chapter 4

31 4 1
                                    

ඈතින් පෙනෙන මහියංගනෙ චෛත්‍යය දෙස බලාගෙන මිලාට තුරුලු වෙලා මලී සිටියේ තණකොල පිටියක වාඩි වෙලා..

"අපි හවස් වෙනකන්ම ඉදලා යමු හරිද.."

මුලින්ම මුනිවත බින්ඳෙ මිලා....

"හවස් උනොත් අම්මා බය වෙයි.."

" දන්නවද මලී හවස තමයි මං දවසෙන් ආසම වෙලාව."

මලී දෙස පහන් බැල්මක් හෙලමින් මිලා මිමිණුවා ...

"ඇයි ඒ"

"ඉර බැහල යනකොට කොහේවත් නැති ලස්සන පාටක් අහසට එකතු වෙනවා..ඊට පස්සෙ සීතල සුළඟ ....ලා අඳුර ....මං ආසයි...ඔයත් මං ලඟින් හිටියොත්........"

"ඒ උනාට හවසෙන් පස්සෙ කලුවර  වෙනවා කියල ඔයා දන්නෙ නැද්ද... ඒ හින්දා මං හවසට කැමති නෑ.."

" මලී අපි හිතන්න ඕන කලුවර ගැන නෙවේ...ඒ කලුවර කපන් පායන හඳ ගැනයි..."

මිලා ඈත බලන් මුමුණද්දි මලී ඔහු දෙසම බලන් ඉඳියේ  ආදරෙන්  මුසපත් වෙලයි...

"මෙයා දන්න දේවල් ...කවිකාරයෙක්ද මන්දා.."

මිලාගෙ උරිස්සට තට්ටුවක් දැම්මෙ මලී හිනා වෙමින්......

"කවිකාරෙයක් තමයි ඇයි.."

"මං ආසයි කවිකාරයන්ට.."

" ඇත්තට "

මලී දිහා ආදරයෙන් බලමින් මලීගෙ ඉනවටා අත යවමින් මලීව ලං කරගත්ත මිලා  මලීව සන්සුන් කරගත්තෙ මලී හා ඇස් යා කරමින්...
ටිකෙක් ටික මලීගෙ මුහුණට එබෙද්දි මලී එයින් මිදෙන්න උත්සහ කලත් මිලා මලීව තව දැඩිව අල්ල ගත්තෙ මලීට සෙලවෙන්නට වත් ඉඩක් ලබා නොදෙමින්.......මලීගෙ තෙත් තොල් මත මිලාගෙ විශාල තොල් රැඳවූයේ මලීත් මිලාත් වෙනම සිහින ලොවකට ගෙන යමින්... සියුම් හාදුව ටිකෙන් ටික දැඩි වෙද්දි මලී ඇඹරෙද්දි මිලාගෙ අත් මලීගෙ පිට දිගේ දිව ගියේ හාදුවට මලීගෙ ප්‍රතිචාරය තවත් වැඩි කරමින්...

" යකෝ මුන් පොදු ස්ථානයකවත් හැසිරෙන්න දන් නෑ නොදකින් විතරක්..."

ඔවුන් අසලින් යන නාදුනන අයෙක් බැන වදිනවා ඇසී මලී වහා මිලාගෙන් ඈත් වුණේ  එය කන ඇසූ පමනින් ...

මලීWhere stories live. Discover now