වස්සානය
Chapter 02"වෝහ් යුෂ්...
මාර දූත කැල වගේ සෙනූ, පසිදු දෙන්නම මගෙ ඇගට කඩා පනිද්දි මට දෙලොව පොල් පෙනුනා ..
"නැගිටපියව්... නැගිටපියව් ...
අම්මපා වලව්ව ඇතුළෙ මගෙන් හුත් පද නාහා නැගිටපියව්...වැටිලත් තාම හිනා වෙන සෙනුවා,පසිදුවා දිහා බලාගෙන මම කියද්දි මුන් දෙන්නා බලන් ඉද්දිම පරල වෙලා ගියා ..
"ඔන්න බලාපන් .. ඕන්න බලාපං ... ඇස් කන් ඇරලා බලපල්ලා හරිද මහමුදලිගේ වලව්වෙ අනාගත හාමු මහත්තයා දුකට සැපට ඉන්න උන්නට කතා කරන ලස්සන ...
නැගිටලා ගිරිය පුප්පන් කෑ ගහපු මම දිහා බිම ඉදන් බලාගෙන සෙනුවා කියද්දි මම රැවුවා...
"අනේ අම්මපා මූනන් මහා හාමුවා වගේමයි ..මූනේ ලේ කදුලක් නෑ වෙලාවකට ..
පසිදුවා කියද්දි මම ඌටත් රැව්වා ..
මුන්ට විකාර .. බැරි වෙලාවත් අප්පච්චි උන්නා නම් ආයේ සතියකට හරියන්න අච්චු කරනවා හැදියාවක් නෑ කියලා රෙද්ද ..මම හිත හිතම එලියට බැස්සා .."ආයුෂ් .. දේවක හාමු එන්න කිව්වා කියලා පණිවිඩයක් ගෙදරට ඇවිත් තිබ්බා ..
මම ඒත් එක්කමයි මුන් දෙන්නා අරන් මෙහෙ ආවේ...ඕනම දේකට ඇරෙන්න කතා කරන්නෙ නැති යුගානයා මිදුලෙ මගෙ පිටි පස්සෙන් හිටගෙන කතා කරද්දි මම උගෙ පැත්තට හැරුනා...
"අප්පොච්චි උබලට කතා කරන්න තරම් දෙයක් වුනේ නෑ.. ඒත් පණීඩයක් තියේ ..හෙට කන්දෙ විහාරෙට දානේ.. ඒ ඇරෙන්ට හෙට දවල් දානෙට කලින් අවුල් පත් අරන් අස්ගිරි මහ විහාරෙට යන්ට තියෙනවා ..හවස තේවාවට දළදා මාළිගාවට යන්ට ඕන ..උබලට පුළුවන් නේද මං වෙනුවට ඒ වැඩ ටික කොරන්ට ..
මම බර කරලා කියද්දි මම දැක්කා යුගානයගේ ඇස් ගැස්සෙනවා ...
වෙලාවකට මම උන්ගෙ යාළුවා .. ඒත් වලව්වට පය ගහපුවාම මට වෙනවා නිලමෙ හාමු වෙන්න ..
අප්පුච්චා, සීයා තාත්තා , ලොකු අයියා නැත්තං මමයි වලව්වෙ ඉන්න එකම පිරිමි පරානේ ..ඉතින් මට සිද්ද වෙනවා වලව්වෙ හාමු ගෙ තැන වැඩ ටික සිද්ද කරන්න ..
දළදා මාලිගව එක්ක මහමුදලි වලව්වට තියෙන්නෙ අද ඊයේ ඉතිහාසයක් නෙවේ ..දළදා මළිගාවේ තේවාව නැකත් රාල බෙදුවට පස්සෙ මහ මුදලිවලව්වටත් රෝහා සිට්ටුව එවනවා ..ඒ ආවට පස්සෙ අපි අස්ගිරි විහාර පාර්ශවේ මහානායක හිමි හම්බෙලා අපිට අයිති තේවාව භාර ගන්න ඕන ..
ඉතින් හෙටත් ඒම දවසක් ..ඇසලෙට තව මාසයයි .. අපිට මේ මාසේ තේවා කටයුතු ..උඩට උඩු වියන් පයට පා වඩන් මුක වාඩම් බැදලා පේවෙලා කැපවෙලා කිලි අතෑරලා මේවා කරන්ට ඕන...පිරිමින්ට විතරයි කැප .. බවලත් උදවිය ගාව ගන්නෙ නෑ .. ඒවට තර්ක නෑ .. කවුරු හදපු නීතී වුනත් ඒවා එහෙමයි ..
YOU ARE READING
වස්සානය ....
Non-Fictionඅත්හරින්නට නොව .. අත්හැරෙන තැන් මතක් කරදීමට ... ආදරයෙන් රැකබලා ගත් අපගේ සුසුම් තනුව .. වස්සානය. . ඉතින් මේ වසන්ත වැස්සෙ තෙමෙන්න කාලයයි ..