ආදරනීය අප්පා, හියුන් හා මගේ මල්ලී වෙත,
මම දන්නේ නෑ මේ ලියුම ඔයාලට ලැබෙයිද කියලාවත්. එත් මට මගේ හිතේ තියන අන්තිම වචන ටික කියලා නිදහස් වෙන්න ඕනේ.
මට සමාවෙන්න මේ තීරනය ගන්න උනාට. විශේෂයෙන්ම අප්පා මට සමාවෙන්න ඔයාගේ නම්බුව ගෞරවය නැති කරලා දැම්මට. මම බේගම්ට ගොඩක් ආදරේ කලා. මට මොනම දෙයක්වත් එයාට වඩා වටින්නේ නෑ. මම එකයි හැමදේම අත හැරලා මගේ දුප්පත් බේගම් එක්ක ඇමරිකාවට පැනලා ගියේ. මුදල් නැතිව අපේ ජීවිත ගොඩක් දුෂ්කර උනත් අපි එක වේල කාල හරි සතුටින් ආදරෙන් හිටියා. අපි දෙන්නාම මහන්සි වෙලා රස්සාවල් කලා. අපිටම වෙන්උන එක පොඩි කාමර කෑල්ලේ මගේ ජිවිතේම තිබ්බා.
ඒත් ඒ ජීවිතේ අපිට අවුරුද්දක්වත් ගෙවන්න උනේ නෑ. බේගම් එකපාර සැරින් සැරේ ලෙඩ වෙන්න ගත්තා. මුලින් මුලින් ලෙඩේ නොතකා හිටියත් පහුවෙනකොට දරුනු තත්ත්වය ආපු නිසා බේගම්ව රෝහල් ගත කරන්න උනා. එහෙදී දැන ගත්තේ බේගම්ට වකුගඩු නරක් වෙලා තියෙන්නේ කියලා. සුව කර ගන්න නම් හැකි ඉක්මනින් බේගම් ට වකුගඩුවක් බද්ධ කරන්න උවමනායි. මම වකුගඩු දෙන්න කැමති උනත් ඒත් සැත්කමට අවශ්‍ය මුදල් මගේ ලඟ තිබ්බේ නෑ. ඇමරිකාවේදී මට මුදල් හොයා ගන්න විදිහක් නැති නිසා මම කොරියාවට ආයේ ආවා.
මෙහෙ දී මගේ ඉරනම තවත් වෙනස් උනා. මට මුදල් හොයා ගන්න වෙන ක්‍රමයක් තිබ්බේ නෑ. ඉක්මනින් සල්ලී හොයන්න නම් මට ගණිකාවක් වෙන්න උනා. මේ මාස 7ට පිරිමි කීදෙනෙක්ට මම යට උනාද කියලා මම දන්නේ නෑ. සමහර club එකට එන customers ලා මම වෙනම contact කරගෙන දවල්ටත් hotel වලට ගිහින් සල්ලී හෙව්වා. බේගම්ට එන්න එන්නම අමාරු වෙන නිසා සැත්කම ඉක්මනින් කරගන්න.
මට මාවම අප්පිරියයි. සමහර මිනිස්සු පැය ගනන් මට වද දෙනවා. මම නැගිට ගන්න බැරුව බඩගාපු දවස් ඕන තරම් ඇති. බඩාගාන් ගිහින් හරි ඇඟපත් සෝදගෙන මම ඊලඟ customer වෙනුවෙන් ලෑස්ති උනා.
මම මේ සේරම ඉවසුවේ මගේ ආදරේ වෙනුවෙන්. මට එයා වෙනුවෙන් කරන්න බැරි දෙයක් තිබ්බේ නෑ. මම මිනිස්සු මගේ ඇඟ රස බලනකල් මම මගේ හිතින් හිටියේ මගේ බේගම් ලඟ. තවත් මට හිතින්වත් ලඟට වෙලා ඉන්න බේගම් කෙනෙක් නෑ. අඩුම තරමේ අන්තිම වතාවටවත් අපිට අපි දෙන්නව දැක ගන්නවත් ලැබුනේ නෑ. මගේ බේගම් මාස 7ක් තිස්සේ hospital එකක තනියම ඉඳලා මැරිලා ගිහින්. ඉතිං මමත් දැන් ඉදලා මොකටද මගේ බේගම් නැතිව. මම කරපු කැපකිරීම් ගඟට කපපු ඉනි වගේ. මම විදපු වේදනාවෙන් කිසිම පලක් උනේ නෑ. අනේ අවසන වතාවටවත් මට එයාගේ ඇස් දිහා බලන් ආදරේ කියන්න තිබ්බා නම්. එහෙමවත් ලැබීමක් නැති පව්කාරයෙක් මම.
අප්පා, හියුන්, මගේ මල්ලී ආයෙත් කියන්නේ මට සමාවෙන්න. මම ඔයාලා තුන්දෙනාටත් ගොඩක් ආදරෙයි. ඔයාලට මම හැමදාම ආදරේයි.. ආදරේ කරනවා..
මීට
කිම් තේජින්

YOU ARE READING
Forgive The Mistake (Taekook)
FanfictionJk - මොකා එක්කද කීයපන් උබ අද shilla seoul hotel එකේ හිටියේ... කියපන්.. Tae - මම.. මම.. ජි..මින් එක්ක ගි..යේ.. ජන්කුක්.. අපි shopping mall එකට විතරයි ගියේ.. තේහ්‍යුන්ග් අඩන ගමන් වචන එකතුකරලා බොහොම අමාරුවෙන් කතා කලා. Jk - බොරු කියන්න එපා බල්ලෝ.. අද ම...