Chapter 62

5.2K 666 178
                                    

අයුක හොඳට kitchen island එක උඩ ඉදගෙන නෙහාරට යුග්ම ගැන කේලම් කියනවා.නෙහාරත් ඒවාට හොඳට පොහොර දානවා.ටික

" ඔයාට කියන අම්මා...මං කොච්චර එපා කිව්වත් තාප්පේ පිටි පස්සෙන් පැනලා මගේ කාමරේ ඇතුලට රිංගනවනේ..."

" මොකක්...?"

නෙහාරගේ ඇස් බෝල බෙලා පපුවත් මිරික ගත්තා බයටම.

" නෑ අම්මා...මේ පලවෙනි දවසේ විතරයි risk එකක් උනේ..ඊට පස්සේ දවසේ ඉදන් මං guardලාට වත්ත පිටිපස්ස තහනම් කරනවා පොඩි තර්ජනයක් දාලා..."

" ඒ උනාට පුතේ.."

" ඒක ඇත්ත අම්මා..මං නම් කියන්නේ බනින්න අම්මා...අනික අම්මා දන්නවද..මූ මට තර්ජනේ කරලාමයි මාව යාළු කර ගත්තේ..අනික අම්මේ දවසක් පැයක්ම මාව පාරේ රස්තියාදු කරා..bodyguardලා එක්ක එන්නත් එපා කියලා..මං තව දෙන්නෙක් එක්ක විතරයි හිටියේ..ඒ මදිවට අම්මේ එදා කේන්ති ගිහින් එයාම යතුර විසික් කරලා අර bodyguardලා ඉස්සරහාම මට කිව්වා යතුර හොයලා දීපං කියලා..."

" දෙවියනේ..ඇයි මේ කොල්ලා මෙච්චර නපුරු...අනික මොලයක් නැද්ද ඔයා එහෙම පාරවල් වල රස්තියාදු වෙන්න හොඳ කෙනෙක් නෙවෙයි කියලා..අනික මොනා හරි කරදරයක් උනා නම් එහෙම..මොන දෙවියන්ට කියන්නද..?"

" අනික අම්මා..මං මෙච්චර රෙස්පෙක්ට් පිට ඉන්නවා මගේ guard  අයව බය කරන්..මේ මිනිහා එක දවසින් මගේ නම්බුවේ සුදු රෙද්දම මඩේ දාලා හේදුවානේ.."

" අප්පා වගේමයි පුතා කියන්නේ බොරුවටද ඉතින්.."

" අම්මේ..මේ..මේ කේක් ඔයාද හැදුවේ අනේ..පට්ට රසයිනේ.."

" අහ්...ඔව් පුතේ..රට ඉදි කේක් එකට තමා ඔය අප්පච්චි පුතයි දෙන්නාම ආස...මං ඉතින් ඔය හදලා තියනවා..වෙනදාට උණුවෙන්ම කෑල්ල දෙන්නේ අප්පච්චිට...අද ඔයාට තමා මං දුන්නේ..."

" හී...හී...තැන්ක් යූ අම්මා..මේක නම් ඇත්තටම රසයි හොඳේ..."

" ඔයා කැමති මොන කේක් වලටද..?"

" මං ආසම බටර් කේක්..හැබැයි මැද අයිසින් ලේයර් එකක් ඕනි.."

" මං දවසක හදලා දෙන්නම්කෝ.."

" මට ආයේ කවදා එන්න වෙයිද දන්නේ නෑ මෙහේ.."

" මං අපේ එක්කෙනා අතේ එවන්නම්කෝ..ම්ම්.."

යුග් (නුඹ වෙනුවෙන් Season 2)Where stories live. Discover now