chapter 5

64 4 1
                                    


කෑමට ඉතා ප්‍රිය කරන මලීට විටකදී කෑම අමතක  වෙන්න පටන් අරන් තිබුණා...හුඟක් වෙලාවට ඔහේ බලාගත්ත අත බලාගෙන කල්පනා කරේ මූණේ හිනාවක්ද මවා ගනිමින්...කාන්තිට සමහර දේවල් එකපාරකට වඩා කියන්නට වුණේ මලීට ගොඩක් දේවල් ඇහෙන්නෙ නැතුව යද්දි......කාන්තිට වෙනදට වඩා වෙනසක් මලීගෙන් දැනිලා තිබුණා...

" හත්දෙයියනෙ මලී තමුසෙට අමු කැවිලද බන්..."

මලීගෙන් හැන්ද උදුර ගත්ත කාන්ති හොද්දට පූ ගාන ගමන් හැදි ගෑවා..
කාන්ති කුස්සියට එනකොටත් මලී  හොද්දට හැන්ද ඔබා ගෙන කල්පනා ලොවක තනි වී සිටියේ  හොද්ද  උතුරා යමින් ලිපෙන් දුම් දමද්දියි...

" අනේ ඇත්තමයි උබ දැන් ඉන්නෙ මේ ලෝකෙ නම් නෙවෙ..."

කාන්ති රවද්දි  මලී බිම් බලාගෙන යන්න ගියේ ඔලුව කසන ගමන්...

"ඇත්තටම දැන් නම් මං ඉන්නෙ සිහියෙන් නෙවෙයි" 

ඇදට වැටෙන ගමන් මලී මිමිණුවේ අතින් මූණ
වසාගන්න ගමන්...

🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼

දවස් ගනන් ගෙවී යද්දි  මිලාගෙන් මලීට ලියුම් ලැබුනෙත් මලී ලියුම් තැපැල් කලෙත් රහසි ගතවයි...නෝනා සැරින්සැරේ ගෙදර ආවාම සිදුවෙමින් පවතින සියල්ල නෝනගේ කන තබන මලී  නෝනගෙන් උපදෙස් ලබා ගන්නද අමතක කලේ නෑ...ලැබන සියලු ලියුම් මලී එකතු කරේ මතක සටහන් ලෙසයි...මලී මිලා ආදර කතාව දලුලද්දි  විජේ සැරින් සැරේ  තිස්සව ගෙදර ගෙන්න ගත්තෙ යාලුවෙක් විදියට උනත් එහි යටි අරමුණක් ඇති බව දැනන් හිටියෙ මලී විතරයි....

මලීට මිලාගෙන් ලැබුණු  ලියුමක ලියා තිබ්බෙ දෙවන හමු වීම ගැනයි...පෝය දවසට මහියංගනය පන්සලට එන්න යැයි ලියා එවා තිබුණා.මලී සතුටින් උඩ පැන්නෙ මිලාගෙ ජම්බු නහය ගැන මතක් කරමින්...මලී එයට පිලිතුරු ලිපියක් නොලීවේ ලිපිය ආපසු ලැබෙන දිනට  කලින් හමුවීමෙ දිනය යෙදී ඇති නිසයි.
මලී එදා ඉදන්ම ලැහැස්ති උනේ පෝයදවසටයි... මුලු අල්මාරියම ඇදලා  මලීට ගැලපෙන ගවුමක් තේරුවෙ එදාට ඇදන් යන්න..ඒත් මලීගෙ හිතට හරියන ඇඳුමක් හම්බුනෙ නෝනගෙ අල්මාරියෙන්...සියල්ල කලින්ම සූදානම් කරගත්ත මලී ඇඟිලි ගැන්නෙ පෝය දවස් එනකන්...
ඒ අතර මලීට ගෙදරින් එලියට යන්නටත් සාදාරණ හේතුවක් සොයන්නට වුණේ නිකරුණේ ඇවිදින්න කාන්තිගෙන් අවසර නොලැබෙන නිසයි.

මලීWhere stories live. Discover now