12

1.4K 129 5
                                    

මුලින්ම එයට පෙනුනේ පාවෙන කකුල් දෙකක්

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

මුලින්ම එයට පෙනුනේ පාවෙන කකුල් දෙකක්. ඒ පාවෙන කකුල් දෙක තේහ්‍යුන්ගේ.. ජන්කුක්ට එක හොයා ගන්න බැරි නෑ. කකුලේ තිබ්බා තේහ්‍යුන්ග් අවුරුදු ගානක් තිස්සේ ආසාවෙන් දාන එයාගේ පාදසලඹ. පියවී සිහියට ආපු ජන්කුක් ඉක්මනින් ම තේහ්‍යුන්ග් කකුල් දෙක උස්සලා බෙල්ල හිර නොවෙන්න අල්ල ගත්තා.

ඒත් එක්කම room එකට යතුරත් අරන් ආපු වේටර් හා කළමනාකරුවෙක් වගේම ජිමින් කාමරේට ඇතුල් උනා.

Jk - අනේ කවුරු හරි මේ පටිය ලිහන්න. මගේ තේහ්‍යුන්ග්ට අමාරුයි. යූංගියා මේක ලිහපන්...

ජන්කුක් කෑ ගහන්න ගත්තේ පිස්සෙක් වගේ. ඇඳ උඩට නැගපු යුංගි ෆෑන් එකේ ටයි පටියකින් එල්ලී එල්ලි තිබුන තේහ්‍යුන්ගේ සිරුර ලිහිල් කලා. ජන්කුක් එහෙන්මම තේහ්‍යුන්ග්ව දොතට අරගෙන ඇඳ උඩින් තිබ්බා.

සිහිය ගන්න වතුර ගැහුවත් මේ වෙනකොට පරක්කු වැඩි. තේහ්‍යුන්ග් නොඑන්නම මේ ලෝකෙන් ගිහින් හිටියා.

Jm - යුංගි ඩොක්ටර් කෙනෙක්ට කතා කරන්න ඉක්මනින්.

Yn - ඔයා කොයි වෙලේද ආවේ?

Jm - ඒ මගුලද දැන් මෙතන වැදගත් ?

යුංගි Ambulance එකකට call කරලා වෙලා තියෙන ප්‍රශ්නේ දැනුම් දුන්නා.

ජන්කුක් දැනටත් මිය ගිහින් ඉන්න තේහ්‍යුන්ගේ මිනිය බදාගෙන උමතුවෙන් වගේ කියව කියව අඬනවා.

Jk - අනේ.. අනේ.. මගේ රත්තරන් ඇස් ඇරලා බලන්න මගේ දිහා. මම තරහා නෑ. ඔයා.. ඔයා ආයේ ඕන දෙයක් කරන්න. ඕන කෙනෙක් එක්ක sex කරන්න. මම ගහන්නේ බනින්නේ නෑ. අනේ මාව දාලා නම් යන්න එපා. මට.. මට දරා ගන්න බෑ දෙයියනේ... මම නිසාද මේ සේරම උනේ? අනේ මට සමාව දෙන්න පැටියෝ. මට සමාවදෙන්න... අනේ මගෙන් ඈත්වෙන්න එපා. මට ඔයා නැතුව ජිවත්වෙන්න බෑ..

තේහ්‍යුන්ග් සිප ගනිමින් තමාව දලා යන්න එපා කියලා ජන්කුක් විලාප දෙමින් අඬන හඬ කාටවත් ඉවසන්න බැරි උනා. බලන් ඉන්න අයගේ පවා ඇස්වලට ඒ දර්ශනේ කඳුලු පුරවන්න සමත් උනා. තේහ්‍යුන්ග්ව දැකපු ජිමින් සිහිසුන් වෙලා වැටුනා.

ටිකකින් සිහිය ආපු ජිමින් තේහ්‍යුන්ග් ඉන්න ඇඳ ලඟට දුවගෙන ගියා.

Jm - ඇයි ඔයා මෙහෙම කලේ ටේටේ? ඔයාට ඔයාගේ යාලුවටවත් ඔයාගේ ප්‍රශ්නේ කියන්න තිබ්බා. ඇයි මෙහෙම කර ගත්තේ? අඩුම තරමේ දැන් විනාඩි ගානකට කලින් මම ඔයාට call කල වෙලාවේවත් ඇයි ඔයා මට මුකුත් කිව්වේ නැත්තේ?

ජිමින් එක හුස්මට කියව කියව අඬනවා.

Yn - ඔයා දැන් තේහ්‍යුන්ග්ට call කලාද? එහෙනම් අපි එනවා කියලා දන්න නිසා ජන්කුක්ට මූන දෙන්න බැරි නිසා තේහ්‍යුන්ග් එල්ලීලා මැරුනද දන්නේ නෑ.

යුංගි කතාවට ජිමින්ගේ දුක තවත් වැඩි උනා.

Jm - අනේ ඔයා මම නිසාද මැරුනේ ටේටේ..

වරද තමුන් පිට දාගෙන ජිමින් තවත් හයියෙන් තේහ්‍යුන්ග් ගේ මිනිය බදාගෙන ඇඬුවා.

Jm - පොඩ්ඩක් ඉන්න...

ජිමින් ඇස් දෙක ජිල්බෝල සයිස් කර ගත්තා.

Jm - මේ ඉන්නේ තේහ්‍යුන්ග් නෙමෙයි.

Forgive The Mistake (Taekook)Where stories live. Discover now