• 33 •

96 23 43
                                    


රාත්‍රී එකොලහ කිට්ටු වෙද්දියි ටේහ්‍යුන් මාලිගාවට ආවේ ..
" ඔහුට කොහොමද ? "

" අනේ තවමත් සිහිය ආවෙ නෑ ටේහ්‍යුන් සර් .. මට බයයි__ "

" බය වෙන්න එපා මරියා .. ශොක් එකක් ඇත්තේ .. Doctor කිව්වෙත් දවසක් දෙකක් යනකන් සිහිය නොඒවි කියලනේ .. අපි බලමු "
ටේහ්‍යුන් එහෙම කියමින් කෙටි හිනාවක් මරියාට පාලා ජිමින් ගේ කාමරය වෙත ගියා .. රත්‍රන් පාටින් වූ ඒ රාජකිය කාමරයේ දොර අගුල කරකවා ඔහු කාමරයට යද්දීත් ජිමින් හිටිවනම ඇඳේ වැතිර හිටියා ..

ටේහ්‍යුන් හෙමින් ඔහු වෙතට ගිහින් ඇඳ පල්ලට හැලී තිබුනු ජිමින් ගේ අතක් අල්ලගන ඇඳ මත ඉඳගත්තා ..

"මේක අහගන්නවා .. ඔය කුමාරවරුන්ට පෙන්නන තරම් ප්‍රශ්න නැහැ ඕයි .. උන් ඔය කරන්නේ මිනිස්සුන් දිනාගන්න උප්පරවැට්ටි .. "

ජිමින් ගේ අතෙහි ඇතුල් පැත්තේ වූ කැපුම් කැළැල් මත තම මහපට ඇඟිල්ල ගෙනියමින් ටේහ්‍යුන් කල්පනා කලේ සූදුපලේ මිනිසුන් ජිමින් ගැන කියූ දේවල් .. දැනටත් ජිමින් යනු කුමාරයෙක් යන නාමයේ හිරවුන අසරණයෙක් වගයි ටේහ්‍යුන් ට නම් දැනුනේ .. ඔහු ජිමින් ගේ මිණීමරුවා වනවාද , නොවෙනවාදැයි දෙවරක් හිතන තැනටම ඔහුට ජිමින් ගැන අනුකම්පාවක් දැනෙන්නට පටන් අරන් ..

ජිමින් ගේ ඇඳ පල්ලට හැලුන අත ඔහුගේ පපුව උඩින් රඳවලා ටේහ්‍යුන් හැරිලා ජිමින් ගේ කකුලේ පෙරදි වුන කැපුම් තුවාලය හෝදිසි කලා ..
වෙලුම බුරුල් කරලා ඔහු බැලුවේ තුවාලය කොයිතරම් සුවවෙලාද කියලයි ... දැනට නම් සෑහෙන්න දුරකට ඔහුගේ තුවාලට සුවවී තිබුනා .. ඒ නිසාම ටේහ්‍යුන් වෙලුම ඉවත් කර බෙහෙත් පෙට්ටියෙන් ගත්තු පැලැස්තරයක් ඔහුගේ තුවාලය මත අලවා පෙරවනයත් නිවැරදි කරමින් ඇඳෙන් නැගිට්ටා ..

" අහ්හ් .. "
ඒ එක්කමයි ඔහුට සිහින් කෙඳිරියක් නැගුනේ , ඔහුගේ උරහිස දැන් ඕනවටත් වඩා වේදනාකාරීයි වගේ .. එය මරියා ලවා හෝ උණුවතුරෙන් තවාගන්නට උවමනා උනත් ටේහ්‍යුන් පුරුදු ලෙසම එය නොසලකා හැරලා අනෙක් අතෙන් උරහිස මදක් සම්බාහනය කරමින් ජිමින් ගේ කාමරයෙන් පිටතට ගියා ..

𝓜𝔂 𝓓𝓮𝓪𝓻 𝐕𝐈𝐎𝐋𝐄𝐓 🍂 𝟏𝟗𝟓𝟎 𝐄𝐧𝐠𝐥𝐚𝐧𝐝 ( VMin ) Ongoing Where stories live. Discover now