"තමුසෙට මැරෙන්න හිතිලද ඕයි මේ සීතලේ ඩයිවින් පූල් එකට පැන්නේ..?"
මං අකමැතිම ඩීප් වොයිස් එක ඇහුනේ කලින් තිබ්බ බැරැන්ඩි ගතිය නැතිව. එපාර නම් ඒ වොයිස් එකේ තිබ්බේ කේන්තියක්. මං ඌ දිහා නොබලා මගේ කකුල් දෙක දිහා බලාගෙන හිටියා.
"නැගිටපන්..."
තේජාන්කාරයා, මාව වාරු කරගන්න ගමන් කිව්වේ කර වටේ අත දාලා. ඔව්. ඔව්. ඌ තමා මාව බේරගෙන තිබ්බේ. කෙළින්ම අභීත්ගේ අභිමානයට හෙන ශොට් එකක් වැදුනා. මීට හොඳයි පූල් එකේ ගිලිලා මං මළා නම්. ඔයාලා හිතුවේ මාව බේරගත්තේ කෙල්ලෙක් කියලද..? හුහ්... කෙල්ලෙක් වුණා නම් මේ අභීත් ඔහොම නැලවි නැලවි ඉන්නෑ. මූ මට CPR* දුන්නද දන්නෑ. ඉයෑව්... එතකොට මූ මගේ ලිප්ස් ටච් කළාද දන්නෑ කියලා හීන් බයක් හිතට ආවා. මගේ සෙක්සි ලිප්ස් දෙක තාම වර්ජින්. කෙල්ලෙක්ටවත් මං තාම ලිප් කිස් දීලා නෑ යකෝ. කොල්ලෙක් ඒකේ රහ බැලුවද කියලා හිතෙද්දි නම් තොල් දෙක කපලා දාන්න හිතුනා. මූට නම් මොකෝ මූට ඒවා පුරුදු ඇතිනේ. එහෙම කරන්න නැතුව ඇති කියලා මං හිත හදාගෙන තේජාන්කාරයාට බර දීලා නැගිට්ටේ ඇඟට ලොකු ෆිට් එකක් නැති නිසාමයි. අනික මට ෆන්ක්ශන් එකේදි තිමා කියපු එකත් ඒ අස්සේ මතක් වුණා. මූ ගැන එක එකා කියන කටකතා ඇත්තද කියන්න අපි දන්නෙත් නෑනේ. ඒ නිසා ඒ වල්බූත මං නොහිත ඉන්න ට්රයි කළා.
තේජාන්, මාව වත්තන් කරගෙන ගිහින් පූල් චෙයාර් එකකින් වාඩි කළා.
"දැන් ශේප් නේහ්..?"
තේජාන් ඇහුවේ පොරගේ සුපුරුදු ඩෝන්ට් කෙයාර් ටෝන් එකෙන්. I hate it, man... ඒත් මං ඒ ගැන නොහිත ඔලුව හොලවලා උත්තර දුන්නා. එපාර පොර මාව තියලා ආයේ පූල් එක පැත්තට ඇවිදගෙන ගියා. අපේ උන් ඌට කොලු සීන් කිව්වට ඌ, හාෆ් නේක්ඩ් ඇන්ඩ් වෙට් ලුක් එකකින් හිටපු මං දිහා ඇස් කොණකින්වත් බැලුවේ නෑ කියලා ඒ අස්සෙත් මට මීටර් වුණා. එහෙම කොල්ලෙක් වුණත් නොබලා ඉන්න ෆිගර් එකක් නෙවේ මට තිබ්බෙත්. බලාගෙන යද්දි ගිනි නැතුවත් නගින දුම් තියනවා.
තේජාන් ආයේ එනකන් මං ඕවා හිත හිත කන් දෙකට ගිහින් තිබ්බ වතුර අයින් කරගන්න ට්රයි කළා ඔලුව දෙපැත්තට හොලවලා. ඒකෙන් පොඩි ෆේන්ටිෂ් ගතියක් ආව නිසා මං එහෙමම ඇස් දෙක පියාගත්තා.
YOU ARE READING
oveЯDose 🤘 (Season 01) ✅
General FictionMusic Change Lives 🤘 ✍🏼 Sakuni Hatharasinghe & Shamindi Wijesinghe #fiction #sinhala #16plus #musicandarts #entertainmentindustry #contemporaryrealisticfictionnovel #season01 Start- 2023.09.20 Complete- 2023.11.08 To be continued with Season 02...