09

10 1 0
                                    

වෙයි යින්ග් ,
එදා එහෙම යන්න හැදුවත් ඔහුගෙ හිත ඔහුගෙ ආදරණීයයා ඉදිරියෙ හඩාවැටෙන්න ඇති ,

" ලාන් චාන්.. මට යන්න බැහැ.. මට ඔබ සමඟ සිටිය යුතුයි.. ලාන් චාන්.. කරුණාකර මා ඔබ සමඟ තබා ගන්න.. " කියා.

ලාන් චාන් ,
මාර්ගයෙන් පසෙකට වෙලා වෙයි යින්ග්ට යන්න ඉඩ දුන්නත් ඔහුගෙ හිතත් ඔහුගෙ ආදරණීයයා ඉදිරියෙ හඩාවැටෙන්න ඇති ,

" වෙයි යින්ග්.. යන්න එපා.. කරුණාකර ඔය ලෙස යන්න එපා.. වෙයි යින්ග්.. කරුණාකර මා සමඟ රැදෙන්න.. " කියා.

කෙසේ වෙතත් ,
ඒ ආත්ම සහකරුවන් ,
ඒ අන්දකාර රාත්‍රියෙ ,
එකිනෙකාගෙන් වෙන් විය..

නමුත් ,
ඔවුන්ගෙ හදවත් කිසිදිනෙක ,
එකිනෙකාගෙන් වෙන් නොවිය..

ගතින් වෙන් වුනත් ,
සිතින් සැම විටම ,
ඔවුන් ඔවුන් සමඟමය..


19102022
~ MK ~

19102022~ MK ~

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
Thoughts Where stories live. Discover now