Chapter 29

5.4K 578 121
                                    

නින්දේ උන්න අයුක ඇහැරුණේ ෆෝන් එක රින්ග් වෙන සද්දෙට උනත් ඒ කවුද කියලාවත් නොබලා ෆෝන් එක කට් කරලා දැම්මා.ඒත් වැඩක් නෑ..කොල්ලාට නිදාගන්න දෙන්නෙම නෑ.
පස්වෙනි වතාවටත් නාදවෙන දුරකථනය අයුක අතට ගත්තේ අම්මා මුත්තාවත් නොබලා අමතන්න උනත් අනිත් පැත්තෙන් ඇහුණු හඩත් එක්ක කොල්ලාගේ කට ඔටෝම වැහුනා.

" මොන මඟුලක්ද යකෝ කරන්නේ..කෝල් කීයක් ගත්තද කියපංකෝ..ඕක රෙද්ද අස්සේ ගහාගෙන මඟුලක් කරනවද..?ඒකපාරක් ගත්තාම අන්සර් කරන්න බැරි.."

උදේ පාන්දර යුග්මගේ කේන්තියෙන් පිරුණු කටහඬ ඇහෙද්දි අයුක ෆෝන් එක පොඩ්ඩක් එහාට කරා.නින්ද කොහේ ගියාද දන්නෙත් නෑ.ඇමතිතුමා ඇදෙන් නැඟිටලා කෙලින් වෙලත් ඉවරයි.

" නින්දේ ගියා ඕයි..මොන මඟුලක්ද..?"

" මං ඊයේ කිව්වානේ තමුසෙට.."

" හරි හරි ඉතින්..නින්දේ ගිය එකට මං මොනා කරන්නද..?"

" තේ හදන්න කියාදෙනවා දැන් මට.."

" ආදරෙන් කියන්න.."

" මට බෑ.."

" ආදරෙන් කියන්නකෝ පැටියෝ..."

" විකාර.. වීඩියෝ ඔන් කරන්න.."

" ඒව්..මේ උදේ පාන්දර වලත්තකම් කරන්න එන්න එපා හරිතේ..."

"  අසහනේද තමුසෙට..රෙද්දක් කියවනවා..මට මේක හදන විදිහ කියා දෙනවා.."

ෆෝන් එක kitchen island එකට හේත්තු කරපු යුග්ම ටිකක් පහත් උනේ එයාව අයුකට පේන විදිහට.අර්ම් කට් බැනියම නිසා යුග්මගේ නිරුවත් අත් දෙක හොඳට පේනවා.ගාණට maintain කරන නිසාම ඒවාගේ පිම්බුණ මසල්ස් යුග්මට ගෙනාවේ ශක්තිමත් පෙනුමක්.බැනියම් කරෙන් පපුවේ වැවුණු රෝම පේනවා වගේම අයුක වගේ shave නොකරන නිසා කිහිලි වල රෝමත් පේනවා.ඇත්තටම ඒ රෝම කොල්ලාට ගෙනාවේ අමුතු කඩවසම් ගතියක් එක්ක මෝරපු පෙනුමක්.

" තමුසෙට උදේ පාන්දර මෝල කරවෙලාද ඔහොම බලන් ඉන්නේ මගේ දිහා.."

" වැඩේමයි..ඇත්තමයි යුග්ම...තමුසේ රොමෑන්ටික් වෙන්න දන්නෙම නැද්ද ඕයි..?"

" අනේ මේ ඔය තොදොල් කිරිලි මගේ ළඟ නෑ..අනික මං එහෙම කරන්න කැමති නම් කෙල්ලෙක් හරි ලාමක ටිං ටිං කොල්ලෙක් හරි හොයා ගන්නවා.."

යුග් (නුඹ වෙනුවෙන් Season 2)Where stories live. Discover now