වස්සානය ...
"ආයුෂ් අයියා ...ආයුෂ් අයියා...
"ඕයී යුෂ් ..
යකෝ නැගිටපිය .."ම්හ්...
"පොඩි නංගි කතා කරනවා බලපං ටිකක් ...
"ඉතින් උබ බලපංකො රෙද්ද මාව ඇහරවන්නෙ ...
මම තද නින්දක හිටිය මාව කූද්දපු සෙනුවගෙ ජාතකේ මතක් කරන ගමන් මං ශොප් එකේ ඉස්සරහට ආවා ..
"ඇයි පොඩී .. මොකද කෑ ගහන්නෙ ...
සුදු අත් බෝරිච්චි ඉන ලගට දිග ගවුමක් ඇදන් හිටය පොඩී ගෙන් මම අහද්දි ඒකී හිනා වුනා ...
මොනවා වුනත් සියාවන්ත පාටයි..."අන්න මේකලා මැණිකෙ නැන්දා අද කලින් වලව්වට එන්නයි කිව්වා .. සුදු අයියලගෙ දිහා කවුරුත් ඇවිත් පාටයි...
කෙල්ල හිනා වෙවී කියද්දි මම ටිකක් මතක් කරේ මොකාද එකපාරම වලව්වට කඩාපාත්වුන එකා කියලා හිතන ගමන් ..
"හම් .. පොඩී කොහෙ යන ගමන්ද ??
බැලූ බැල්මටම කෙල්ල නුවර මාළිගාවට යනවා පෙනුනත් මම නාහා බැරි කමට ඇහුවා ..
"මම මාලිගාව වැදලා එන්නම් සුදු අයියෙ හවස තේවාවට කලින් වැල් බෝදීයෙ බෝදිපූජාවක් තියන්න ඕන ...
කෙල්ල මල් වට්ටියත් හදන ගමන් කියද්දි මම ඔලුව වැනුවා...
" හරි පරිස්සමින් ගිහින් එන්න පොඩී ...රෑ වුනොත් කෝල් එකක් දාන්න තනියම එන්න එපා එක්ක යන්න එන්නම් ..
මම කියද්දි කෙල්ල හිනා වෙලා මල් වට්ටිය අරන් මං ගාවට ආවා ..
කෙල්ල මල් වට්ටිය මගෙ පැත්තට දික් කරද්දි මමත් මල් වට්ටියට අතගහලා කෙල්ලගෙ ඔලුව අත ගෑවා ..පොඩි නැන්දගෙ දුව වෙච්චි සංදීපා මට මගෙම නංගි වගේ ..."ගිහින් එන්නම් සුදු අයියෙ...
දළදා හාමුදුරුවන්ගෙ පිහිටයි .."දළදා හාමුදුරුවන්ගෙ පිහිටයි පොඩී ..
කෙල්ල හන්දියෙන් නොපෙනෙනකම් ඉදලා මම ආයෙත් ශොප් එක ඇතුලට ආවා...
YOU ARE READING
වස්සානය ....
Non-Fictionඅත්හරින්නට නොව .. අත්හැරෙන තැන් මතක් කරදීමට ... ආදරයෙන් රැකබලා ගත් අපගේ සුසුම් තනුව .. වස්සානය. . ඉතින් මේ වසන්ත වැස්සෙ තෙමෙන්න කාලයයි ..