Jungkook 's pov:
කාලය අල්ලලා නවත්වගන්න පුළුවන් නම් කියලා හිතෙන්නේ මේ වෙලාවට.... අපි ගොඩක් සතුටින් තමයි දවස් ගෙව්වේ... Uni එකේ වැඩ... අපේ part time job.... එතකොට අපේ චූටි චූටි විනෝද ගමන් .... හැමදේම එක්ක අපි ගොඩක් සතුටින් කාලේ ගතකරේ.... ඉඳලා හිටලා korean ගියා මායි taetae යි ඒ ගියෙත් අපේ අයියලා ව බලන්න විතරයි... Yizhan ලත් china ගියා.... එයාල නම් ඉතිං වැඩි දවසක් china වල ඉඳලා තමයි එන්නේ....ඒත්..
අවුරුදු 3ක් අපි එකට හිටියා... එකට ජිවත්වුනා කිව්වොත් හරි.....
එක කාමරයක් බෙදාගන්න ....එක කෑම එක බෙදාගන්න....එකට එකතු වෙලා assignment කරන්න පාඩම් කරන්න...එක ඇඳක් උඩ හතර දෙනාම එකතු වෙලා එක එක games play කරන්න.... අපිට දැන් අපි නැතුව බෑ වගේ... ඒත් කාලය ලං වෙනවා අපිට වෙන් වෙන්න...හෙටින් අපේ uni life එකේ අවසන් වසර පටන් ගන්නවා.... ගොඩක් මහන්සි වෙන්න ඕන අවුරුද්දක් මේක.... දැන් අපි ඉන්නේ අපේ hostel එකේ නම් නෙමේ අපිටම කියලා ගත්ත apartment එකේ....අපේ ගියා uni නිවාඩුවට කලින්ම තමයි අපි මේ apartment එකට ආවේ...
එක room එකේ හිටිය අපි දැන් ඉන්නේ room දෙකක......
මං හිතන්නේ ඔයාලා හිතුව වැරදියි.... මායි taetae යි එකක කියලනේ හිතුවේ... මායි yibo යි එකක අර දෙන්න එකක .... අපිම තමයි ඉතිං එයාල එක්ක එකට ඉන්න ලැබුන අවස්ථාව නැති කරන්න ගත්තේ....
Uni එකේ නිවාඩු ලැබුන දවසෙ මායි, yibo යි Dk යි තව අපේ යාලුවෙක් ඉන්නවා xuan කියලා china පොරක් ඌයි අපේ set එකට ඉන්න එකම USA කොල්ලා Peter යි club ගියා... අර දෙන්නට හොරෙන් ඉතිං ගියේ...
මොකද එදා Taetae යි zhanu යි එයාගේ music කරන යාලුවෝ ටිකයි 1st year කොල්ලෝ set එකකට උන්ගේ project එකකට උදව් වෙන්න ගියා....එදා ඉතිං අපි ගෙදර ආවේ කකුල් දෙකෙන් නෙමේ හතරෙන්.... මොකද කෙලින් ඉන්න පණ නැති වෙනකන් අපි බිව්ව....
එදා මතක් වෙද්දීනම් මට හිනත් එක්ක ....
එදා දවසේ රෑ-:
💜, zhanu දැන් නම් මට බයත් එක්ක.... එයාලා දෙන්නා තාම නෑනේ....
YOU ARE READING
𝙻𝚘𝚟𝚎 𝚈𝚘𝚞 𝙵𝚘𝚛𝚎𝚟𝚎𝚛 [ʸⁱᶻʰᵃⁿ ᵃⁿᵈ ᵏᵒᵒᵏᵗᵃᵉ ˢⁱⁿʰᵃˡᵃ ᶠᶠ]☑️
Romanceමුලු ජීවිතය පුරවටම එක් කෙනෙක්ට විතරක් ආදරේ කරන අය ඉන්නවා ..... මට ඕනේ ඒ වගේ ආදරේ කරන කෙනක් මම එයගේ පළවෙනි වගේම අන්තිම ආදරේ වෙන එක.. ඔයාට එහෙම කෙනෙක් ලැබෙන්න කියලා ප්රාර්ථනා කරනවා. ගොඩක් ස්තූතිය . ඔයාට එපාද එහෙම කෙනෙක් ... මට ඉන්නවා එහෙම කෙනෙක් ද...