17

1.4K 127 1
                                    

නිවුන් කෙනෙක්ට තමාගේ අනික් නිවුන් කෙනා නැති වෙන එක දරා ගාන්න බැරි දුකක්. නිවුන් සහෝදරයෝ දෙනෙක් අතර තියෙන්නේ පුදුම සම්බන්දතාවයක්. ඒක විද්‍යාත්මකව ඔප්පු කරන්න බැරි උනත් එතන අරුම පුදුම බැදිමක් තියෙනවා.

තේහ්‍යුන්ග්, තේජින් කියන්නේ ඒ වගේ උපන්දවසේ ඉදන් ඒ වගේ තද බැදීමකින් ජිවත් උන දෙන්නෙක්. පොඩි කලේ ඉදන්ම ඔම්මා නැති උන නිසා ඒ දෙන්නට හිටියේ ඒ දෙන්නනා විතරයි.

මේ දින තුන ඇතුලතදී නම්ජුන් එයාගේ සියලු බලතල පාවිච්චි කරලා බේගම්ගේ සිරුරත් ඇමරිකාවෙන් කොරියාවට ගෙන්න ගත්තා වගේම තේජින්ගේ සහ බේගම්ගේ සිරුරු එකම වලක, එකම පෙට්ටියක මිහිදන් කලා. පන තිබ්බ කාලේ නම්ජුන්ට මේ තීරනය ගත්තා නම්, තේජින්ගේ ආදරේ තේරුම් ගත්තා නම් අද මේ දේවල් මීට වඩා ලස්සනට ඉවර වෙන්න තිබ්බා. නම්ජුන්ට අන්තිම වශයෙන් කර ගන්න පුළුවන් අන්තිම දේ වුනේ පොලොවමත නිදන මොහොතේ හෝ එයාලගේ ශරිර එකට තියන එක විතරයි.

නම්ජුන්ට දුකයි. පපුව පැලෙන්න තරම් දුකයි. එයා බලාපොරොත්තු උනා කවදාහරි එයාගේ ටයිගර් බේබි එයා ලඟට ආයේ එයි කියලා ඒ වගේම එයාගේ ටයිගර් බේබි එයා ලඟට ආවා. ඒත් ඒ වේලාවෙ නම්ජූන් ගත්තේ වැරදී තීරනයක්. එයා ගත්ත එක මෝඩ තීරනේන් එයා මලක් වගේ පරිස්සමෙන් හදපු දරුවා ගණිකාවක් වෙලා මිනිස්සු ගානක් අතින් දුෂනය උනා කියන දේ නම්ජුන්ට ගෙනාවේ දරාගන්න බැරි වේදනාවක්. අනික් අතින් තේහ්‍යුන්ග්. තේහ්‍යුන්ග් මෙහෙම වෙන්නත් හේතුවේ මුල බැලුවාම ඉන්නේ නම්ජුන්. නම්ජුන් එදා තේජින්ට සල්ලි දුන්නා නම් තේජින් ගණිකාවක් වෙන්නේ නෑ. තේජින් එහෙම නොවුනා නම් ජන්කුක් වැරදි වැටහීමක් ඇති කරගෙන තේහ්‍යුනග්ට මේ වගේ වද දෙන්නේ නෑ.

නම්ජුන් එයාගේ personal gun එක අරන් වෙඩි තියාගෙන මැරෙන්න හැදුවත් හොසොක් එක අහම්බෙන් වගේ දැකලා නතර කලා. තේජින් ගැන බලන්න බැරි උන එකේ තේහ්‍යුන්ග් ගැනවත් දැන් බලන්න කියලා හොසොක් අප්පාගෙන් ඉල්ලුවා. තේහ්‍යුන්ග් සිහිය ආපු වේලාවට අප්පාත් නැති උනොත් එයාලා තේහ්‍යුන්ග්ට මොනවද කියන්නේ..

හතරවෙනි දිනයේදී තේහ්‍යුන්ග්ට සිහිය ආවා. ජන්කුක් හිටියේ තේහ්‍යුන්ග් ඇඳ ලඟින් පුටුවක් තියාගෙන වාඩි වෙලා. දවස් ගානක් නිදිමරලා මහන්සියටම ඇඳට ඔලුව ගහගෙන ජන්කුක්ට නින්ද ගියා. ජිමින් සහ යුංගි සෝෆා එකට වෙලා හිටියා. එකවරම හුරුපුරුදු උනුසුම් ඇඟිලි ජන්කුක්ගේ හිසකෙස් අතරින් ගමන් කරනවා දැනුන නිසා ජන්කුක් ගැස්සිලා ඇහැරුනා. ඇස් උස්සලා බලපු ජන්කුක් සිහිය ඇවිත් හිටපු තේහ්‍යුන්ග්ව එක දිගට සිපගන්න ගත්තා.

 ඇස් උස්සලා බලපු ජන්කුක් සිහිය ඇවිත් හිටපු තේහ්‍යුන්ග්ව එක දිගට සිපගන්න ගත්තා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
Forgive The Mistake (Taekook)Where stories live. Discover now