" නංගි.. "
" අහ්.. "
" මොකක්ද මේ රෑ ඔතන කරන්නෙ..? "
" මුකුත් නැහැ අයියෙ.. මම මේ අහස දිහා බලන් හිටියා.. අද තරු ගොඩයි.. ඒත් හඳ නැහැ.. "
" අද අමාවකනෙ.. "
" හ්ම්.. ඔව්නෙ.. "
•
•" අයියා.. ඔයාට ගර්ල් කෙනෙක් ඉන්නවද..? "
" අහ්.. නැහැ.. "
" ක්‍රශ් එකක්..? "
" නැහැ.. "
" හ්ම්ම්.. "
" ඔයාට..? "
" ම්ම්.. ක්‍රශ් එකක් ඉන්නවා..! "
" ඒ කවුද..? "
" මම අඳුරන අයියා කෙනෙක්.. අවුරුදු හයක් තිස්සෙ මම එයාට ආදරෙයි.. "
" මොකක්..? අවුරුදු හයක්...? "
" ම්ම්... අවුරුදු හයක්.. "
" ඇයි ඉතින් ඔයා එයාට කියන්නෙ නැත්තෙ..? "
" මටත් එයාට ඒක කියන්න ඕනෙ ඒත් කියන්න බැහැ.. මම එයාට ඒක කිව්වා කියලා ඒකෙන් වෙනසක් වෙන්නෙ නැහැ.. මොකද එයා මට ගොඩක් ළඟ කෙනෙක්.. ඉතින් එයා මට අකමැති වෙයි.. එයාගෙ ගෙදරිනුත්.. එහෙම වුනොත් මට වෙන්නෙ හැමදාම විදවන්න.. "
" ඉතින් ඔයා දැනුත් එයාට තනියෙම ආදරේ කර කර කරන්නෙ විදවන එක නෙමේද..? "
" ම්ම්.. මටත් ඒක හිතුනා.. ඒත් මෙහෙම ඉද්දි මට නංගි විදිහට හරි එයාට ලං වෙන්න පුලුවන්.. ඒක මට සතුටක්.. එයාව නැතිම වෙනවට වඩා.. "
" ඔයා එයාට ගොඩක් ආදරෙයි වගේ.. "
" ඔව්.. මගේ පණටත් වඩා.. ඔයා දන්නවද... මගේ ජීවිතෙත් මේ හඳ නැති තරු පිරිච්ච අහස වගේ.. මගේ වටේ කොච්චර කට්ටිය හිටියත් මට ඕනෙ කෙනා මගේ ළඟ නැහැ.. "
" ම්ම්.. ඔහොම තනියම ආදරේ කරන එක ගොඩක් අමාරුයි නේද..! මම හිතනවා කවදාහරි ඒ මෝඩයට ඔයාව තේරෙයි.. ඔයාට ඔයාගෙ ආදරේ ලැබෙයි.. "
" ම්ම්.. "
මගේ උරහිසට තට්ටු කරපු එයා මගේ ළඟින් යද්දි එයා යන දිහා මම බලන් හිටියා..
" තමන්ටම මෝඩයා කියාගන්නවා.. "
එයා එකපාරම නැවතුනා..
මම හිතන්නෙ එයාට ඒක ඇහුණා..
ඔව්.. එයාට ඇහුණා....To Be Continued..
•
•29092022
~ MK ~