Chapter 01

125 8 2
                                    

පොත් කවරය පැත්තකට විසිකරමින් මලී කුස්සියට ගොඩ වැදුනේ කෑමට යමක් සොයමින්...පාසල් නිමවී ආ හැටියේ ඈ පුරුදුව සිටියේ කිසියම් හෝ දෙයක් බඩට දා ගන්නටයි ... ලිප උඩ තිබූ හට්ටිවල පියන් ඇර බැලූ මලීට කන්නට යමක් සොයා ගන්නට බැරි වුනා...

"මලී ඔහොම හිටපන් ඩිංගක්.... මං විගහට මොනාහරි හදල ගන්නං...."

තැල් කොළ මිටියත් අතින් ගත් කාන්ති කුස්සියට ගොඩවුනේ කඩිමුඩියේ...ඉනට මල් තීත්තයක් සහ පපුව බාගයක් නිරාවරණය වෙන්න කලු හැට්ටයක් ඇඳ සිටි කාන්ති කොන්ඩය උඩට කරලා ගෙඩියක් ගසා තිබුනා... පිරිපුන් ශරීරයෙන් යුතු ඇය දරුවන් සයකගේ මවක බව නොපෙනුනේ ඇගේ රාගීමත් බව හා කඩිසර බව නිසාමයි...

" කෝ අම්මා නෝනක්කා"
" ඕං වැස්සි බදින්න ගියා"

පාසල් යන වයසේ වුවද පාසල් යාමට ඇය අදි මදි කරන්නෙ කාන්තිගේ සිතද රිද්දමින්.ඉගෙනීමට ආසා කරන්නෙ මලී පමනක් බව කාන්ති දන්නෙ මලී නොවරදවාම පාසල් යන නිසායි...

"බඩේ අමාරුව හොදයිලුද දැන් එයාගෙ."

ඇස් උඩ යවා කාන්ති දෙසට හැරී ඇසුවද කාන්තිගෙන් පිලිතුරක් නොලැබුනු නිසා මලී එතනින් යන්න ගියේ මුකුත්ම නොපවසායි....

කාන්ති පාඩුවෙ වැඩ..ඇය නිහඬ චරිතයකි..හිස් වචන අඩුයි..සෑම දේම ගැනම පුලුල්ව හිතන ඇය මුළු ගමටම අම්මායි...ගමේ ළමිස්සියන්ගෙ ඉස හෝදාන්න, අලුත උපන් කිරිසප්පයන් නාවන්න ගමේ එවුන්ට ඇය නැතුවම බැරි උනා...කාන්ති නොමැතිව ගමේ කෙරුන සුභ කටයුත්තක් නොමැති තරම්.

කාන්තිට දරුවන් සයයි.. ලොකු දුව දීග ගිහින්.අඟහිඟකම් නිසා එක පුතකු හදාගන්නට දෙන්නට සිදු උනේ කාන්තිගෙ හිතේ කොනක වරදකාරි හැඟීමක්ද ඉතුරු කරමින්.අනිත් කොලු බානෙන් කාන්තිගෙ හිතට සැනසීමක් ඇත්තේ පොඩි පුතගෙන් පමණයි..පවුලෙ බර කරට ගන්නට තිබියදීත් ලොකු පුතා කසිප්පු තිත්පලවල් වල ලඟිමින් ගමටම අංක එකේ රස්තියාදු කාරයා උනේ ගමේ හැමෝගෙම දොස් අසමින්..චූටි දුව රැකියාවක් කරන නමුත් නොගැලපෙනා පෙම් හබයක පැටලී ඇයගෙන්ද හිතට සහනයක් නැත.නෝනාද පාසල් ගමන නවත්වන්නට සැරසෙයි..මලී පමණක් තාමත් පාසල් යයි..ඔය සියලු දේ දරාගෙන කුලී වැඩ ,කුඹුරු වැඩ කර කාන්ති පවුලේ බඩ කට පුරවන්නට සමත් උනා...

මලීWhere stories live. Discover now