"කූඩැල්ලො නැති එකම වාසනාවක් දෙයිසන්තෝ...." ________ ස්කෝලෙ ග්‍රව්න්ඩ් එකේ අපි පෝලිම් ගැහිලා ඉද්දි මට පිටිපස්සෙන් හිටිය ඉමෙත් හෙමීට සාධුකාර දුන්නා.
ඒ අස්සෙ රන්දුලයයි තිරන්‍යයි දෙන්නා එහා පැත්තෙ mix scl එකක හිටිය ගෑණු ළමයි වගේකට අඟර දඟර පපා හිටියා. අම්මපා මුන්ට මෙහෙම තැනකට ඇවිල්ලත් එක විදිහකට ඉන්න බැරි හැටියක්. මට නං කවුරුත් දිහා බලන්න ඕනෙ කමක් නෑ. මගෙ අභී ඉන්නවනෙ. මගෙ ඉස්සරහින් හිටගෙන හිටිය එයාගෙ දිහා බලලා මම හිනා උනා. ඒක එයා දැක්කෙ නෑ ඉතින්. වෙලාව උදේ හතහමාර පහු උනා විතරයි. ඒ උනාට ඉර එළිය ටිකක් සැරයි.
"රූ... අව්ව අමාරුද?" අභී මං දිහා හැරුනා.
"නෑ අභී.. ලොකු අවුලක් නෑ.."
"ඉක්මනට මීට්ස් එක ඉවර වෙයිනෙ. අපි හෙවනකට යමු ඊට පස්සෙ.."
එතකොටම chief commissioner ඇවිත් දබරඇඟිල්ල උස්සලා විසිල් එකෙන් සංඤාවක් දෙද්දි අපිත් සද්ද නැතුව හෙඩ්ලට අවධානය දුන්නා. ගෞරව ඝෝෂාවයි, එයාලගෙ පුරාජේරුයි ඉවර වෙලා.. කොඩි කණුවෙ වැඩ, හෙඩ්ලගෙ කතා, අපි අද ඉඳන් දවස් පහක් මොනවද කරන්න ඕනෙ, දවසේ පැතුම ඔය ඔක්කෝම අහගෙන ඉඳලා යන්තන් විසිර යා කියන වචනෙ ඇහුනා. ස්කෝල දහයකින් ළමයි දහය ගාණෙ බාලදක්ෂයෝ සීයක් මේ කෑම්ප් එකට ඇවිල්ලා හිටියා. කියන්න අමතක උනා අපෙ ස්කෝලෙන් එකොලහක් යන්න ගිහින් අන්තිම මොහොතෙ එක ළමයෙක්ට හදිසි අසනීපයක් වෙලා නවතින්න සිද්ධ උනා. කෑම්ප් එක organize කරපු ස්කෝලෙන්ම invited scl වලට ග්‍රව්න්ඩ් තැන් බෙදලා තිබුනෙ කලින්ම.
අපිට හම්බුනේ ඒ ස්කෝලෙ බිල්ඩින් එකක් ළඟ කොටසක්. එතන දවල්වරුවට උනත් ඉර එලිය කෙලින්ම වැටෙන්නෙ නැති තැනක් උන එක අපි හැමෝටම වාසනාවක්. අපි දහ දෙනා එතන ටෙන්ට් ගහලා ස්තානය තහවුරු කරන්න පටන් ගත්තා. කෑම්පින් සයිට් එක සරසන වැඩ හවස් වෙලා කරන්න කියලා අපිට දැනුම් දුන්න නිසා අපි නිවාඩු පාඩුවේ ටෙන්ට් ටික ගහන්න ගත්තා. ප්‍රියන්ති මිස් අපේ ටෙන්ට් ගැන බලන්න ආවා. ඔයාලා හිතනවා ඇති කොල්ලො සෙට් එකක් කොහොමද මිස් කෙනෙක් තනියම ආංබාං කරන්නෙ කියලා. කිව්වට විශ්වාස කරන්න. අපි මිස් කියන වචනෙකින් පිට යන්නෙ නෑ. වෙන මොකටවත් නිසා නෙවෙයි. මිස්ට තරහ ගියොත් මෝහිණී කැලේ කියලා අත්දැකීමෙන් අපි හැමෝම දන්න නිසා. මිසුත් කොල්ලෙක් වගේ ඕනෙම වැඩකට රෙඩී.
YOU ARE READING
අසුරුසන් 🌸 (COMPLETED)
Non-Fiction"යොමු නොවූයේ නොමැත" කියලා කියනවට වඩා කෙලින්ම යොමු උනා කිව්වනම් ඉවරනෙ. පොත්වලටත් විකාර.."