Jungkook's pov :
පැය දින සති විදියට මාසයක්ම ගෙවිලා ගියේ අපි අලුත් පරිසරයකට හැඩගස්සමින්. ඒකාකාරී අපේ කාලසටහනේ විවේක කාල වල අපි උපරිමෙන් එකට ඉන්න තීරණය කලා වගේම.... එහෙම කළා.
ඒත් මම tae එකක් ගත කරන කාලය අනිත් දෙන්නත් එක්ක ඉන්න කාලයට වඩා වැඩියි.tae දැකපු දවසෙ ඉදන් හිතට දැනුන ඒ අමුතු මුළු ඇඟම හිරි වැටෙන හැගීම අදටත් දැනෙනවා. cafe එකේ ඉදන් රෑ වෙලා එද්දී එයා හැමදාම මගේ අත අල්ලන් එන එක පුරුද්දක් කරගන. අපි දෙන්න හිනා වෙවී කතා කරකර එන දිහා බලන් ඉන්න අය නම් අපි couple එකක් කියලා හිතනවා ඇති. අනිත් අය හිතන්නේ මොනවා වුනත් අපි තාම හොඳම යාලුවෝ.
තව විශේෂ දෙයක් තමයි zhan දැන් හීනෙන් බය වෙන්නේ නෑ. එයා කියනවා දැන් එයාට ඒ නපුරු හීනෙ පේන්නේ නැත්තේ අපි එයත් එක්ක ඉන්න නිසාලු.අනික ඉතින් yibo හැම දමා එයාට නින්ද යනකන් එයාගේ ඇඳට වෙලා ඉන්නවනේ. එක එක දවසට එක එක හේතු එයාට zhan ගේ ඇඳට වෙලා ඉන්න.
දවසක් උදෙත් ඒ ඇඳේ ම නිදි. හැමදාම කලින් නැගිටින දෙන්න හොඳට නිදි මම නැගිට්ටේ නැත්නම් job එකත් නැති වෙනවා පරක්කු වෙලා. එදා අපිට උදේම බොන තේ එකත් නෑ. උදේම අපේ තේ එක zhan ගේ අතින් හැදෙන එක පුරුද්දක් වෙලානේ දැන්.
VOCÊ ESTÁ LENDO
𝙻𝚘𝚟𝚎 𝚈𝚘𝚞 𝙵𝚘𝚛𝚎𝚟𝚎𝚛 [ʸⁱᶻʰᵃⁿ ᵃⁿᵈ ᵏᵒᵒᵏᵗᵃᵉ ˢⁱⁿʰᵃˡᵃ ᶠᶠ]☑️
Romanceමුලු ජීවිතය පුරවටම එක් කෙනෙක්ට විතරක් ආදරේ කරන අය ඉන්නවා ..... මට ඕනේ ඒ වගේ ආදරේ කරන කෙනක් මම එයගේ පළවෙනි වගේම අන්තිම ආදරේ වෙන එක.. ඔයාට එහෙම කෙනෙක් ලැබෙන්න කියලා ප්රාර්ථනා කරනවා. ගොඩක් ස්තූතිය . ඔයාට එපාද එහෙම කෙනෙක් ... මට ඉන්නවා එහෙම කෙනෙක් ද...