• 16 •

137 27 28
                                    


" ඔව් ... තව මිනිත්තු කීපයකින් මෙහෙන් පිටත් වෙනවා .. "

ටේහ්‍යුන් හිටියේ අශ්වගාලෙන් පිටත නවතා තිබුන ෆෙරාරිය අසලයි .. ඔහු දුරකථන සංවාදය නතර කරනවත් එක්කමයි ජිමින් අශ්ව ගාලෙන් පිටතට ආවේ .. ජිමින් පැමිනෙනවා පෙනිපෙනීමයි ටේහ්‍යුන් ෆෙරාරියට ගොඩවෙන්නට උත්සාහ කලේ ඒත් තරහින් මූණත් පුම්බාගන ආව ජිමින් ටේහ්‍යුන් එක්කලාම රථයට ගොඩවෙන්නට උත්සාහ කලා ..

ජිමින් හා හිත් අමනාපෙන් හිටිය නිසාම ටේහ්‍යුන් තීරණය කලා ඉදිරිපස පැසෙන්ජර් අසුනෙන් ඉඳගන්න .. ඔහු මොකකටද ජිමින් ගේ තරහින් ඉදිමුණු මුහුණ දෙස බලාගන ඉන්නේ .. ඒ නිසාමයි ඔහු ඉදිරිපස අසුනේ දොර විවර කරන්නට හැදුවේ ..

" ටේහ්‍යුන් .. "
ටේහ්‍යුන් එක්කලාම ජිමින් පිටුපස අසුනට දොර විවර කරමින් හිටියා .. ඔහු ටේහ්‍යුන් ට මුහුණලා බලාගන ටේහ්‍යුන් ට අමතද්දී විවර කල දොර ටේහ්‍යුන් ආයෙමත් වහලා ජිමින් දිහාවට ඇස් යොමුකලේ ...

" පිටිපස්සෙන් නගින්න .. "
ජිමින් නිකටත් උස්සලා දැම්ම ඒ ආඩම්බර බැල්ම ටේහ්‍යුන් ට බොහොම නුරුස්සන එකක් .. ජිමින් ට ටේහ්‍යුන් ගේ මුහුණෙන්ම පෙනුනා ඔහු හිත් අමනාපයෙන් වගේම තරහකින් ඉන්න බව ..

ටේහ්‍යුන් තරහින් හිටිය නිසාම ඔහු ආයෙත් වතාවක් ඉදිරිපස දොර විවර කලත් යලිත්වරක් ජිමින් ඔහුට කතා කලා .. මෙවර නම් ටිකක් තදින් ..

" ටේහ්‍යුන් ? I said get in the back seat "
ඒත් ඔව් .. ජිමින් ට උවමනා උනා කලින් වතාවේ තමන් ටේහ්‍යුන් ගේ හිත රිදෙව්ව එකට සමාව ගන්න .. ඔහු ඒයට වචන ගලපාගන නොසිටියත් ඔහුගේ හිතේ පසුතැවිල්ලක් තිබුනා එහෙම හදිසියේම කලබල වීම ගැන ..

ඒත් ජිමින් ගේ ඒ තද වචන ටේහ්‍යුන් ගේ කෝපය තවත් ඇවිලුවා .. ටේහ්‍යුන් යනු වඩාත් ඉවසන මිනිසෙක් .. නමුත් කිසිවෙක් නොදන්නා ලුසිෆර් නම් මිණීමරුවා ඔහුතුල සිටින නිසාම ටේහ්‍යුන් ඉක්මන් කෝපකාරයෙක් වුනා ..
ඒ නිසාමයි ඔහු ඇරිය දොර ගොඩක් සැරෙන් වහලා දැම්මේ ..

" මෙහෙම කියනවට සමාවෙන්න කුමරුනී ඒත් .. ඔබතුමා හිතනවා නම් ඔබතුමා කුමාරයෙක් වූ පලියටම මේ හැටි පුද්ගලයින්ව පාලනය කරන්න පුළුවන් කියලා .. ඔබතුමාට විශාල වරදක් වෙලා ...
කුමාරයෙක් වුනත් ඔබතුමා කියන කියන සැරයට ඉඳගන්නයි නැගිටින්නයි මිනිස්සු ඉදිරිපත් වෙන්නෙ නැහැ .. "
ටේහ්‍යුන් ඔහුට ආව තරහටත් එක්කලාම වාහනයට නගින්න ඉන්න ජිමින් ගේ මූණටම ඒ වචන වලින් දමලා ගහද්දි මෙතෙක් වේලා ආඩම්බරයෙන් හිටිය ජිමින් ගේ මුහුණ ඉක්මනට වෙනස් වුනා ...

𝓜𝔂 𝓓𝓮𝓪𝓻 𝐕𝐈𝐎𝐋𝐄𝐓 🍂 𝟏𝟗𝟓𝟎 𝐄𝐧𝐠𝐥𝐚𝐧𝐝 ( VMin ) Ongoing Where stories live. Discover now