එදා කොළඹ ගිහින් ආවයින් පස්සෙ ඊළග සතියෙ ඒ කිව්වෙ ඊයෙ මට ආයෙ කොළඹ යන්න ලැබුනෙ නෑ..... අනුක් අයියා හදිසියෙන්ම අසනීප වෙලා නිසා ක්ලාස් නෑ කියල මට අනුක් අයියගෙ හස්බන්ඩ් කෝල් එකරල කිව්වා....
පස්සෙ මන් ඒ ගැන අයියට කිව්වම එයා කිව්වා අනුක් අයියට ලොකු අසනීපයක් තියෙනව කියල ....තාමත් ඒක සම්පූර්ණයෙන්ම හොද නෑ කිව්වා...නිතර නිතර මතු වෙනවලු.... පව් අනුක් අයියා....ඇත්තටම මන් දැනන් ඉදියෙ නෑ එහෙම දෙයක්.....
එදා ශොපින් මෝල් එකේ ඇවිදිද්දි උනත් අනුක් අයියා ගොඩාක් ඇවිදල මහන්සි වෙනවට හස්බන්ඩ් කැමති උනේම නෑ......සමහර විට ඔය හේතුව නිසා වෙන්නැති.... අපි තව ෆ්ලෝ එකක් උඩට යන්න හදද්දි එයා බැන්නා ' දැන් ඔය මදිද . තමුන් තමුන්ගෙ තත්වෙ දැනගෙනද හැසිරෙන්නෙ ' කියල .... එච්චරයි කිව්වෙ බැන්නෙ වත් සැර කළේ වත් නෑ.....ඒ උනාට ඒ මනුස්සය එහෙම කියද්දිත් නිකන් බයිනව වගේ තමයි ....එයා නිකන් සාමාන්‍ය වචනයක් කිව්වත් නිකන් දැනෙන්නෙ බයින්ව වගේ ..... ගහගන්න වගේනේ කතාව....
අනුක් අයියා හදල තීන විදිය තමයි ඉතිං ....හුහ් මන් උනා නම් ඔහොම හදන්නෑ ශුගර් ඩැඩීව.....
සතියක් ඔහේ ගෙවිලා ගියා කිව්වට මොකද මගේ හිත දෙගිඩියාවෙන් දෙපැත්තට දෝලනය වෙන සිද්ධියක් අත ළගම එන ගමන් තිබ්බා.....
ඊයෙ රෑ සිත්තප්පා ගෙදර ආවා... එයා ආවෙ අපිව අද යාපනේ එක්කන් යන්න.....
සිත්තප්පා පාට්ටි එක්ක අම්මා ගැන කතා කරල.....කොහොමත් පාට්ටිලා ඒ හැටි අපේ අම්මට නම් කැමති නැෑ..... අද වෙනතුරුත් අපි ගැන හොයල බැලුවෙ සිත්තප්පා විතරයි නෙ.....
සිත්තප්පට අම්මා ගැන හැගීමක් දැනුනෙ කොහොමද කියල නම් මන් දන්නෑ.... ඒත් මෙතුවක් කාලෙකට අප්පා හිරේ යන්න කලින් නම් සිත්තප්පා එහෙම දෙයක් හිතේ තියාගෙන හැසිරුනේ නෑ කියල මට සීයට දාහක් ශුවර්..... සිත්තප්පා ඉදියෙත් බදින්නෙ නෑ කියල තමයි ......
සිත්තප්පා පාට්ටිගෙන් අවසර අරගෙන .....ඇත්තටම කිව්වොත් පාට්ටි එකම වතාවක් වත් අපෙ අම්මව දැකල තිබ්බෙ නෑ.... ඒ නිසා අම්මව අක්කන් සිත්තප්පට එන්න කියල ....

YOU ARE READING
Hollow Spirit 🍁
Random🍁 ඊයෙ හවස් වරුවෙම මාව කන්න හදල මට වද දීලා එයා කොළ කෑල්ලක ලියාගත්ත පදපේලි ටිකක් පේරාදෙණිය කැම්පස් එකේ ළමයි ඉස්සරහ දිගහැරගනිද්දි ජිම්නිසියම් එකෙ ඉස්සරහම පුටුවක ඉදගෙන මන් එයාගෙ දිහා බලාගෙන ඉදියා...... මගේ පුංචි රෝස මලේ.... මමයි නුඹේ වියපත් බඹරා.... ...