පඩිපෙල නැගගෙන උඩට ඇවිත් මන් සර්ගෙ කාමරේ දොරට තට්ටු කළත් විනාඩි කිහිපයක් ගියත් කිසි හාවක් හූවක් නෑ....
මන් දොර ඇරන් බෙල්ල විතරක් දාලා බැලුවම මන් දැක්කෙ ඇදේ නිදන් උන්න සර්ව....
යන්න හිත මොකද්දෝ කිව්වත් මන් හෙමින් අඩිය තියල කාමරේට ආවෙ සර්ට ඇහැරෙන්නැති වෙන්න...
සර් හොදටම නිදි.... මිස් කිව්වෙ ගෙදර එන්න පාන්දර උනා කියල ...
OIC සර් ඇත්තටම වයස කීයද දන්නැ.....මූණ බැලුවම නම් එච්චර වයස පාටක් පෙන්වන්නෙ නෑ....තාම බැදලත් නැහැනේ....
ඒ උනාට සර්ට ගෑණු ළමයෙක් එහෙම ඇති ... සරුත් ඉතිං ලස්සනයි නේ....ඔච්චර ලස්සනක් තියාගෙන සර් කොහොමද බේරිලා ඉන්නෙ.....
" ඉන්නෙ නම් දෙකට ගනින්න බැරි අහිංසකයා වගේ....!!"
මට මතක් උනේ සර් කලින් දවසක් මට බැනපු වීදිය...
කොච්චර ලස්සන උනත් වැඩක් තියේද හොස්ස ළගින් මැස්ස යන්න බැයි නම්.....
මන් ආයෙ නිහඩවම බැලුවෙ අල්මාරිය දිහා.... මන් එහෙම අල්මාරිය අවුස්සන එක හරි නෑ නේද.... මොනා උනත් මන් පිට මනුස්සයෙක් නේ....
ඒත් අනේ මන්දා....මිස් කිව්වනේ ඉතිං ....
සර් දිහාත් බලලා සර් ඇහැරෙන්නෙ නැති වෙන්න මන් හෙමීට අල්මාරියේ දොර ඇරියා....
සර්ගෙ ඇදුම් පිළිවලට නවල තියෙද්දි මන් උඩින්ම තිබ්බ නිල් පාට ටී ශර්ට් එකක් මන් දැක්කා....
" තමුන් මොන හයියකටද මගේ අල්මාරිය අවුස්සන්නෙ ආ !!!"
" ආහ්හ් "
කන ළගින් ඇහුන කටහඩට මන් ගැස්සෙනවත් එක්කම සර් මගේ අත් දෙක දෙපැත්තට කරල අල්ලගෙන අල්මාරියට හිර කළේ උනේ මොකද්ද කියල මට හිතාගන්න බැරි වෙද්දි....
" ස....ර්....."
" සර් තමයි ..... උඹ හිතන් ඉන්නෙ මන් සිහි නැති වෙලා ඇද උඩ උන්නා කියලද ආ.... !! කියපන් උඹ ආවෙ මොනා හොරකන් කරන්නද ආ ? "
" ම්හ්...ස...ර්.... "
සර් මගේ අත් දෙක අඹරල අල්ලගනිද්දි බය උන පාරට මගේ ඇස් වලට කදුළුත් පිරුනා.....

STAI LEGGENDO
Hollow Spirit 🍁
Casuale🍁 ඊයෙ හවස් වරුවෙම මාව කන්න හදල මට වද දීලා එයා කොළ කෑල්ලක ලියාගත්ත පදපේලි ටිකක් පේරාදෙණිය කැම්පස් එකේ ළමයි ඉස්සරහ දිගහැරගනිද්දි ජිම්නිසියම් එකෙ ඉස්සරහම පුටුවක ඉදගෙන මන් එයාගෙ දිහා බලාගෙන ඉදියා...... මගේ පුංචි රෝස මලේ.... මමයි නුඹේ වියපත් බඹරා.... ...