• 18 •

127 26 18
                                    


"සාමාන්‍ය දෙයක් ? ටේහ්‍යුන් ඔබ කොහොමද ඒක කිව්වෙ ආ .. ? එසේනම් ඔබ ස්ව කැමැත්තෙන්ම රුධිරය තෝරාගත්තාද ? "

ජිමින් ගේ ඒ ප්‍රශ්නය හමුවේ ටේහ්‍යුන් නිරුත්තර උනා .. ඔහුට දීගන්න තරම් පිළිතුරක් කල්පනා උනේ නෑ .. ටේහ්‍යුන් මේ තරමටම තමන්ගේ ජීවිතය ගැන හිතලා තිබුනෙත් නැහැ ..

අනෙක් අතට ඔව් .. ඔහු මුල් කාලයේදී මේ ජීවිතය පිළිගන්නට අකමැති උනත් මේ වෙද්දී ලුසිෆර් කියන චරිතය ටේහ්‍යුන් ගේ ජීවිතයට අමුත්තක් නොවෙයි නේ .. ඔහුට මිණීමරුවෙක් වීම ගැන ඒ තරම් හිතාමතා පුරුද්දක් නැහැ ..

ඔහු ඇහිබැම් අකුලමින් බිම බලාගනිද්දී ජිමින් තරහින් ටේහ්‍යුන් ගේ කමිස කොලරයෙන් අල්ලාගත්තා ..

" මම තමුන්ගෙන් ප්‍රශ්නයක් ඇහුවා ටේහ්‍යුන් ! තමුන් මිණීමැරීම පහසුවෙන් තෝරාගත්තාද ? "

" දෛවය අපේ ජීවිත යොමුකරන්නේ අපි නොසිතන මාවත්වලට කුමරුනි .. ජීවත් වීම වෙනුවෙන් අපි කැමති වුනත් අකමැති උනත් යා යුතු මග යන්නම වෙනවා .. "
හිස එසෙව්ව ටේහ්‍යුන් තම කමිස කොලරයෙන් අල්ලාගන හිටිය ජිමින් ගේ අත් අල්ලාගත්තා ... ඔහු එහෙම කියමින් ජිමින් ගේ අත් තමන්ගේ කමිසයෙන් ගලවා දැමුවා ..

" චහ් .. දාර්ශනික කතා ! "
ටේහ්‍යුන් ගෙන් ඈත් වුන ජිමින් නක්කල් සිනාවක් ඔහුට පාකරලා ඉවත බලාගනිද්දී .. ටේහ්‍යුන් නැමී ඒ වටිනා බුමුතුරුණ මත හැලී තිබුන බෙහෙත් බෝතලය අතටගත්තා ..

" නිදි පෙති ? කුමක්ද හේතුව ඔබතුමා මෙහෙම හැසිරෙන්න කුමරුනී ? "
ඉවතට හැරුන ජිමින් ගේ දෙස බලාන ටේහ්‍යුන් එහෙම අහද්දී ජිමින් බොහොම ටිකක් ටේහ්‍යුන් වෙත හිස හැරෙව්වා ..

" ටේහ්‍යුන් ට මතකද මම කිව්වා .. සමහර මිනිසුන් ඉන්නවා .. තමන්ගේ ජීවිතේ සමහර තීරණ වෙනුවෙන් තවත් කෙනෙක් ගේ උදව් පතන .. ? "

" මට මතකයි .. "

" ඉතින් ටේහ්‍යුන් ට පෙනෙන්නේ නැද්ද .. මං වෙනුවෙන් හිටිය එකම උදව්කාරයා මා දමා ගොස් බව ? හ්හාහ් .. දැන් මගේ ජීවිතය හිස් ටේහ්‍යුන් ... ජීවත්වීමට මම වෛර කරන්නට අරන් .. ඉතින් මට ඉතිරි ජීවිතයත් මට අනවශ්‍යයි නම් ? "
ජිමින් ගේ ඇස් වලට යලිත් කදුළු පිරෙද්දී ඔහු ටේහ්‍යුන් ගෙන් ඉවත බලාගත්තා ... මේ විකාර කතාබහ වෙනුවෙන් කාලය වැයකරන්නට උවමනාවක් කොහෙත්ම නැති උනත් ටේහ්‍යුන් ගේ කකුල් ඔහුව ජිමින් අසලින් ඉවතට රැගෙන යාමට මැලිවෙන්න ගත්තා .. ඔහුගේ හිතේ ගැස්මක් තිබුනා ජිමින් ආයෙම වතාවක් සියදිවි හානි කරගන්නට උත්සාහ කරාවිදැයි ..

𝓜𝔂 𝓓𝓮𝓪𝓻 𝐕𝐈𝐎𝐋𝐄𝐓 🍂 𝟏𝟗𝟓𝟎 𝐄𝐧𝐠𝐥𝐚𝐧𝐝 ( VMin ) Ongoing Where stories live. Discover now