"ස්කෝලෙ දැකලා නෑ වගේ හතර වටේ කැරකෙන්නෙ. ඔය.. තව ඩිංගෙන් හොම්බෙන් යන්නෙ.." පඩිය නගිද්දිම මගෙ කකුල පැටලුනා.
"ඔලුවට ගහන්නෙ ඉතින්. මං බඩ වෙලා කියලා හිතුවද මනුස්සයෝ. අතිනුත් අල්ලන් තව. අනික ඇත්තනෙ අභී. මේ උතතමයා නාපු මාස ටිකට කවුද දන්නෙ මොනවා වෙනස් වෙලාද කියලා ස්කෝලෙ ඇතුලෙ."
"හොඳටම නෑව. මමනෙ දන්නෙ ඉතින්."
"මමඤෙ ජඤ්ඤෙ ඉතිඤ්.." අභීට ඇද කරපු මම අන්තිම පඩියත් නැගලා අපෙ පන්තියට යන්න තියන කොරිඩෝ එකට හැරුනා. අභී හිටියේ මං කොයි වෙලේ වැටෙයිද වගේ. තියන අඩියක් ගානෙ පරිස්සමින් පරිස්සමින් ගානවා. මොන යකෙක් වැහිලද මංදා. තව හයහමාරවත් වෙලා නැති නිසා පන්තියට එද්දි ළමයි ගොඩක් ඇවිල්ලා තිබ්බෙ නෑ.
"අනේ මගෙ ටකරම් වහලේ... රුහාන්.. මගෙ වශ්තුව..." රන්දුල් දුවගෙන ඇවිත් මගෙ බෙල්ලෙ එල්ලුනා.
"ගෑණි වගේ. අසහනේද බොට. පල අහකට මඟුල.. සෙමිගොල් දැක්කනං දිව හපන් මැරෙන්නෙ.. ඒව්.."
"ඔව් ඉතින්. උබව අල්ලන්න අයිතිය තිබ්බෙ එකෙක්ට විතරනෙ."
"මොනාද කුටු කුටු ගාන්නෙ. ඇහුනා හරිත.. එහෙම තමයි. නේද අභී... මං අභීගෙ වස්තුව. උඹලගෙ නෙවෙයි."
මං එහා පැත්තෙ හිටිය අභීගෙ අතට මගෙ උරහිසෙන් අනින ගමන් මං හිනා උනා. මං දිහා බලාගෙන ඉඳලා ලොකු හුස්මක් පහත දාපු රන්දුල් මගේ බෑග් එක අරගෙන ඌට එහා පැත්තෙන් තිබ්බා.
"ඔලුව රිදෙන්නෙ නෑනෙ දැන්."
"දැන් ලොකු අවුලක් නෑ බං. තද අව්වකට ගියොත් ටිකක් අමාරුයි. එච්චරයි."
"මං ගිහින් එන්නම් රුහාන්. පන්තියෙන් එලියට එහෙම යනවා නෙවෙයි. රන්දුල් මූට යන්න දෙන්න එපා එහෙ මෙහෙ."
"අන්න දැක්කද.. රන්දුල් මූ කියනවා මාව පන්තියෙම තියාගන්නලු එලියට යන්න දෙන්න එපා කියලා. මේ ඩුපූටියෝ.. උඹට වටේ රවුම් ගහන්න හොඳ නං මට බැරි ඇයි ආ.. කට පියාන ඉන්නෙ. ඔව් කියපන්කො රන්දුලයො.."
"එ.. ඒකනෙ තේශික. මූ පව් නෙ." රන්දුල් හිනා වෙලා මගෙ එහා පැත්ත බැලුවා.
YOU ARE READING
අසුරුසන් 🌸 (COMPLETED)
Non-Fiction"යොමු නොවූයේ නොමැත" කියලා කියනවට වඩා කෙලින්ම යොමු උනා කිව්වනම් ඉවරනෙ. පොත්වලටත් විකාර.."