• 13 •

131 29 32
                                    


" ඔව් ... මම දැන් එනවා ...

බය වෙන්න එපා .. ගොදුර පණපිටින් අල්ලගන්න එක මගේ ප්‍රතිපත්තියක් "

ඔහු කළු පාටින්ම ඇඳගන හිටියා .. ඒ වගේම ඔහුගේ මදක් දිග කළු ඝන කොන්ඩය පිටුපසට පීරා තිබුනේ ඒ පළල් නළලත් , කෝපාකාර ඇස් එක්කලා රැලි උන ඇහිබැමිත් පැහැදිලිව පේන ලෙසයි ..

මේසය මත රැඳුන ඔරලෝසුවෙන් උදෑසන එකේ සීනුව නාදවෙද්දියි ටේහ්‍යුන් ඔහුගේ Triumph Thunderbird වර්ගයේ මෝටර්සයිකලයේ යතුරු කැරැල්ල අතට ගත්තේ ..

ඔව් ඔහුට කොන්ත්‍රාත්තුවක් ලැබුනා ... ඒ නිසාම කාටත් හොරා ඇන්මර් මාලිගයෙන් එලිවෙන අතේ පිටත්වෙන්නටයි ඔහු මේ සැරසෙන්නේ ...

ඔහු ස්ටීවන්ගේ කාමරයෙන් එලියට බැස්සා .. ඒ විශාල මාලිගාවේ උස්වූ බිත්ති වල එල්ලූ ලාම්පු තවමත් දැල්වෙමින් තිබුනා .. මාලිගාව කිසිදාක අඳුරේ තිබ්බෙ නෑ මේ තාක්කල්ම .. සේවිකාවන් සැවොම නින්දේ හිටිය නිසා ටේහ්‍යුන් ට පහසු උනා මාලිගාවෙන් හොරෙන්ම පිටත් වෙන්න .. ඔහු මාලිගාවේ පහත මාලයට විත් යලිත් වරක් හැරී බැලුවේ ජිමින්ගේ රාජකීය කාමරය දෙසයි ...

.
.

" ආඅහ්හ්හ් .. ග්ග් "

සූදුපලෙහි එක් අඳුරු කොරිඩෝවකින් ඇසුන ඒ අඳෝනාව වෙනුවෙන් කිසිකෙනෙක් හිටියෙ නම් නැහැ .. Heck ! කවුද උදෑසන දෙක පසුවෙද්දි සූදුපලේ රැඳෙන්නේ ? අවශ්‍යයෙන්ම වෙරිමතේ වූවන් ඔහේ වැටී හිටියොත් මිස සූදුපලේ කිසිවෙක් රැඳුනේ නෑ .. අනෙක් අතට Grosvener සූදුපල යනු ලුසිෆර් ගේ නිවහන වගේ උනා .. ඔහුගේ සෑම කොන්ත්‍රාත්තුවක්ම අවසාන කලේ මෙහිදියි .. ඉතින් අයෙක් ලුසිෆර් ව දැක්කත් කොහෙත්ම ඔහුගේ වැඩකට බාධා කරන්නෙ නෑ .. මොකද ඔවුන් හොඳාකාරවම දන්නවා ලුසිෆර් බොහෝදුරට සූදුපලට එන්නේ කොන්ත්‍රාත්තුවකට බව ..

" මොකද උනේ ... ? හුස්ම .. හුස්ම හිරවෙනවා වගේද ම්ම් "
ඒ හඬ පුදුම තරම් භයානක වගේම ගැඹුරු සන්සුන් උනා .. ඒ ඇස් දකින ඕනිම කෙනෙක් ඉබේම වෙව්ලාවි .. ඒ විසාල වූ ඇස් වල රතු නහර පෑදිලා තිබුනා .. ඒ තොල් කොනෙහි හිනාව කෙටි නමුත් දුෂ්ඨ පෙනුමක් ගත්තා .. ඔහු බිම වැටී සිටි අවුරුදු හතලිහක පමණ වූ පුද්ගලයාගේ ගෙල මත ඔහුගේ reptile 1950 වර්ගයේ කළු පැහැති සපත්තුව තද කරගනයි හිටියේ ... ඔහුගේ දෑත් හරිම සරලව කලිසම් සාක්කු තුල තිබුනා වගේම ඔහු වටා තවත් දෙදෙනෙක් බිම වැටී හුස්ම අල්ලන පුද්ගලයා දෙස බලාන හිටියා ..

𝓜𝔂 𝓓𝓮𝓪𝓻 𝐕𝐈𝐎𝐋𝐄𝐓 🍂 𝟏𝟗𝟓𝟎 𝐄𝐧𝐠𝐥𝐚𝐧𝐝 ( VMin ) Ongoing Where stories live. Discover now