මේ අත දනී දුන් හැටි බැට නිමක් නැතී
මේ මුව දනී දුන් නොසරුප් බැනුම් වැසී
අනේ ගහා බැනපු කිසිවක් හිතේ නැතී
පාළුයි මගේ පැල අඳුරුයි පබාවතී...සුදු පාට බිත්ති වලින් වට වුණු උස ගොඩනැගිල්ලක 12 කලා A පන්තියේ ළමයින්ට චූටි කොට සර් කෙනෙක් උගන්නවා..සර් හරි කඩවසම්..කඩවසම් කියනවටත් වඩා ලස්සනයි , හුරුබුහුටි..
ඉස්කෝලේ නිමා වෙන්න කලින් අන්තිම පීරියඩ් එකේ අන්තිම විනාඩි පහළොව තමා මේ ගෙවිලා යන්නේ..හැබැයි වෙන විශයන් වල වගේ නෙවෙයි ළමයි කවුරුත් ඉස්කෝලේ අරින්න ළඟ නිසා එහේ මෙහේ ඇඹරෙන්නේ දගලන්නේ නෑ.සර් කියලා දෙන පාඩම අහන් ඉන්නවා.සමහර කොල්ලෝ නම් සර්ගේ මූණෙන් ඇස් අහකට ගන්නේ නෑ..මොකද බලන් ඉන්න බලන් ඉන්න ආස හිතෙන පෙනුමක් තමා සර්ට තියෙන්නේ.
" ළමයි..දැන් බලන්න අපේ යමුනා මලනී මහත්මිය මේ කවි පන්තියෙන් තවත් හොඳට පැහැදිලි කරලා දෙනවා...සේහස්...මොනවද ඔය ඩෙස් එක යට තියාගෙන කන්නේ...තනියම කන්න එපා පැටියෝ..සර්ටත් ටිකක් දීලා කාපංකෝ..ඇයි යකෝ..අපිටත් රස නහර තියනවනේ..."
"සර් කැන්ටිමෙන් ගත්ත පකඩයක්...එකක භාගයයි ඉතුරු.."
" දීපං දීපං ගෙනත්..උඹලා තනියම කන්නේ පන්තියම එක්කහු වෙලා මට නැතිව..."
අනේ ඉතින් සර්ටත් වඩා උස කොල්ලෙක් කකා හිටපු පකඩෙන් ඉතිරි වුණූ චූටි කෑල්ල සර්ගේ අතට දුන්නා.
විනාඩි පහළොව සර්ගේ සුරාසඬ සැමි වලප කවි විස්තර කිරීමත් එක්ක ගෙවිලා ගියේ නොදැනීම වගේ.
" එහෙනම් කොල්ලනේ හෙට එද්දි මේ කවි පන්තිය ගැන ඔයාලට හිතෙන දේ විචාරකයක් ලියාගෙන එන්න ඕනි...මං හැමෝගෙම පොත් බලනවා..ආයුබෝවන් එහෙනම්..."
" ආයුබෝවන් සර්.."
නැණස් පාදා දිදී ඇල්මෙන්
සුමගේ මා යවා නිතින්
ජීවිතේ ඔප් නැගූ පින්වත්
ගුරුන්ගේ පා වදිම් වදිම්.." පරිස්සමට ගෙවල් වල යන උන් ගෙවල් වල පන්තිවල යන උන් පන්ති වලට පලයල්ලා එහෙනම්..."
සර් යන්න නැගිටිද්දි ආයුබෝවන් කියපු ළමයි හැම පීරියඩ් එකක් අවසානෙම කියන ගුරුන්ට වදින ගාථාව කියද්දි වචන වල ලොකු ආදරණිය බවක් ගෑවිලා නොතිබුණත් ළමයින්ට ආශිර්වාද කරපු චූටි සර් යන්න ගියේ යාළුවෙක් වගේ එයාලාට සමීප සර් දිහා ළමයි ආදරෙන් බලන් ඉද්දි.
YOU ARE READING
යුග් (නුඹ වෙනුවෙන් Season 2)
Non-Fictionආවා නම් කියෙව්වා නම් කමෙන්ට් එකක් දාලා පලයං...