🌸 Youth 🌸
නිශ්ශබ්දවෙන්න..."
ගුරුවරයාගේ හඩට පංතියේ තැන් තැන් වල කල්ලි ගැහිලා කියවමින් ඉදපු ළමයි හැමෝම තම තමන්ගේ ඩෙස් ළඟට ගියා.
"Good morning ලමයි..."
"Good morning සර්..."
ළමයි හැමෝම ගුරුවරයාට එක හඩින් කියද්දී, ශාන් දොර ළඟ හිටගෙන පංති කාමරය පුරාවට ඇස් යැව්වා. අංතිමේදී දොරට උඩින් ගහලා තියන බෝඩ් එක ලඟ ශාන්ගේ ඇස් නැවතුනා.
"12 - කලා අංශය
පංති භාර - වෙන් ලියන්"දුශ්කර ගම්මානයක ජීවත් වෙලා ශැංහයි නඟරයට ආව ශාන්ගේ හිතේ පොඩි තිගැස්මක් තිබ්බත් ශාන් එයාගෙ හිත සන්සුන් කරගෙන ගුරුවරයා තමන්ව අලුත් පංතියට අදුන්වලා දෙනකම් දොර ලඟ හිටගෙන බලාගෙන හිටියා.
"ළමයි... මේ ඉන්නේ ශියාඕ ශාන්... අද ඉදන් මෙයත් ඔයාලගෙ පංතියේ... හැමෝම ශාන්ට වැඩ කරගන්න උදව් වෙන්න ඕනේ... තේරුනාද..."
"තේරුනා සර්..."
ලියන් සර්, ශාන්ට අතින් පංතිය ඇතුලට කතා කරන ගමන් කියද්දි හැමෝගෙම ඇස් ශාන් දිහාට යොමු උනා. හැමෝම තමන් දිහා බලන් ඉන්න බව තේරුනු නිසා ශාන් බිම බලාගෙනම පංතිය ඉස්සරහට ඇවිත් ඔළුව නමලා ආචාර කලා.
YOU ARE READING
🌸 Youth 🌸
Fanfiction❤️ """වාව්... මේ වගේ අයත් මේ ලෝකේ ඉන්නවද අප්පා... ඉටි රූපෙකට පන ඇවිල්ලා වගේ...""" 💚 """මොකද්ද එයා මට කතා කරපු නම... 'බෝ...??' ඒ නම ඇහෙද්දී ඇයි මගෙ පපුව මේ තරම් හයියෙන් ගැහෙන්නේ..."""