A/N
"හරේ..න්.. මගෙ.. ද..රුවා.."
රුහාන්ගෙ තාත්තා, ශාන් ICU එකෙන් එලියට ආපු ඩොක්ටර් ලඟට දුවගෙන ගියා. තේශිකගෙ.. එහෙමත් නැත්තන් අභීගෙ අම්මා, අඬලා අඬලා හෙම්බත් වෙලා ඉන්න රුහාන්ගෙ අම්මව වත්තම් කරගෙන ගල් ගැහිලා වගේ රූම් එක එලියෙ බෙන්ච් එකේ ඉඳගෙන ඉන්නවා. රුහාන් ඉන්න වෝඩ් එකේ කොරිඩෝව කෙලවරේම ඉමෙත්, නිදුල, තිරන්ය තුන් දෙනාම ඉකි ගහ ගහ අඬන රන්දුල්ව සනසවන්න ලෝක යුද්ධයක් කරන ගමනුයි හිටියෙ.
"surgery එක 100% successed ශාන්. දැන් බය වෙන්න දෙයක් නෑ. සිද්ධ උනේ රුහාන්ට ඇත්ත දරාගන්න බැරි උන එක ශාන්. ඇක්සිඩන්ට් එක වෙලා රුහාන් අවදිවෙද්දි පලවෙනියටම පුතාගෙ මොලයට එන්නේ තේශික නැතිඋනා කියන එක. ඒක එයාගෙ මතකෙ කාවැදිලම තිබුන අවසාන මතකය. මොකද තේශික නැතිවෙලා තිබුනේ රුහාන්ගෙ ඇස් ඉදිරිපිටම නිසා. ඒත් යම්කිසි හේතුවකට රුහාන්ගෙ මොලය තේශිකගෙ මරණය පිළිගන්න සූදානම් වෙලා ඉඳලා නෑ. බොහෝදුරට ඒ සිදුවීම රුහාන්ගෙ මොලයට දරන්න බැරි තරම් තද කම්පනයක් වෙලා. ඒ නිසයි ඇක්සිඩන්ට් එකෙන් පස්සෙ.. කොමා එකෙන් ඇහැරුනාට පස්සෙ.. තේශික එයා ළඟ නැති උනත් හැමවෙලේම රුහාන් ආදරේ කරපු තේශිකව එයත් එක්ක මවාගෙන හිටියෙ. ශාන් බය නොවී ඉන්නකො. ඔයාට මේවා තේරෙන නිසා මං කියන්නෙ. කම්පනේ ගොඩක් තදින් පුතාට බලපාලා තිබුනත් නැවත කොමා තත්ත්වෙකට වැටෙන්නෙ නෑ. සිහිය එන්න දවස් දෙකක්වත් යයි. නමුත් සිහිය ආපු මොහොතේ ඉඳන් රුහාන්ව තනි කරන්න එපා කොයිම වෙලාවකවත්. තේරුනානේ."
"දරුවා..."
"දැන්ම රුහාන්ව බලන්න බැරි වෙයි. තව පැය තුන හතරකින් පුතාව බලන්න යන්න පුළුවන්. මම හැමදේම ඇතුලෙ arranged කරලා ආවේ. බය නොවී ඉන්න. පුතාට මොකුත්ම වෙන්නෙ නෑ."
"thank you so much හරේන්."
"anything for you ශාන්. රුහාන් මට මගේ එකා වගේ..."
"මගෙ පුතා විඳවනවා එහෙන්.. සඳූ මේ දේවල් කොහොම දරාගෙන ඉන්නවද මංදා. පහුගිය ටිකේ අපි දෙන්නා හිටපු ගින්න උඹ දන්නෑ බං. රුහාන් හැමවෙලේම අභී අභී කියන්න ගත්තාම සඳූගෙ හුස්ම හිරවුනේ නැති ටික විතරයි. එයා හැමවෙලේම තේශික පුතාව එයා ලඟින් මවාගෙන හිටියෙ. තේශික පුතාගෙ ගෙදර පවා ගියා."
ESTÁS LEYENDO
අසුරුසන් 🌸 (COMPLETED)
No Ficción"යොමු නොවූයේ නොමැත" කියලා කියනවට වඩා කෙලින්ම යොමු උනා කිව්වනම් ඉවරනෙ. පොත්වලටත් විකාර.."