ක්‍රමානුකූලව පියවරෙන් පියවර සිදු වූ අවදිකිරීම, අදදින එක් අයකුගේ ජීවිතය වෙනස් කරන බවට කවුරුන්වත් දැන සිටියේ නැත.... අවදිකිරීම අවසන් ඌ පසු මිනිස් සිරුර පැමින සිටි සියල්ලන්ට දැක ගන්නට ලැබුනි.. ඔහු කඩවසම් තරුණයෙකි.... ඔහු...
" කැප්ටන් එම්. එස්.... "
" තාත්තා..... "
" මොකක්ද ඩෑඩ් ? තාත්තා ? කැප්ටන් එම් . එස්. කොහොමද ඔයාගෙ තාත්තා වෙන්නෙ ?.... "
සෙමීට මේ පිළිබඳ බොහෝ ප්‍රශ්න ඉතිරි කරමින් ප්‍රොෆෙසර් එම්. ඩී ක්ලාන්ත විය....
_ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _
" ඩැඩී, ඔයාට කොහොමද දැන් ? "
" මට හොදයි සෙමී... මන් දන්නව ඔයාට ගොඩක් ප්‍රශ්න ඇති... ඒ ඔයාගෙ ප්‍රශ්න වලට උත්තරේ එකම එක දිග කතාවක්.... ඒ ඔයාගෙ සීයා... මේ මෙහෙයුම ගැන හොයන්න කියල මන් කියුවෙ , ඒක මගෙ තාත්තගෙ මෙහෙයුම නිසා... ..."
" ඇයි මට ඒක කලින් කියුවෙ නැත්තෙ ? "
" සමාවෙන්න දරුවෝ... ප්‍රශ්නෙකට තියෙන්නෙ තාත්තා මටත් වඩා ගොඩක් තරුණයි... "
" හහ් හහ් හා... ඔය වගේ විහිලු කරන්න එපා අන්කල්... "
" අන්කල් , කැප්ටන් එස් . ඩී ට තව සතියකින් විතර සිහිය එයිලු... "" ආ ඒක හොදයි... "
෴෴෴
මෙම මාස කිහිපය තුල නොසිතූ දේවල් ගණනාවක් එක පෙළට සිදු විය.... මෙමරි චිප් එක නිසා නැවතත් අතුරුදහන් වූ යානාව නැවත ගෙන ඒමේ ක්‍රමය සොයා ගත හැකි විය.. එය කුඩා ළමුන් පැවසූ ආකාරයම විය... තාක්ෂණික ක්‍රම පමණක් සුලු වශයෙන් වෙනස් විය.... ඔවුන් ශක්තියක් ලෙස අවුරුදු ගණනාවක් ජීවත් වීම පුදුමසහගත නොවන්නේද ?
කැප්ටන් එම් . එස් ඔහුගේ පුතු සහ මිණිබිරිය දැක ඉමහත් සතුටට පත් වූ අතර ඔහුගේ මතකය හරි ආකාරයට සකස් වීමට දින කිහිපයක් ගතවිය. මතකාවර්ජනයෙන් පසු, ඔහුගේ කණ්ඩායම් සාමාජිකයන් නැවත ගෙන්වා ගැනීමට ඔහු කඩිනම් වන්නට විය...
පුංචි ලාංකිකයන්ද මේ සඳහා නොමද දායකත්වයක් ලබා දෙන්නට විය..... මෙම ගලවා ගැනීමේ මෙහෙයුම ලොව පුරා සමාජ මාධ්‍යජාලා තුල " Unexpected space mission " ලෙස ජනප්‍රිය විය...
අනෙකුත් විශ්වවිද්‍යාල සිසුන්ගේ පරීක්ෂණය අවසන් උවත් ශ්‍රී ලංකා විශ්ව විද්‍යාල සිසුන් තවමත් සුපර් නාසා ආයතනයේ රැඳී සිටින්නේ මෙම මෙහෙයුමේ සාර්ථකත්වය අරමුණු කරගෙනය....
_ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _
අද, මුලු ලොවක් දෑස් දල්වා බලා සිටින්නා වූ දවසක්... ළමුන් පිරිසක් ජයගත් මෙහෙයුමක සාර්ථකත්වය...
තුන්දහස් එකසිය විසි නවය වර්ෂයේ මාර්තු මස පහළොස්වන දින ඉතාමත් සාර්ථක ලෙස, අසාර්ථක වූ 'ස්පේස් ඊ . එස්. - 01 මෙහෙයුම ජයග්‍රහණය කර අතුරුදහන් වූ ඊ . එස් අභ්‍යවකාශ යානය ඇතුලු එහි සිටි පිරිස පෘතුවිය වෙත ගෙන්වා ගන්නා ලදී....
දින කිහිපයකට පසු නිරුපද්‍රිතව පැමිණි ගගණගාමීන් මාධ්‍ය වෙත මෙලෙස අදහස් දක්වන ලදී...
" ඒක ඇත්තටම හරි අමුතුයි.. ශක්තියක් වෙන එකත් අමුතුම අත්දැකීමක්... "
" ඉදිරියේදී ඔයාලටත් ශක්තියක් වෙලා බලන්න පුලුවන් වෙයි.... "
" ශ්‍රී ලංකා විශ්වවිද්‍යාල ශිෂ්‍යයින්ට විශේෂයෙන් ස්තුතියි අපි අද ඉන්නෙ එයාල නිසා .. එයාල හරිම දක්ෂයි.... "
" අපි ශක්තියක් උන නිසා අනාගතයට ගියා කියලත් හිතෙනවා...
" පිටසක්වල ආක්‍රමණයක් වෙයිදෝ මන්දා.... අපි ලෑස්ති වෙමු ඒකටත්. එයාල හරිම දියුණුයි... "
_ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _
සම්මානපිට සම්මාන ලබා මෙම මෙහෙයුම, වටිනා මෙහෙයුමක් බවට පත්විය...
නමුත් පිටසක්වල ආක්‍රමණය මොවුන් බැරෑරුම් ලෙස ගනීවිද ?....
මෙය අවසානයම නොවේ, තවත් මෙහෙයුමක ආරම්භයයි!.....෴෴෴
# airport
"ඉ_තින් ඔ_යාල දැන් ය_න වද ? "
" ඔව් ටෙරී අපිය යන්න වෙනවා.... "
" මට ඔයා_ල නැතුව පාලු_යි... ප්‍රොෆෙ_සර් එම්. ඩී වත් නැ_හැනෙ... "
" ඔව් කැප්ටන් එම්. එස් , ප්‍රොෆෙසර් එම්. ඩී. ඒ හැමෝම ටික දවසකට ලංකාවට යනවා.... "
" අනේ ඩැඩී අපි ටෙරීවත් අරන් යන්... "
" අනේ ඔව් අන්කල්... එයා අපිට ගොඩක් ලඟයි... "
කැප්ටන් එම් එස් ආයාචනාත්මක බැල්මක් සුපර් නාසා manneger වෙත යොමු කරද්දි ,,
" ඕක මොකක්ද ... ටෙරීව අරන් යන්න. ටෙරී දැන් ඔයාලගෙ... "
" ඇත්තටම ශා... "
" ඕඔ මම එන_වා... ඔයා_ල එක්ක.. අපි වෙ_න් වෙන්_නෙ නෑ..
" ඔව් ටෙරී අපි හැමෝම එකට..... "
End..... 🦋
YOU ARE READING
Unexpected space mission
Ficção Científica⭕ It's different ⭕ ⭕ Read my story and enjoy it. ⭕ 💀_ Don't copy my work _💀 bts fan faction... 🖤"