හොද තද නින්දක වැටිලා හිටපු සෝයුන් ඇහැරුනේ එයාගෙ පෝන් එක rings යන සද්දෙටයි.. නිදිමරගාතෙම පෝන් එක අතට අරන් බැලුවත් unknown number එකක් නිසයි පෝන් එක පැත්තකට දාලා නිදාගන්න හැදුවෙ.. ඒත් ආපහු rings යන්න ගත්ත නිසා එහෙමම ඉදගෙන call එක answer කලා..
කෝල් කරපු කෙනාගෙ කටහඩ අහලා පුරුදු උනත් හරියට මතකෙට එන්න තරන් සිහියක් නින්දෙන් ඇහැරුනු සෝයුන්ට තිබ්බෙ නෑ..."Hi... soyun..,good morning. I'm Lay.."
Lay කියලා කියද්දි තමයි එයාට උනු දේවල් මතක් වෙන්න ගත්තෙ.. මේ දේවල් ගැන හිතලා හිතලම සෝයුන් ඊයෙ නිදාගන්න යද්දිත් මහා රෑ වෙලා.. එයාට හිතාගන්න බෑ එයාගෙ ජීවිතේට මොනවා වෙන්න යනවද කියලා.. ඇත්තටම සෝයුන්ට දැනුනෙ එයා sandwich එකක් මැද්දෙ හිර වෙලා වගේ..
Chanyeol යි Lay යි කියන පාන් පෙති දෙක මැද්දෙ හිරවෙලා.සොයුන්ටවත් හිතාගන්න බෑ එයා කොයි පැත්තට වැටෙයිද කියලා.. සෝයුන්ට දැන් lay ව හම්බෙන්න යන්නත් වෙලා...ඒත් එයා තවමත් ජීවත් වෙන්නෙ chanyeol ගෙ ගෙදර.. chanyeol එක්ක... Ex fiance එක්ක.. wtf man...??
චැන්යොල් ගෙ අප්පා එදා soyunගෙන් marry කරන්න කාවද තෝරගන්නෙ කියලා අහපු අනික් කෙනා තමයි lay."Goodmorning lay.. ඒත් මේ උදේම...??..මොකක් හරි කියන්න තියෙනවද...."
Soyun ගේ හිතේ ඇත්තටම මොකුත් දෙයක් lay ගැන තිබුනෙම නෑ.. චැන්යොල් එයාට අර විදිහට සලකලත් එයාගැන තිබුනු තරම් හැගීමක්වත් lay ගැන ඇති වෙලා තිබුනෙ නෑ... එද chan ගෙ අප්ප ලගදි chan ව reject කරපු දවසෙ ඉදන් පොඩ්ඩක් හැදීගෙන ආව chan ගෙයි soyun ගෙයි අතර දේවලුත් ආපහු පරන විදිහටම හැරිලයි තිබ්බෙ....එදා ඉදන් chanyeol soyun එක්ක වැඩි කතාවක් නැතුව ගිහින් එයා එයාගෙ වැඩක් බලාගන ඉන්නවා.. සෝයුන්ට ඉස්සර වගේ බනින්නවත් එන්නෑ..එහෙම බනින්න හේතුවක් නෑනෙ ඉතින්..
soyun ට මේකට දුකක් තිබ්බත් එයා මොකුත් කියන්න කරන්න ගියෙ නෑ.. මොකද එයාවත් දන්නෑ එයගෙ ජීවිතේට මොන මගුලක් වෙනවද කියලා.. එයාට ඔනි දැන් දුර කොහෙ හරි ගිහින් තනියම ඉන්න මේ සේරගෙන්ම ඈත් වෙලා..."එහෙම මොකුත් නෑ.. මන් කොහොමත් උදේම ඇහැරෙන නිසා ගත්තෙ..."
Lay ගෙ කටහඩින් කියන්න පුලුවන් එයත් මේ දැන් නැගිට්ටා විතරයි කියලා..
YOU ARE READING
The Common Denominator 💥❣️
Abenteuerඝාතන ගොඩකට මුල් වූ මනෝව්යාදික දාම සාතකයකු සොයා යන ඔහු වටා ගෙතුනු කතාව 💥👊❣️