50. අමතක නොවෙන දවසක් 02...🌸

51 10 5
                                    

🌸 Youth 🌸

උදේ කාලයේ කොන්සර්ට් එක ඉවර වෙන්න තවත් ඉතුරු වෙලා තිබුනේ අයිටම්ස් දෙකක් විතරයි… නාට්‍යකට ඕන කරන විදිහට බැක්ග්‍රවුන්ඩ් එක ලෑස්ති කරලා ස්ටේජ් එක පිටිපස්සේ තිබුනුරූම් එකට ආපු ශාන් ඇතුළු කණ්ඩායම අහු වුනු අහු වුනු තැන් වල කකුල් අත පය දිගෑරගෙන මහන්සි නිවන්න උනා…

"ඩ්‍රාමා එකේ දෙවනි කොටසට ආයිමත් බැක්ග්‍රවුන්ඩ් එක ලෑස්ති කරන්න ඕනේ… ඒකට ඕන කරන දේවල් ටික හරිනේද…"

ෆන්ග් ශාන් ලඟට කිට්ටු වෙලා අහද්දී ශාන් ආයිමත් වතාවක් අනිත් ඒවගෙන් වෙන් කරලා බිත්තියට හේත්තු කරලා තියන සැරසිලි ටික දිහා බලලා ඔළුව උඩ පහල වැනුවා…

"ඔයා මේ මල්ලිලා තුන් දෙනත් එක්ක ගිහින් ස්ටේජ් එකේ තියන ඒවා ටික අයින් කරන්න… ඉතුරු අය මාත් එක්ක…."

ශාන් එයා වටේට තැන් තැන් වල ඉදගෙන ඉදපු කණ්ඩායම දිහා බලලා කරන්න ඕන වැඩ පිළිවෙල ගැන කියන්න පටන් ගත්තත් ශාන්ගේ කියවිල්ල ඉබේටම නැවතුනේ දොර ලඟින් මතුවුන රූපේ නිසා… කොන්සර්ට් එකේ අවසානම අංගය කරන්නේ යීබෝ ඇතුළු ළමයි කීපදෙනෙක් කියලා දැනගෙන හිටියත් වැඩත් එක්ක ශාන්ට ඒ ගැන මතකෙට නොඑද්දි නොහිතපු වෙලාවක නොහිතපු පෙනුමකින් දොර ලඟින් මතුවුනු ‍යීබෝගේ රූපය නිසා ශාන්ගේ කට කතා කර කර ඉදපු විදිහටම භාගෙට ඇරුනා…  
ශාන් කතා කරමින් ඉදපු එක එක පාරට නතර වුන නිසා කාමරේ ඉදපු අනිත් ළමයින්ගේ අවධානෙත් යොමු උනේ රූම් එකට අලුතින් ආපු කොල්ලෝ ටික ලඟට… යීබෝට පිටිපස්සෙන් බිනාත් ඊට පිටිපස්සෙන් තවත් දහතුන වසරේම පිරිමි ළමයි දෙන්නෙකුත් දොළහා වසර පිරිමි ළමයෙකුත් පේළියට රූම් එකට ඇතුල් වෙද්දී භාගෙට කටත් ඇරගෙන ඇහිපිල්ලමක්වත් නොගහා ඉන්න ශාන්ව දැක්කම යීබෝගේ කට කොනට හිනාවක් මතුවුනා…

"අඩෝ… උබලා ටික ප්‍රධාන ආරාධිත අමුත්තෝ ටික වගේනේ…"

ශාන්ගේ කණ්ඩායමේ ඉදපු පිරිමි ළමෙක්ගේ කටහඩින් පියවි සිහියට ආපු ශාන් ඉක්මනින් භාගෙට ඇරිලා තිබුනු කටත් වහගෙන වටපිට බැලුවේ ශාන් හිටපු විදිහට කවුරු හරි දැක්කද කියලා හිතන ගමන්… කලබලෙන් වටපිට බලපු ශාන් ආයිමත් යීබෝ දිහා බලද්දී කට කොනක ඇඳුනු හිනාවෙන්ම ශාන් දිහා බලන් ඉදපු යීබෝ ඇහිබැමක් උස්සලා ශාන්ගෙන් ඇයි කියලා ඇහුවා… 
ශාන්ට මතක් උනේ උදේ යීබෝව මුණගැහුනු වෙලාවෙදි යීබෝ පොඩි එකෙක් වගේ කියලා ශාන්ට හිතුන විදිහ… යීබෝට පොඩි එකෙක් වගේ කියලා කිව්වේ ඇයි කියලා තමන්ගෙන්ම අහගන්න ගමන් ශාන් යීබෝගෙන් ඇස් අහකට ගනිද්දී යීබෝ අරගෙන ආපු ගිටාර් එක පුටුවක් උඩින් තිබ්බා…
කොන්සර්ට් එකේ අවසාන අංගය විදිහට යීබෝත් තවත් ළමයි හතරදෙනෙකුත් ලෑස්තිවෙලා හිටියේ සිංදු කීපයක් කියන්න… ළමයි පිරිස එක එක්කෙනත් එක්ක කතාවට වැටෙද්දී ටික වෙලාවක් ශාන් දිහා බලාගෙන ඉදපු යීබෝ හිමින් හිමින් ශාන් ලඟට එන්න පටන් ගත්තා…

🌸  Youth  🌸Where stories live. Discover now