පහුවදා පොඩි හයික් එකක් තිබ්බා ඒ ස්කෝලෙ ඉඳලා පැය දෙකක් විතර දුර පන්සලකට. යන්න එන්න ඕනෙ පයින්මයි. එයාලා හැම petrol එකකටම මැප් එක ගානෙ දෙනවා. තව පාරේ මං සලකුණුත් තියනවා. මැප් එකත් බලාගෙන මං සලකුණු ඔස්සේ අපි ඒ පන්සල හොයාගන්න ඕනෙ. ඊටපස්සේ ඒ පන්සලේ තැන් petrols අතරේ බෙදලා කසල පවිත්‍ර කරන වැඩසටහනක් කරනවා. ඒකෙ විස්තර පන්සලට ගියාම කියන්නම් කිව්වා. උදෙන්ම කණ්ඩායම් රැස්වීම් ඉවරවෙලා අපි හයික් එකට ලෑස්ති උනා. වැඩසටහන නම් කරලා තිබුනේ "ඇසෙන් සිතට" කියලා.
"මගෙ ටකරං වහලේ... කොයි පණ ඔයා.. මගෙ දිස්නෙ වදින ලස්සන පොඩි ඇස් දෙක වහගෙන තාම දොයිද සත්තලං.."
මං අහන්නෙ කොයි බූරුවද ආදරේට ටකරං වහලේ වගේ අසභ්‍ය වදන් පාවිච්චි කරන්නෙ. නෑ ඉතින්.. රන්දුලයට තියෙන්නෙ මං ගැන සහෝදර කැක්කුමක්ලුනෙ. ඒක පැත්තකින් තියන්නකො. ඔක්කොමත් හරි මූ ප්‍රින්සිපල් ඉස්සරහ උනත් මට ඔය නමින් කතා කරන්න දෙපාරක් හිතන්නැති එකයි මෙතන මට තියන එකම බය. නිකං හිතන්න මගෙ නම්බුවට මොකද වෙන්නෙ.
5.45 යි වෙලාව. රන්දුලයට කහන නිසා ඌත් උදෙන්ම නැගිටලා දැන් මාව හොයාගෙන ඇවිත් වද දෙන්න හදනවා. මං තව ටිකක් ඇස් දෙක තද කරලා පියාගත්තා. දිස්නෙ වැදිලා රන්දුලයගෙ ඇස් දෙක පොට්ට උනොත් ඒකටත් මං වග කියන්න එපෙයි. මම හිටියේ අභීගෙ අස්සට රිංගලා පස්සත් උඩ දාගෙන හොඳ සැපට. එයා ලඟ රස්නියි අනේ.. අභීට නං ඇහැරිලා නෑ. එය මගෙ වටේ අත දාගෙන හොඳට දොයි.
"සංකොටේ.. නැගිටපන්කො.."
"ම්ම්...හ්... පලකො අහකට සාපෙ.." මම තව ටිකක් අභීගෙ අස්සට ගුලි උනා.
"කොහොමත් තව පැය කාලකින් නැගිටින්න වෙනවා. ඒ නිසා වරෙන්." මගෙ පස්සට හයේ හතරේ සොට් එකක් වදිද්දි මම කෑගහගෙන නැගිට්ටා..
"හු$% උදේ පාන්දර මොන ල$%% කරනවද මඟුල. දුලීකා.... අනේ මගෙ පස්ස බල්ලෝ.." මං ඇඹරි ඇඹරි පස්ස අත ගාගන්න ගත්තා. "වහගනින් පොඩ්ඩක් ඔය හොරණෑව. අභී නිදි කියලා පේන්නැද්ද. දැන් ඉතින් මාව නැගිට්ටව්වනම් උස්සන් ගිහින් මූණත් හෝදවපන්." රන්දුල්ට බැන බැන මම අභීගෙන් හෙමීට අයින් වෙලා නැගිට්ටා. පව් අභී.. මේ මෝඩයා නිසා ඇහැරෙන්නත් තිබ්බා.
YOU ARE READING
අසුරුසන් 🌸 (COMPLETED)
Non-Fiction"යොමු නොවූයේ නොමැත" කියලා කියනවට වඩා කෙලින්ම යොමු උනා කිව්වනම් ඉවරනෙ. පොත්වලටත් විකාර.."