෙ නෑනෙ.. කොහොමද බලන්න ගත්තෙ.....

ආ.. මට දැන් ටිකක් අඩුයි... මන් මේ ෆිල්ම් එකක් බලනවා....

එහෙනම් හොදයි... ආ මේ වැදගත් දෙයක් කියන්න තියනවා.

ඒ මොකක්ද ?

මේ පාර විභාගෙ වැඩිම ලකුණු තියන පස් දෙනාට සුපර් නාසා වර්ශන්ටෙන් එකට යන්න චාන්ස් එකක් හම්බ වෙනවා. රටවල් 52 ක් එනවලු.. හැබැයි ළමයි පස් දෙනාටයි යන්න පුලුවන්...

   වාව්.... අපි කොහොමත් යනව බලන්නකො නැද්ද කියලා....  මේ ,මොනාද දැන් ඒකෙ කරන්නෙ ?

අපිට දැනට කියුවෙනම් එයාලගෙ මෙහෙයුමක් ගැන සම්පූර්ණ පරීක්ෂනයක් කරන්න හම්බ වෙනව කියල. ඒත් එක්කම එහෙ තියන තාක්ෂණය වගේ  දේවල් ගැන ඉගෙන ගන්නත් හම්බ වෙනවලු....

Unexpected space mission Where stories live. Discover now