"යුෂ් ... මචං දැන් හදිස්සියේ යන්නෙ ඇයි ...
කා එක කොටුවට දාලා අසේලයා අහද්දි මම ෆෝන් එකෙන් ඔලුව අහකට ගත්තා ... දැන් නොගියොත් වෙන්නෙ අහක යන යක්කු වලව්වට රිංගලා රීරී මාන්සෙ උරාබොන එක කියලා කියන්න ඈ..
"හදිස්සියක් නෑ බං .. ඒත් මම ගෙදරට දවස් 2 කින් එනවා කියලා ගියෙ නැත්තං රටේ නැති උත්තර බදින්න වෙනවා ..
අනික අපේ සුදුව අර මනුස්සය බන්දන්න හදන්නෙ ඒකටත් මොනවා හරි කරන්න ඕන බං ..මම කියද්දි අසේලයා මගෙ දිහා බලලා ආයෙත් ඉස්සරහ බැලුවා ..
"ඇයි සුදු නංගිට මොකාද පංගනාතු කරන්නෙ මේ පාර ..
"අර බං දැරනියගල වලව්වෙ දේවක ...
"අම්මට අර කළු කාවයියා නේත .. අවුලකුත් නෑ.. ඒත් සුදූ කැම්පස් යනව නේද ??
"හම් ...
"දහම් මොනව හරි කන්න ගන්නවද ?? උබ මොකුත් කෑවෙත් නෑ .. දැන් හයත් පහු වෙලා.. තාම අර දොලහට කාපු පාර නේද ??
"හ්ම් ඔය ස්ටේෂන් එක ගාව කෑම කඩෙන් නවත්තහන්කො ඒකෙන් කෑවේ නෑ ගොඩ කාලෙකින් ..
මම කියද්දි අසේලයා හිනා වෙලා කා පාර්ක් එකට කා එක දැම්මා ..ඉස්සර ස්කුල් යන කාලේ නම් මෙතනින් කන්න වරදින්නෙම නෑ .. පොඩි කාලේ ලොකු උන් වෙන්න මහ හින තියාන ඉස්සර අපි දහයක් විතර මේ මේසයක් උඩ සෙට් වෙලා කද්දි උන් කියනවා දවසක අපි හොද බිස්නස් කරද්දි මීට වඩා හොදට සෙට් වෙලා කමු කියලා .. ඒත් අද ඉතුරු ඒකයි දෙන්නයි .. උනුත් බිසී.. ඉතින් පොඩි කාලේ මගෙන් මම අහන්නෙම උබට ඇයි බං ලොකු වෙන්න ඕන වුනේ කියලා ...
"ගිහින් කාලා එමු ..
අසේලයයි මායි කාලා එහෙම අහපව් කා එක ගාවට එන ගමන් හිටියෙ ...
"ආහ් .. අනේ .. සොරි සොරි .. සමා වෙන්න...
"ඕහ් ඒකට කමක් නෑ ඔයා හොදින් නෙ ...
"ඔව් ස්තූතියි ..
"වරෙන් නියොල් වෙලා යනවා .. කෝච්චිය යයි ..
මං අසේලයා එක්ක කතා කර කර එද්දි මගෙ ඇගේ ලොකු ලගේජ් දෙකක් එක්ක බෑග්ස් දෙකක් දා ගත්ත පොඩි කොල්ලෙක් ඇවිත් හැප්පුනේ වැටෙන්න ගියපු කොල්ලව මම අල්ල ගද්දි...
VOCÊ ESTÁ LENDO
වස්සානය ....
Não Ficçãoඅත්හරින්නට නොව .. අත්හැරෙන තැන් මතක් කරදීමට ... ආදරයෙන් රැකබලා ගත් අපගේ සුසුම් තනුව .. වස්සානය. . ඉතින් මේ වසන්ත වැස්සෙ තෙමෙන්න කාලයයි ..