• 07 •

119 34 34
                                    


" දෙයියනේ කුමරුනී !! අ අනේ ටේහ්‍යුන් සර් ! "
සේවිකාව තමන්ගේ පපුවත් අල්ලගන කෑගහද්දි ටේහ්‍යුන් අඩිය ඉක්මන් කරලා දිව්වේ ඒ විසාල රාජකීය කාමරයේ සඳලුතලයට ..

ටේහ්‍යුන් වත් තිගැස්සුනා .. ඔවුන් මෙතෙක් වේලා සෙව්ව ඒ නපුරු කුමාරයා හිටියේ සඳලුතලයේ .. නිකම්ම නෙවෙයි ඒ තද වර්ෂාව මැද ඔහු සඳලුතලයේ බිම ඉඳගන හිටියා .. පෙනී යන විදියට නම් ඔහු ගොඩක් වෙලා එතන රැඳුන පෙනුමයි .. ජිමින් ගොඩක් තෙමිලා හිටියා .. ඔහුට සිහිය ගිලිහෙමින් තිබුනා .. ඒ තරමටම ඔහු මේ දින කීපයම වතුරේ ගත කලා .. දැනටමත් ජිමින් ගේ ශරීරයට සීතල අල්ලලා ..

ඔහු ඔලුව සඳලුතලයේ අත්වැටට හේත්තු කරාන ඇස් පියාන හිටියා .. සේවිකාව කෑගැසුව වෙලේ වත් ජිමින් ඇස් ඇරලා නැහැ ..

" අහ් අම් .. මම ... මම බලාගන්නම් ඔබ දැන් යන්න .. "
ටේහ්‍යුන් එහෙම කිව්වම සේවිකාව ටේහ්‍යුන් දිහා ටිකක් වෙලා බලාගන හිටියා ..

" එ ඒත්__ "

" මම කිව්වනේ .. ප්‍රශ්නයක් නැහැ කියලා "
ටේහ්‍යුන් ටිකක් තදින් කියද්දි සේවිකාව ඉක්මනට ඔහුට හිස නවලා කාමරයෙන් එලියට දිව්වා ..

" ච් ... "
සේවිකාව කාමරයෙන් පිට උන බව තේරුන ගමන් ටේහ්‍යුන් හෙමින් ජිමින් ගේ ලඟට ගියා .. ඔව් ජිමින් ට දැනටමත් සිහිය ගිලිහිලා තිබුනා.. ටේහ්‍යුන් ජිමින් ඉස්සරහාට නැමිලා ඒ පියවුන දිගටි ඇස් දිහා බලාන හිටියා .. ජිමින් තවමත් තෙමෙනවා .. ටේහ්‍යුන් තමන් නොතෙමෙන හරියට ගිහින් ජිමින් දිහා බලාන හිටියේ ..

ටේහ්‍යුන් ට හිතුනා ජිමින් ව එතන අතෑරලා කාමරෙන් එලියට යන්න .. ඉතින් ඔව් ලුසිෆර් ට උවමනා එයාගේ ගොදුරේ අවසානය ... ඒක මේ විදියට ස්වභාවිකව වෙනවා නම් කිසිම ප්‍රශ්නයක් නැහැනේ ..
ටේහ්‍යුන් ඔලුව ඇල කරලත් ජිමින් දිහා බැලුවා .. ඔහුට ජිමින් ගැන අනුකම්පාවක් දැනුනේ නම් නැහැ ඒත් .. ටේහ්‍යුන් ට කුතුහලයක් ආවා .. ජිමින් වගේ කෙනෙක් ඇයි මෙහෙම හැසිරෙන්නෙ කියන දේ ගැන ...

ටේහ්‍යුන් තවත් ටිකක් කල්පනා කලා ..ජිමින් ව ඔහේ තෙමෙන්න ඇරලා ඔහු ආයෙම කාමරය ඇතුලට එන්න හැරුනත් එක්කම ජිමින් ගෙන් හීන් කෙඳිරියක් පිට උන නිසා ටේහ්‍යුන් ආයෙමත් ජිමින් දිහා බැලුවා .. ඔව් ඔහු ට සිහිය තිබුනා .. ජිමින් ලාවට ඇස් ඇරියා ..

𝓜𝔂 𝓓𝓮𝓪𝓻 𝐕𝐈𝐎𝐋𝐄𝐓 🍂 𝟏𝟗𝟓𝟎 𝐄𝐧𝐠𝐥𝐚𝐧𝐝 ( VMin ) Ongoing Where stories live. Discover now