කට්ටියම ලියුම අහගෙන හිටියේ ගල් ගැහිලා වගේ. වැටෙමින් තිබ්බ කඳුලු වැල් හැමදෙනාගෙම අලුත් වෙලා තිබුනා.
Hs - ඇයි තේජින් අපෙන් උදව්වක් ඉල්ලුවේ නැත්තේ? ඇයි ඔයා මෙහෙම දුක් වින්දේ මල්ලී. මේ දේපලවල ඔයාටත් අයිතියක් තියෙනවනේ.
හොසොක් අඬන ගමන් කියවන්න ගත්තේ මල් දෙකක් වගේ ගෙදර හුරතලේට හැදුනු මල්ලීලා දෙන්න දැන් ඉන්න තත්ත්වය ගැන ඇති උන කම්පාවට.
Nj - එයා ආවා පුතේ අපෙන් උදව් ඉල්ලගෙන.
මෙච්චර වෙලා නිහඩව ඉදපු නම්ජුන්ගේ කටහඬට හැමොන්ටම නම්ජුන් දිහා බැලවුනා.
Hs - මොකක් ද අප්පා කියන්නේ?
තේජින් ඇත්තට කොරියාවට ආවේ නම්ජුන්ගේන් උදව් ඉල්ලන්න. තේජින් නම්ජුන්ව මුන ගැහිලා සැත්කමට අවශ්‍ය මුදල් නම්ජුන්ගේන් ඉල්ලුවා. නම්ජුන් කියන්නේ ආඩම්බරකාරයෙක්. තේජින් බේගම් එක්ක සම්බන්දයක් තියෙනවා කියලා දැන් ගත්තාම නම්ජුන් මැර පිරිසක් දම්මලා බේගම්ට හොදටම ගස්සවලා පවා තිබුනා. බේගම් කොරියාවේ හිටියොත් නම්ජුන් මරයි කියන බයටමයි බේගම්, තේජින් රටින් පිටවෙලා යන්නෙත්. දුප්පත් කොල්ලේක් උන බේගම් එක්ක පැනලා ගිහින් නම්ජුන්ගේ ගෞරවය විනාස කරපු නිසා තේජින් කියලා පුතෙක් එයාට හිටියාවත් කියලා මිනිස්සු දැන ගන්නවාට නම්ජුන් කැමති උනේ නෑ. නම්ජුන්ට තව පුතෙක් හිටියා කියලා එයාලා කලින් හිටපු ප්‍රදේශයේ අය දන්න නිසා තමයි නම්ජුන් ඒ පලාත අත හැරලා seoul වල පදිංචියට පවා එන්නේ. නම්ජුන්ට වැදගත් ම උනේ එයාගේ පරපුරේ නම්බුව, ගෞරවය උනු නිසා.
Nj - මම හිතුවේ සැත්කමට කියලා බොරු කියලා දුප්පත්කම ඉවසගන්න බැරුව ටයිගර් බේබි සල්ලී ඉල්ලනවා කියලා. මම හිතුවේ සල්ලි නැතුව එහෙම තව කාලයක් සැප සම්පත් නැතුව ඉන්නකොට එයා මගේ ලඟට ආයේ එයි කියලා.
නම්ජුන් ඔලුව බදාගෙන කෑ ගහලා අඬන්න ගත්තා.
Nj - මට මගේ ටයිටර් බේබිට එහෙම කරන්න ඕන උනේ නෑ. මම මේ සේරම හම්බකලේ ඔයාලා වෙනුවෙන්. මට ඕන උනේ මගේ බේබිව ආපහු මගේ ලඟට ගන්න විතරයි.
ගලක් වගේ හිටපු නම්ජූන් ඇඬුවා. එයාගේ මහන්තත්වකම නිසාම එයාට එක පුතෙක් දැනටම නැති වෙලා ඉවරයි. තව පුතෙක් ජීවිතයත් මරනයත් අතර සටනක ලොකු පුතාගේ ඇස් වලින් පෙන්නේ අප්පා පිලිබඳ තියන අප්‍රසාදය.
තේහ්‍යුන්ග් හා තේජින් ඉපදුනු දවසේමයි ඔම්මා නැති වෙන්නේ. ඒදා ඉදන් නම්ජුන් තමා මේ දෙන්නාව උස්මහත් කලේ. ලොකු වෙනකොටත් මොන වැඩ තිබ්බාත් ලමයි තුන්දෙනා උදේට පාසලට එක්කන් ගියා. කොටින්ම කිව්වොත් කොච්චර ලොකු බිස්නස් එකක අයිතිකරයෙක් උනත් ඒ වැඩ පැත්තක දාලා ලමයිගේ කෑම බීම ගැන පවා නම්ජුන් බැලුවා. නම්ජුන් කියන්නේ ආදරනීය තාත්තා කෙනෙක්. ආදරේට නම්ජූන් හොසොක්ට කතා කලේ sunshine කියලා වෙනකොට තේජින් ටයිගර් වගේම තේහ්‍යුන්ග් බෙයා උනා. දරුවන්ට පන වගේ ආදරේ කරපු නම්ජුන් ලමයි තුන්දෙනාම හැදුවේ රාජකුමාරවරු වගේ.
💜️💚💜️💚💜️💚💜️💚💜️💚💜️💚💜
❤️තේජින් පව් කියලා හිතෙන්නේ නැද්ද? එයා ආදරේ වෙනුවෙන් කරපු කැපවීම ගැන මොකද හිතෙන්නේ?
YOU ARE READING
Forgive The Mistake (Taekook)
FanfictionJk - මොකා එක්කද කීයපන් උබ අද shilla seoul hotel එකේ හිටියේ... කියපන්.. Tae - මම.. මම.. ජි..මින් එක්ක ගි..යේ.. ජන්කුක්.. අපි shopping mall එකට විතරයි ගියේ.. තේහ්‍යුන්ග් අඩන ගමන් වචන එකතුකරලා බොහොම අමාරුවෙන් කතා කලා. Jk - බොරු කියන්න එපා බල්ලෝ.. අද ම...